
ගොවි විශ්‍රාම වැටුපත්
අහවරද
රටක
බලය වන්නේ ගොවියාය. රටට බත සපයන්නේ ද ගොවියාය. මඩ සෝදා ගත් කල
ගොවියා රජකමට පවා සුදුසු වේ. මේ ගොවියා ගැන සඳහන් ප්‍රකට
කියමන් ය. රොබට් නොක්‌ස් පවා එදා හෙළදිව ග්‍රන්ථයේ සඳහන් කොට
ඇත්තේ අපේ ඇත්තන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැන බවය. මිනිසා
විසින් කළ හැකි උසස්‌ම රක්‍ෂාවත් ගොවිතැන බව ඔහු සඳහන් කොට
ඇත්තේය.
ගොවියා ගැන සඳහන් මේ කියමන් ඇතැම් විට අදට වලංගු වන්නේ ද නැත.
කෙසේ වුවද බලයට පත්වන සෑම රජයක්‌ම ගොවි ජනතාව කෙරෙහි විශේෂ
අවධානයක් යොමු කරති. ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම
සඳහා විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරති.
සත්තකින්ම ගොවි ජනතාව මහපොළොව සමඟ ඔට්‌ටුවෙමින් දහඩිය කඳුළු
වගුරුවමින් තම ජීවිකාව කරගෙන යන්නේ නොයෙකුත් දුක්‌ගැහැටවලට
ලක්‌වෙමිනි. ඔවුනට මෙම රැකියාව කරගෙන යා හැක්‌කේ ද ගතේ හයි
ශක්‌තිය තිබෙන තාක් කල් පමණි. මේ නිසා ගොවි ජනතාවට ජීවිතයේ
සැදැ සමය සතුටින් ගත කිරීම සඳහා විශ්‍රාම වැටුපක් ලබා දීමට
ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය
ආරම්භ කරනු ලැබීය.
ඒ හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ ගාමිණී ජයසූරිය මහතාගේ අදහසකට
අනුවය. 1987 අංක 12 දරන ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ
ප්‍රතිලාභ යෝජනා ක්‍රම පනත යටතේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය
1987 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබීය. කෘෂිකර්ම හා
පශු සම්පත ප්‍රධාන ජීවන මාර්ගය කරගත් වයස අවුරුදු 18 ට නොඅඩු
59 ට නොවැඩි ගොවීන්ට මෙකී යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාගත හැකිය.
මෙකී යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා ගන්නා ගොවීන් අවුරුදු 60 සිට
ජීවිතාන්තය දක්‌වා විශ්‍රාම වැටුපකට හිමිකම් ලබති. මීට අමතරව
ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා සිටින කාලය
තුළදී සාමාජිකයා මියගියහොත් පූර්ණ හා අර්ධ බෙලහීනතාවකට
පත්වුවහොත් ප්‍රතිලාභ හිමි වේ.
මෙකී යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලැබීමට පෙර දායකයාට
සිදුවන ආපදාවකදී රු. 50000/} ක උපරිමයකට යටත්ව පූර්ණ බෙලහීනතා
වන්දි මුදලක් සමඟ තැන්පත් කළ ශුද්ධ වාරික මුදල හා පොලිය ද
ආපසු ලබාදීම, එම ප්‍රතිලාභය නොගන්නේ නම් පූර්ණ බෙලහීනතාව සිදු
වූ දිනයේ සිට මාසික දීමනාවකට හිමිකම් ලබාදීම.
විශ්‍රාම වැටුප ලැබීමට ප්‍රථම අර්ධ බෙලහීනතාවට පත්වුවහොත් රු.
25,000 ක උපරිමයකට යටත්ව වන්දි මුදලක් හා ශුද්ධ වාරිකමුදල හා
පොලිය ද ආපසු දීම එම මුදල ලබා නොගන්නේ නම් වයස සම්පූර්ණ වූ දින
සිට ජීවිතාන්තය දක්‌වා විශ්‍රාම වැටුපක් මාසිකව ලබාදීම,
විශ්‍රාම වැටුප් ලැබීමට ප්‍රථම දායකයා මියගිය අවස්‌ථාවකදී රු.
5000/} ක්‍ෂණික මරණාධාරයක් උරුමකරුට ලබාදීම.
මේවා මෙකී යෝජනා ක්‍රමයට දායක වූ ගොවීන්ට ලැබෙන ප්‍රතිලාභයන්
ය. මෙම යෝජනා ක්‍රමය ආරම්භයේ මිලියන 12.5 ක මුදලක් මේ සඳහා
ආයෝජනය කරනු ලැබීය. සෑම වසරකම මිලියන 75 බැගින් මෙකී යෝජනා
ක්‍රමයට බැර කිරීමට තීරණය වුවද එය ලබා දුන්නේ වසර පහකි.
