ශ්‍රී ලංකාවට මඩ ගහන්න අරුම පුදුම සාක්‍ෂියක්‌

කීර්ති වර්ණකුලසූරිය

කොටි හිතවාදී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේදී ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට දක්‌වමින් පැවැත්වූ ප්‍රදර්ශනය හමුවට වන්නි යුද්ධය සියෑසින් දුටු බව කියන ව්‍යාජ පිරිසක්‌ ඉදිරිපත් කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මාධ්‍ය පාර්ශවයන්ද සහභාගිවූ මෙම ප්‍රදර්ශනය වෙත පැමිණි එකී පිරිස ශ්‍රී ලංකා හමුදාව යාපනයේ වෙල්ලමුල්ලිවයික්‌කාල් හිදී ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කළ බව පැවසීමෙන් ඔවුන්ගේ සැබෑ ස්‌වරූපය හෙලිවී තිබේ.

මේ පැමිණ සිටි පිරිස මුලතිව් තිබෙන්නේ කොතැනදැයි පවා නොදන්නා බව අනාවරණය වී ඇත.

බ්‍රිතාන්‍ය කොටි පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වන්නි මෙහෙයුම දියත්වූයේ කුමන ප්‍රදේශයකදැයි නොදන්නා බව වාර්තාවේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.