ආගමික අන්තවාදයකට ඉඩ දිය යුතුද?
ආසියාවේ විශාලතම සාහිත්‍ය උළෙල පැවැත්වෙන්නේ ඉන්දියාවේ ජායිපූර් නගරයේදීය.
රාජස්‌ථාන් ප්‍රාන්තයේ අගනුවර වන ජායිපූර් හි පැවැත්වුණු මෙවර සාහිත්‍ය උළෙලට
ප්‍රධාන ආරාධිතයෙක් ලෙස සලමන් රුෂ්ඩි සහභාගිවීමට නියමිතව සිටියේය. එහෙත් මුස්‌ලිම්
ආගමිකයන්ගේ විරෝධය නිසා ඔහුට එම සාහිත්‍ය උළෙලට සහභාගිවීමට නොහැකිවූ අතර අවසානයේ
වීඩියෝ හරහා සජීවීව පිටරටක සිට එම උත්සවය ඇමතීමේ අවස්‌ථාවද අහිමි කරනු ලැබීය. මේ
ගැන උරණවූ රුෂ්ඩි ප්‍රකාශ කර සිටියේ ඉන්දීය දේශපාලකයන් අන්තවාදීන් සමග යහන්ගතවී ඇති
නිසා තමාට ජායිපූර් සාහිත්‍ය උළෙලට සහභාගිවීමට නොහැකි වුණු බවයි.
ඉන්දියාව හින්දු රටක් වුවද පකිස්‌ථානයට වඩා මුස්‌ලිම් ජනකායක් එරට වෙසෙයි. ලෝකයේ
දෙවැනියට වැඩිම මුස්‌ලිම් ජනගහනයක් වෙසෙන්නේ ඉන්දියාවේය. මුස්‌ලිම් අන්තවාදය නිසා
ඉන්දියාව බැටකන බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය දිනවල ආගමන හා විගමන
දෙපාර්තමේන්තුව මගින් විදේශ ඉස්‌ලාමීය ආගමික ගුරුවරුන් 161 කට වහාම රටින් පිටවන ලෙස
නියෝග කිරීම පිළිබඳව පුවත්පත්වල පලවිය. මෙලෙස පිටුවහල් කිරීමට නියෝග දුන් පිරිස අතර
පකිස්‌තාන, බංගලාදේශ, ඉන්දියානු, මාලදිවයින් සහ අරාබි රටවලට අයත් පුද්ගලයන්ද විය.
මේ පිරිස අයත්වන්නේ තබ්ලින්හි ජමාත් කණ්‌ඩායමටය. මේ ආගමික නිකාය ආරම්භ කරනු ලැබුවේ
1926 ඉන්දියාවේදී මොහොමඩ් ඉල්ලියාස් අල්කන්ඩාමි නම් පුද්ගලයා විසිනි. මුස්‌ලිම්
ජාතිකයන් සිය ආගමට වඩාත් සමීප කිරීමේ අරමුණින් පිහිටුවාගත් මේ කණ්‌ඩායම දැන් ශ්‍රී
ලංකාව පුරා අතු විහිදවා ඇත.
තබ්ලින්හි ජමාත් සංවිධානය ලොව පුරා සිය අතුඉති විහිදවා ඇත. නැගෙනහිර ලන්ඩනයේ අක්‌කර
18 ක ප්‍රදේශයක් පුරා විහිදෙන යුරෝපයේ ලොකුම මුස්‌ලිම් දේවස්‌ථානය ඉදිකිරීමට මේ
කණ්‌ඩායම සූදානමින් සිටියේය. එහෙත් ජනතා විරෝධය නිසා එම පල්ලිය කුඩාවට සෑදීමට තීරණය
කරනු ලැබීය. කෙසේ නමුත් මේ පිරිස මේ බෞද්ධ රටේ සුළුතරයක් වන මුස්‌ලිම් ප්‍රජාව සමග
එක්‌වී සිදුකරන්නේ කුමක්‌ද? ආගමික ඉගැන්වීම් සිදු කරන්නේ නම් කමක් නැත. එහෙත් ඒ
හරහා තවත් ආගමික යුද්ධයක් ඇති කිරීමට උත්සාහ ගන්නේදැයි පැහැදිලිව සොයා බැලිය
යුතුය.
සුන්නි මුස්‌ලිම් ආගමිකයන් අතර සුෆි නිකායට අයත් මෙහි සාමාජිකයන් ඇමරිකානු හමුදා
විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තනාවෝ කඳවුරේද රඳවාගෙන ඇත. ඉන්දීය ආරක්‍ෂක අංශ පවසන්නේ
මොවුන් හා අල් ඛයිඩා සංවිධානය අතර සම්බන්ධයක් පවතින බවයි. ඉකුත් වසරේ දිල්ලියේ
මහාධිකරණයේ පුපුරා ගිය බෝම්බය පිටුපසද මොවුන් සිටින බවට ප්‍රකාශ විණි.
