මතු පරපුර උදෙසා රකිමු වෙරළාශ්‍රිත තෙත් බිම්

තෙත්බිම් හෙවත් පාලු වැඩකට නැති භූමියක්‌ නොවේ. පරිසරය ගැන කිසිම ලැදිකමක්‌ නොදන්නා සුළු පිරිසක්‌ උeඑක්‌බාs - උasඑක්‌බාs ලෙස සලකා තෙත් බිම් ගොඩකර නිවාස, සංචාරක හා වෙනත් ඉදිකිරීම් සිදුකිරීමට පෙළඹ ඇත. තෙත් බිම් ප්‍රයෝජනයක්‌ නොමැති පරිසරයක්‌ පද්ධතියක්‌ නොවන අතර, එය පොදු මහත් මිනිසාට පොදුවේ වැදගත්වන ජෛව විවිධත්වයෙන් අනූනවූ පාරිසරික නිෂ්පාදනාගාරයක්‌ බව කිවයුතුය. ක්‍ෂුද්‍ර ශාක විශේෂ ශාක ප්ලවාංග වල සිට අලි ඇතුන් වැනි විශාල ක්‍ෂීරපායි සතුන් දක්‌වා පුළුල් වූ පරිසරයක්‌ තුළ විහිදී ගිය ජෛව විවිධත්ව යකින් තෙත්බිම් සමන්විත වී ඇත. තවද ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල ද තෙත් බිමේ වැඩෙන ශාකයකි. තෙත් බිම් වල ඇති ශාක වල විශේෂතාවය වනුයේ දීර්ඝ කාලයක්‌ ඔරොත්තු දෙන පසෙහි වෙනස්‌වීම් නොවන විවිධ අනුවර්තන ජලය හැකියාවන් ඇති ශාක ප්‍රජාවක්‌ වශයෙනි. තවද කරදිය සහ මිරිදිය මිශ්‍ර වූ කිවුල් ජලය සහිත පරිසර වල වැඩෙන කඩොලාන ශාකය තෙත් බිමේ අපූර්ව නිර්මාණයකි.

සුවිශේෂී පාරිසරික වැදගත්කමකින් සමන්විත මෙම තෙත් බිම් වල වැදගත්කම නොදන්නා ඇතැම් මිනිසුන් තෙත් බිම් ගොඩකිරීම් සිදුකරති. පරිසර පද්ධතියට ඇති බලවත් තර්ජනයකි. මෙම ලිපියේ අරමුණ වන්නේ විශේෂයෙන් මුහුදු වෙරළ ආශ්‍රිත තෙත් බිම් පරිසර පද්ධතියේ වැදගත්කම පහදා දීම හෝ ඒ තුළින් මතු පරපුර උදෙසා මෙම වටිනා තෙත් බිම් පරිසර පද්ධතිය රැක ගැනීමයි.

ඉරානයේ රම්සා නගරයේ දී 1971 ඇති කරගත් රම්සා තෙත් බිම් පිළිබඳ සම්මුතියට අනුව බාදිය මට්‌ටමේ සිට මීටර් 06 කට මුහුදු පෙදෙස්‌ ඇතුළත්ව ගලා යන හෝ නි7ශ්චලව පවතින මිරිදිය කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්‌ථිරව යටවී ඇති ස්‌වභාවික හෝ කෘතිම ඉඩම් තෙත් බිම් ලෙස සැලකේ.

මුහුදු ආශ්‍රිත තෙත් බිම් මොනවාද?

කි.මී. 1600 ක්‌ පමණ වූ ශ්‍රී ලංකාව වටා වෙරළ කලාපයේ ඉතා වැදගත් වූ ස්‌වභාවික තෙත් බිම් බොහොමයක්‌ පිහිටා ඇත. ඒවා අතර කලපු හා ගංගා මෝය, කොරල්පර කඩොලාන ප්‍රදේශ මුහුදු හා කලවාන වගුරු විශේෂිත වේ.

කලපු හා මෝය

කලපු යනු මුහුදට ආසන්නව ඇති යම් ආකාරයකින් ඛාදනයක්‌ හෝ බොහෝ කාලයක්‌ මුහුදු ජලය ඇති මිරිදිය කිවුල් දිය උපරිම ලවණතාවයකින් යුත් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතියකි. උදා( මඩකලපුව, යාපන කලපුව, රැකව කලපුව, කෝවිලායි කලපුව, පුත්තලම හා හලාවත කලපුව සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් හෙක්‌ටයාර් 03 ට වැඩි කලපු 89 ක්‌ පමණ ඇත. ඉන් අඩක්‌ හෙක්‌ටයාර් 1000 ට වැඩි විශාලත්වයක්‌ ආවරණය කරන කලපු වේ.