කෙසේ වුවද මේ වන විට මෙකී යෝජනා ක්‍රමයට දායක වූ ගොවීන්ට ලැබෙන
මාසික විශ්‍රාම වැටුප නතර කොට දමා ඇත. මේ සඳහා දායක වූ ගොවි
ජනතාව මේ නිසා දැඩි විස්‌සෝපයට පත්ව සිටිති. වාරික මුදල් ගෙවා
දහසකුත් වූ බලාපොරොත්තු ඇතිව මෙම යෝජනා ක්‍රමයට දායක වී ඇති
ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයටය. ලැබෙන විශ්‍රාම වැටුප
රුපියල් දහසක් වුවද සැඳෑ සමයේ පසුවන ගොවි ගෙවිලියන් උප තැපැල්
කාර්යාලයට ගොස් මෙම විශ්‍රාම වැටුප ලබා ගන්නේ ඉමහත් සතුටකිනි.
ඇතමුන් පිනට, දහමට පවා දායක වීම සඳහා තමන්ට ලැබෙන මෙම සොච්චම්
විශ්‍රාම වැටුප යොදා ගනු ලැබීය. ගොවීන් මෙකී විශ්‍රාම වැටුප
ලබා ගත්තේ මහත් අභිමානයකිනි. විශ්‍රාම වැටුප නතර කර දැමීම
ඔවුන්ගේ හිතට දුකකි. සැබැවින් ම අපේ රටේ ගොවි ජනතාව රජයේ
සේවකයන් මෙන් වරප්‍රසාද හා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා
උද්ඝෝෂණය කරන්නේ නැත. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විරෝධතා
ව්‍යාපාර පවත්වන්නේ නැත. ඔවුහු ගොවිතැන තම ජීවිකාව වශයෙන්
කරගෙන යන්නේ මහත් අභිමානයෙනි.
කෘෂි රක්‍ෂණ මණ්‌ඩලයේ ගණන් හිලව්වලට අනුව ගොවි විශ්‍රාම වැටුප්
යෝජනා ක්‍රමය සඳහා දායක වී ඇති ගොවීන් සංඛ්‍යාව නවලක්‍ෂ
පනස්‌නව දහසකි. මේ වන විට ගොවි විශ්‍රාම වැටුප ලබා ගනිමින්
සිටි ගොවීන් සංඛ්‍යාව අනුඑක්‌දහස් හත්සිය අනූතුන්දෙනෙකි. ඒ
2011 වසරේÊසැප්තැම්බර් මාසය වන විටදීය. එමෙන්ම විශ්‍රාම වැටුප්
ලැබීමට හිමිකම් කියන ගොවීන් සංඛ්‍යාව මාසිකව වැඩි වේ.
ගොවි විශ්‍රාම වැටුප නතර කිරීම නිසා දැඩි ලෙසට අසරණ තත්ත්වයට
පත්ව ඇත්තේ වාරික මුදල් ගෙවා වයස අවුරුදු හැට සම්පූර්ණ වූ
ගොවීන් ය. නො එසේ නම් විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලැබූ
ගොවීන් ය. එම සංඛ්‍යාව ද අනූඑක්‌දහසක් පමණ වන බැව් පැවසේ. එම
ගොවීන් ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට දායක වුවද, කිසිදු
වරප්‍රසාදයක් ලබා නොගත් ගොවීන් ය. අඩුම තරමින් එක් මාසයක්
හෝ විශ්‍රාම ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත.
මේ නිසා තමන් දුක් මහන්සියෙන් හම්බ කොට වාරික වශයෙන් ගෙවූ
මුදල්වත් නැතිවීම ගැන ගොවීන් දැඩි කනස්‌සල්ලට පත්ව සිටිති.
ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මාසිකව මිලියන අනූ තුනක අනූ
හතරක මුදලක් අවශ්‍ය වේ. මේ වන විට ගොවි විශ්‍රාම වැටුප
වෙනුවෙන් මිලියන 6590 ක මුදලක් ගොවීන්ට ගෙවා ඇත.
ගොවි විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වන්නේ කෘෂිකාර්මික ගොවිජන
රක්‍ෂණ මණ්‌ඩලය මගිනි. වර්තමානයේ මෙකී ආයතනය අයත්ව ඇත්තේ මුදල්
අමාත්‍යාංශයට ය. දැන ගන්නට ඇති පරිදි ගොවීන්ට ගොවි විශ්‍රාම
වැටුප් ගෙවීමට ඇති විශ්‍රාම වැටුප් අරමුදල 2010 වසරේ අගෝස්‌තු
මාසය වන විට සම්පූර්ණයෙන් ම ශූන්‍ය වී ඇත.
එතැන් සිට ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුප ගෙවා ඇත්තේ කෘෂි රක්‍ෂණ
මණ්‌ඩලයෙන්, ධීවර විශ්‍රාම වැටුප් අරමුදලින් හා වෙනත්
ප්‍රතිපාදන යොදා ගෙනය. ඉකුත් වසරේ (2011) නොවැම්බර් මාසයේ සිට
ගොවි විශ්‍රාම වැටුප නතර කොට ඇත.
