13 ඉක්‌මවා යන බලයක්‌ දුන්නොත්
හෙළ උරුමය හා ජානිපෙ ආණ්‌ඩුවෙන් ඉවත්වෙයිද!

ඉන්දීය විදේශ අමාත්‍ය එන්. එම්. ක්‍රිෂ්ණා මහතා විසින් ප්‍රකාශ කරන ලද 13 වැනි සංශෝධනය ඉක්‌මවන බලයක්‌ පළාත් සභා සඳහා ලබාදීමට පියවර ගතහොත් රජයට සම්බන්ධ පක්‍ෂ දෙකක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වීමට යන බව "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා වේ.

කැබිනට්‌ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා විසින් 13 ට වැඩි බලයක්‌ ලබාදීමට රජය කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් "දිවයින" කරන ලද විමසීමකදී මේ බව වාර්තා විය.

ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණ විසින් 13 ඉක්‌මවා යන බලයක්‌ ලබාදීමට එරෙහිව කිහිපවරක්‌ම ප්‍රකාශ නිකුත් කළ අතර 13 ඉක්‌මවා යන බලයක්‌ ලබාදීම රජයේ නිල ප්‍රතිපත්තිය නම් සන්ධානයේ තවදුරටත් රැඳී සිටීම පිළිබඳව එම පක්‍ෂ මේ දිනවල සාකච්ඡා පවත්වන බව ද තවදුරටත් වාර්තා වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.