ගංගා මෝය යනු සාපේක්‍ෂ ලෙස පටු ආරක්‌ ඔස්‌සේ ගඟ දිගේ සෘජුව මුහුදට ජලය මුදාහරිනු ලබන ස්‌ථානයක්‌ කැලණි ගං මෝය, කලු ගං මෝය මේ සඳහා උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ සමස්‌ථයක්‌ වශයෙන් මෝය 45 ක්‌ පමණ ඇති අතර, ඉන් 28 ක්‌ ගංගා මෝය ගණයට අයත් හා 17 ක්‌ කඩොලාන මෝය වේ.

කොරල්පර

කොරල්පර හෙවත් ගල්මල් සාගර පතුලේ සිට ඉහළට විහිදී ඇති දැඩි ව්‍යqහයක්‌ වන අතර, ඒවා සෑදී ඇත්තේ ජෛවි සංඝටක වන හිරිගල් හා කොරලයින ඇල්ගාවන් ශ්‍රාවය කරනු ලබන කැල්සියම් කාබනේට්‌ මගින් මේ ඇල්ගාවන් කොරල්පර වලට අවශ්‍ය ඔක්‌සිජන් සහ ආහාර සැපයීම කරයි. ශ්‍රී ලංකාවේ කොරල්පර වැඩිපුරම ව්‍යාප්තව ඇත්තේ කල්පිටිය, මන්නාරම, ත්‍රිකුණාමලය, හික්‌කඩුව, උණවටුන, තංගල්ල, පාසිකුඩා යන වෙරළ තීරයන් වලය.

මුහුදු තෘණ

මුහුදු තලාවන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ බහුලව දක්‌නට ඇත. ඒවා කලපු, මෝය පරිසර පද්ධති ආශ්‍රිතව ව්‍යාප්ත වේ. විශේෂයෙන්ම පුත්තලම, මීගමුව, මාවැල්ල, කොග්ගල, කෝකිලායි, යාපනය, මඩකලපුව මෝය හා කලපු ආශ්‍රිතව මුහුදු තෘණ දැකිය හැකිය.

ලවන වගුරු

ලවන වගුරුද ඉතා වැදගත් තෙත් බිම් විශේෂයකි. පසේ ඉහළ ලවන සාන්ද්‍රණයකට ඔරොත්තු දෙන කුඩා ලවන පැලෑටි වලින් ලවන වගුරු ශාක ප්‍රජාව සමන්විත වේ. මේවා උදම් කලාප වල සාගර ජලයෙන් යටවන ප්‍රදේශවල දක්‌නට ලැබේ. හම්බන්තොට, පුත්තලම, කල්පිටිය, මූන්දලම වැනි ප්‍රදේශ වල මෙම ලවන වගුරු වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත. දිවයින පුරා ඇති ලවන වගුරු වල විශාලත්වය හෙක්‌ටයාර් 23800 ක්‌ පමණ වේ.

තෙත් බිම් වැදගත් වන්නේ ඇයි

1. තෙත් බිම් මත්ස්‍ය විශේෂ වලටද ඉස්‌සන්, කකුළුවන් ගේ ලාබාල අවධි වලදී බෝවෙන ස්‌ථාන ලෙස ද නොයෙක්‌ පක්‍ෂීන්ට, උරඟ විශේෂ වලට මෙන්ම ක්‍ෂුද්‍ර සත්ත්ව විශේෂ වලටද වාසස්‌ථාන සපයයි.

2. තෙත් බිම් ගං වතුර පාලනයට උපකාරී වේ. අද අප රටේ පවතින ප්‍රධාන ව්‍යසනයන් වන ගං වතුර කාලවලදී පොළව මතුපිටින් ගලායන ජලය ගබඩා කර ගැනීමට තෙත්බිම් වලට හැකියාව ඇත. තෙත් බිම් දෙආකාරයකින් ගංවතුර පාලනයට උපකාරී වේ. එනම් ගොඩබිම්වල වූ වගුරු පස වැඩිපුර ජලය රඳවා ගැනීම සිදුකරයි. තවද තෙත් බිම්වල තුරුලතා ගං වතුර ගලා යන වේගය පාලනය කරන බාධකයක්‌ ලෙස ක්‍රියා කරයි. මේ නිසා ගංවතුරින් වන හානිය පාලනය කිරීමට තෙත් බිම් ඉතා වැදගත් වේ.