තබ්ලින්හි ජමාත් සංවිධානයේ අනුගාමිකයෝ රටවල් 150 ක් පුරා පැතිර සිටිති. මෙරට
කටුනායක ගුවන් තොටුපළින් සංචාරක වීසා ලබා පැමිණි පිරිස ඉගැන්වූයේ අන්තවාදය මිස
සාමාන්‍ය මුස්‌ලිම් ඉගැන්වීම් නොවන බවට මුස්‌ලිම් ආගමිකයන්ගෙන්ම රජයට පැමිණිලි ලැබී
තිබිණි. ඒ අනුව මේ සංවිධානයට මධ්‍යස්‌ථ මුස්‌ලිම් ආගමිකයන්ගෙන්ම විරෝධය එල්ල වන බව
පැහැදිලිය. දෙමළ ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට තවත් තලේබාන් ව්‍යාපාරයක්
අවශ්‍ය නැත. මේ අන්තවාදය නිසා ඇෆ්ගනිස්‌ථානය ලොව අසාර්ථකම රාජ්‍යයක් වී ඇත.
පකිස්‌තානය බලවත් අර්බුදකාරී තත්ත්වයට ඇද වැටී තිබෙන්නේ මේ ආගමික අන්තවාදී උමතුව
නිසාය. එම උමතුවට මෙරට මුස්‌ලිම් තරුණ ප්‍රජාව පිලිපැදිය යුතු නැත. එවැනි උමතුවක්
පැතුරුණ හොත් එය විනාශ කරන්නට වන්නේ පිරිත් පැන් ඉස නම් නොවේ. ලෙයින් සහ යකඩින්.
ප්‍රභාකරන්ගේ නාසිවාදය නිසා වැඩියෙන් බැටකෑවේ දෙමළ ජනතාවයි. මුස්‌ලිම් ප්‍රජාවද මේ
තබිලිගින්a ජමාන් මූලධර්මවාදයට බිලිවන්නේ නම් වැඩියෙන්ම බැට කන්නේ ඔවුන් බව
පැහැදිලිය.
ආගම පැතිරවීමේ අරමුණින් ප්‍රචණ්‌ඩත්වය පැතිරවීම කිසිවකුට අනුමත කළ හැකිද? මද්රාශා
හරහා මේ පිටරටින් පැමිණි ආගමික උලමාවරු කවරක් ප්‍රකාශ කළේද යන්න හොඳින් සොයා බැලිය
යුතුය. මන්ද නැගෙනහිර පළාතේ දැනටමත් අන්තවාදී කණ්‌ඩායම් හිස ඔසවමින් පවතින බවට
බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන තිබිණි. මෙම සංවිධානයේ සාමාජිකයන් මාලදිවයිනට පැමිණ
ආගමික කටයුතුවල නිරතවීමේදී විවිධ ගැටලු ඇතිවිය. විශේෂයෙන්ම ඔවුන් සුෆි නිකායේ
අදහස් සාමාන්‍ය මුස්‌ලිම් ඉගැන්වීම්වලට වඩා ප්‍රකට කිරීමට උත්සාහ දැරීම මේ
අර්බුදයට හේතු විය. මීට වසර කිහිපයකට පෙර කාතන්කුඩියේද සුෆි ආගමික නිකායට අයත්
පිරිස හා අනෙක් කණ්‌ඩායම් අතර දරුණු ගැටුමක් ඇතිවූ අතර මේ අර්බුද විසඳීමට ආරක්‍ෂක
හමුදාවද කැඳවන්නට සිදු විය.
තබ්ලින්හි ජමාන් ආගමික කණ්‌ඩායමේ කාන්තාවන් සම්පූර්ණයෙන්ම ශරීරය වසාගෙන එනම් හිජාබ්
ඇඳුමෙන්ම සිටිය යුතු බව ප්‍රකාශ කරති. ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් යුවතියක්
ඇෆ්ගනිස්‌ථානයේ කාන්තාවන් ලෙස සිටීමට කැමති වෙයිද යන්න ප්‍රශ්නයකි.
නයිජීරියාව අද ආගමික යුද්ධයක පැටලී ඇත. එහි ක්‍රියාත්මක වන අන්තවාදී මුස්‌ලිම්
කණ්‌ඩායම බොකෝ හාරාම් උතුරු නයිජීරියාව පුරා බෝම්බ පුපුරවමින් ක්‍රිස්‌තියානි මෙන්ම
මුස්‌ලිම් ජාතිකයන්ද මරා දමයි. බොකෝහාරාම් සංවිධානයද මුලින්ම ආරම්භ කෙරුණේ ආගමික
පාසලක් වශයෙනි. අද එය අප්‍රිකාවේ තලෙබාන් සංවිධානයයි. තබ්ලින්හි ජමාන් සංවිධානය
උත්සාහ කරන්නේ තවත් බොකෝ හාරාම් සංවිධානයක් වීමටද මේ ආගමික අන්තවාදය ගැන රජය මෙන්ම
ආරක්‍ෂක අංශද සෝදිසියෙන් සිටිය යුතුව ඇත. අපට තවත් ආගමික ත්‍රස්‌තවාදයක් අවශ්‍ය
නැත.
චතුර පමුණුව