ගොවි විශ්‍රාම වැටුප නතර කිරීම නිසා එයින් විස්‌සෝපයට පත්
ගාල්ලේ ගොවීන් පිරිසක් ඉකුත්දා ගාලු නගරයට පැමිණියේ මේ ගැන
රජයේ බලධාරීන්ට කන්නලව් කිරීමටය. සාමාන්‍යයෙන් වැඩි වශයෙන්
විරෝධතා හා උද්ඝෝෂණවලට එක්‌වන්නේ තරුණයන් ය. මෙදා ගාලු නගරයට
පැමිණ සිටියේ වයස අවුරුදුÊහැටපැන්න අපේම ගොවි මහත්වරු හා
ගෙවිලියන් පිරිසකි.
ගොවි විශ්‍රාම වැටුප මාස හතරකින් ලැබුණේ නැහැ. මේ විශ්‍රාම
වැටුප නතර කිරීම ගැන රජය ලැඡ්ජා වියයුතුයි. කෘෂිකර්මයට මැති
ඇමැතිවරු රොත්ත බුරුත්තක් හිටියත් මේ ගැටලුවට විසඳුමක් නැහැ.
මෙම විරෝධතාවට එක්‌ව සිටි කරන්දෙණියේ ගොවි විශ්‍රාම වැටුප්
ලාභීන්ගේ සංගමයේ සභාපති පියරත්න හරිස්‌චJද්‍ර මේ ගැන අපට කීවේ
දැඩි කනස්‌සල්ලෙනි.
ගොවියා ගැන මහත් උජාරුවෙන් පුරසාරම් දොඩවන බලධාරීන් මෙකී
ප්‍රශ්නයෙන් ඔවුන් මඟහරින බව ද ගොවීහු පවසති. මෙකී යෝජනා
ක්‍රමයට දායක වූ ගොවීන් අතරින් මුලින්ම ගොවි මහතෙකුට ගොවි
විශ්‍රාම වැටුප ප්‍රදානය කොට ඇත්තේ 92 වසරේදීය. ඒ ඛෙත්තාරාම
ක්‍රීඩාංගණයේදී පැවැති ගොවි සමුළුවකදී ය.
මුලින්ම මාසිකව හිමි වූ විශ්‍රාම වැටුප් මුදල රුපියල් දෙසීයකි.
ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් එම මුදල රුපියල් පන්සියයක්
දක්‌වා වැඩි කළේය. චJද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිතුමිය
විශ්‍රාම වැටුප් මුදල රුපියල් දහසකින් වැඩි කළාය. ගොවීන් පවසන
ආකාරයට වත්මන් රජය මගින් ගොවි විශ්‍රාම වැටුප නතර කොට තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් මෙරට ගොවි ජනතාවට සුවිශේෂිවූ
සේවාවන් කරන බව සැබෑය. පොහොර මිටිය රුපියල් තුන්සිය පනහට දෙන
බවද සැබෑවකි. ඒ ගැන ගොවීන් සතුටු විය යුතුය.
එහෙත් සමස්‌ත ලංකා ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ගේ කැඳවුම්කරු
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මේ ගැන පවසන්නේ වෙනම
කතාවකි.
පසුගිය කාලයේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු මෙකී අරමුදලෙන් විවිධ
උත්සව සඳහා අරමුදල් ලබාගෙන තියෙනවා. මාවිල්ආරු වන්දි ගෙවීමට
මෙම අරමුදලින් රුපියල් කෝටි දහඅටක් ලබාගෙන තියෙනවා. මේ වනතුරු
එම මුදල ගෙවා නැහැ. කෘෂිකර්මය නගාසිටුවන බවට රජය කොතරම්
පාරම්බෑවත් අද ගොවියාගේ ගොවි විශ්‍රාම වැටුප නතර කරලා. ගොවි
විශ්‍රාම වැටුප් අරමුදල තර කිරීමට මහා භාණ්‌ඩාගාරය මගින් මුදල්
වෙන් නොකිරීම ගැන දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.
රත්න ගමගේ පවසන ආකාරයට ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට
දායක වූ ගොවීන් ගෙවන වාරික මුදල් තැන්පත් වන්නේ භාණ්‌ඩාගාර
බිල්පත් වල හා
සුරැකුම්පත්වලය. වැඩිම මුදල් ප්‍රමාණයක් ආයෝජනයවී තිබෙන්නේ
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේය.
කෙසේ වුවද ගොවිජන සංවර්ධන අමාත්‍ය එස්. එම්. චJද්‍රසේන මහතා
පවසා ඇත්තේ ගොවීන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවය.
කෘෂි රක්‍ෂණ මණ්‌ඩලයේ සභාපතිනි නීතිඥ සුමනා ආරියදාස මහත්මිය
පවසන්නේ මූල්‍ය අර්බුදයක් නිසා විශ්‍රාම වැටුප ගෙවීමට නොහැකි
වී ඇති බවය.
ලාලිත් චාමින්ද |