3. තෙත් බිම් ජලය පිරිසිදු කරයි. තෙත්බිම් හරිත පෙනහලු ලෙස හඳුන්වයි. එනම්, තෙත් බිම් වල ඇති විශේෂ ශාක පරිසරයට පාරිභෝජනයට සුදුසු තත්ත්වයෙන් ජලය පවත්වා ගැනීමටත් දූෂිත ජලය පිරිසිදු කිරීමටත් හැකියාව ඇත. තෙත් බිම් වල බහුලව දක්‌නට ඇති ජපන් ජබර වැනි ශාක වලට ජලයට මුසුවී ඇති විෂ සහිත රසායනික සංයෝග අවශෝෂණය කිරීම තුළින් ජලය පිරිසිදු කිරීමේ හැකියාවන් ඇත.

4. තෙත් බිම් වල තුරුලතා මගින් වෙරළ ඛාදනය පාලනය කරනු ලැබේ. විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශ වලදී ද ගංගා මෝය අසලදී ගංගා ඉවුරු අසල ද සිදුවන වෙරළ ඛාදනය පාලනය කරයි. මේ ශාක මගින් රළ පහරේ වේගය පාලනය කරනු අතර, තෙත් බිම් ආශ්‍රිත ශාක ප්‍රජාව ආරක්‍ෂක බාධකයක්‌ සේ මුහුදු ඛාදනයට එරෙහිව ක්‍රියාකරයි. තවද තෙත් බිම් ආශ්‍රිතව ඇති තුරු ලතා නිසා සුළං වේගය අඩුවී සමුද්‍ර ඛාදනය පාලනය කිරීමට දායක වේ.

5. තෙත් බිම් දේශීය/විදේශිකයන්ට විනෝදාස්‌වාදය ලබාදෙන අතර, ඒ අනුව සංචාරක කර්මාන්තයේ වර්ධනය තෙත් බිම් ඉතා වැදගත් වේ.

6. තෙත් බිම් රැකියා උත්පාදනය කරදීමට දායක වේ. විශේෂයෙන් ධීවර කර්මාන්තයද ඉස්‌සන් හි ජලජීවී කර්මාන්තයද තෙත් බිම් ආශ්‍රිතව සිදුවන ආර්ථිකමය වැදගත්කමක්‌ ඇති ජීවනෝපායන්ය.

7. තෙත් බිමෙන් මිනිසාට විවිධ වූ ඖෂධ සපයයි. ඕලු, වැටකෙයි, ලුණුවිල, කොහිල හා කදුරු වැනි ශාක තෙත් බිම්වලට ඖෂධීය වැදගත් කමක්‌ ඇති ශාකවේ. තවද තෙත් බිම්වල දැකිය හැකි කිරල වැනි කඩොලාන ශාක විශේෂ වලින් රසවත් පානයක්‌ ලබාගත හැකිවේ.

8. විශේෂයෙන් පාසල් විෂය නිර්දේශයන්ට මෙම තෙත් බිම් පරිසර පද්ධතීන් පිළිබඳ ඇතුළත් වන බැවින් පාසල් සිසුන්ගේ අධ්‍යාපන, පර්යේෂණ කටයුතු සඳහා ද විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙන්ම පරිසරවේදීන්ගේ විවිධ අධ්‍යයනයන් හා පර්යේෂණයන් සඳහා මෙම තෙත් බිම් පරිසර පද්ධතිය ඉතා වැදගත් වේ.

මෙසේ ඉතා වැදගත් පරිසරයක්‌ වන තෙත් බිම් සැලකිල්ලට ගෙන 1990 දී බූන්දල ජාතික වනෝද්‍යානය ද 2001 දී ආවිලුන්දාව වැව් පද්ධතිය ද 2003 මාදු ගඟට අයත් පරිසර පද්ධතියද රම්සා සම්මුතියට අනුව ලෝක තෙත් බිම් ලෙස ප්‍රසිද්ධ කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් පරිසර පද්ධතියන් වේ.

මෙසේ සුවිශේෂ වැදගත්කමක්‌ ඇති අපේ රටේ පිහිටි තෙත් බිම් නම් වූ ජෛව විවිධත්වයෙන් පිරි ස්‌වභාවික නිෂ්පාදනාගාරය රැකගැනීම මෙම තෙත් බිම් දිනය සමරන දින සිට අපි අදිටන් කරගමු.

ඒ. එච්. ගාමිණි හේවගේ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සැලසුම්)
වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.