කිංබානට්‌

ඉසෙඩ් ස්‌කෝර් සහ ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය


විභාග අවුල තාම ලිහිලා නෑ.

කිං බානට්‌තුමා මේ ගැන හොයන්න කැබිනට්‌ එකේ කට්‌ටිය හම්බ වුණා.

"මොකක්‌ද ඇත්තටම වෙලා තියෙන්නේ?"

කිං බානට්‌තුමා විමසා හිටියා.

"මේකයි මචෝ උණේ...විභාගය ඇදලා දුන්නා...අපි සේරම නාගත්තා..."

ධන සෘණ ඇමතිතූමා කෙටියෙන්ම පැහැදිලි කෙරුවා.

"දැන් රටේ වැඩ සිද්ධ වෙන්නෙ හරියට අර ටේලර් අප්පුහාමිලාගේ දොන් පුෂ්පකුමාර වේලාරත්න ජනාධිපතිතුමාගේ කාලේ වගේනෙ..."

කිං බානට්‌තුමා ඇහැව්වා.

"නෑ මචෝ...අපි ඊට වඩා ආතල් ආණ්‌ඩුවක්‌...අපි ළඟ ඕන ප්‍රශ්නයකට ආතල් එක කන් දෙකෙන් බේරෙන විස`ඳුම් තියෙනවා..."

එහෙම කිව්වේ තමන්ගේ විෂය පථයට අදාළ නැති ඕනම විෂයක්‌ ගැන ප්‍රෙස්‌ කොන්ෆරන්ස්‌වල සංවේදීව කරුණු දක්‌වන අපේ ඩල් අලස්‌තුමා.

"එතකොට ඉසෙඩ් ස්‌කෝර් අවුලට තියෙන ආතල්ම විසඳුම මොකක්‌ද...?"

කිං බානට්‌තුමා ඇහැව්වා.

"මේකයි මචෝ...ඕක තනිකරම කොම්පියුටර් ජිල්මාට්‌ එකක්‌...මං දන්නෙ නැද්ද විභාග දෙපාර්තමේන්තුවේ බුවාලා ගැන..."

ඩල් අලස්‌තුමා කිව්වා.

"එතකොට මිනිස්‌සු හිතුවොත් පහුගිය ජනාවරණෙත් කොම්පියුටර් ජිල්මාට්‌ එකක්‌ කියලා...?"

කිං බානට්‌තුමා ප්‍රශ්න කළා.

"අම්මට සිරි... ඇත්ත නේන්නං..."

ඩල් අලස්‌තුමා මයික්‍රfපෝනය ධන සෘණ ඇමැතිතුමාට බාර කෙරුවා.

"මගේ නං අදහස ඉල්ලුම හා සැපයුම් න්‍යායයෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක්‌ දෙන්න පුඑවන් කියන එකයි..."

ධන සෘණතුමා ප්‍රකාශ කළා.

"ඒ කියන්නේ?..."

කිං බානට්‌තුමා හොල්මන් වෙලා ගිහින් ඇහුවා.

"මේක හරි සරලයි. අපේ කැම්පස්‌වලට ඉල්ලුමට අනුව සපයන්න බෑනේ... ඒ නිසා අපි සැපයුමට අනුව ඉල්ලුම කප්පාදු කරලා...මංඤං කරලා...ෆුල් අංඤකොරොස්‌ කරලා දානවා...ගිය සුමානේ මට එකෙක්‌ කොන්දක්‌ නෑ කිව්වා... ඕවා මහ ඇමැතිකම හැලුණට දුකේ කියන කතා...එයා ඒ කාලේ හරියට ඉංගී්‍රසි ඉගැන්නුවා නං අද වෙනකොට ඌරුවරිගේ වන්නියෑලැත්තොත් ල් කඩ්ඩෙන් වැඩ දෙන්න ඕන..."

ධන සෘණ තුමා ටොපික්‌ එකෙන් පිට පැනලා කොන්දක්‌ තියෙනවද කියලා අතගාලා බලලා උත්තර දුන්නා.

"එතකොට ඔබතුමාගේ විසඳුම මොකක්‌ද?"

කිං බානට්‌තුමා විකට්‌ පොල්ලකින් දතක්‌ හාර හාර හිටපු අලුත් ගමගෙදර ඇමැතිතුමා ගෙනුත් ඇහුවා.

"මං නං කියන්නෙ උසස්‌ පෙළ ද... සාමාන්‍ය පෙළ ද... ඕන මළදානයක්‌ අපට ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායයෙන් විසඳන්න පුඑවන්..."

අලුත් ගමගෙදර ඇමැතිතුමා අලූත්ම න්‍යායයක්‌ එළියට දැම්මා.

"අපේ කැබිනට්‌ එකේ බුද්ධිමත්භාවය නිරූපණය කරන කැඩපතක්‌ වගෙයි ඔබතුමා නං...ඔය ඩක්‌වර්ත් ලුවිස්‌ ගොයියා ගැන තව විස්‌තර කිව්වා නං..."

කිං බානට්‌තුමා අලුත් ගමගෙදර ඇමැතිතුමාව මුරුංගා අත්තේ උඩින්ම තිබ්බා.

"වන්ඩේ මැච් වැස්‌සට නතර කළාම අම්පයර්ලා හොරෙන්ම ඩක්‌වර්ත් ලුවිස්‌ට කෝල් කරලා අහනවා...මචෝ නා කපන්න වහිනවා... දැන් මොකද කරන්නෙ කියලා... එතකොට ඩක්‌වර්ත් ලුවිස්‌කාරයා හිතට එන ගාණක්‌ කියලා දිනන්න ඕන නං ඔය ගාණ ගහපිය කියලා කියනවා... අපිට ඒ විධියටම උසස්‌ පෙළ කොල්ලො ටික අන්නවන්න පුඑවන්..."

අලුත් ගමගෙදර ඇමැතිතුමා පැහැදිලි කළා.

"එතකොට වැහි නීතිය උසස්‌ පෙළ විභාගෙට අදාළ වෙන්නෙ කොහොමද?"

කිං බානට්‌තුමා නෝ බෝල් පන්දුවක්‌ දැම්මා.

"ඇයි බං උසස්‌ පෙළ තියෙද්දී මෙහාටත් දෙරණ පළන් වැස්‌සෙ..."

අලුත් ගමගෙදර ඇමැතිතුමා එහෙම කියලා කට ගන්නත් කලින් වැහි නැති අකුණක්‌ විභාග දෙපාර්තමේන්තුව පැත්තට පාත් වුණා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.