පිල්ලෙයාන්ගේ ස්‌විට්‌සර්ලන්ත අබිරහස්‌ සංචාරය



















අපරාධකරුවකු කෙරේ ඇති බිය අල්පයි. එහෙත් ෙද්‍රdaහියෙක්‌ යනු වසංගතයකි - රෝමානු දේශක මාකස්‌ සිසේ රෝ

A murderer is less to fear. The
tratior is the plague - Marcus Cicero
- Roman orater

කැනඩාවේ ජෝන් බේයාඩ් දැන් හැසිරෙන්නේ මැරයකු මෙනි. ඔහුට ඇත්තේ ද මැරයකුගේ මුහුණකි. පසුගිය සතියේ දිනෙක ලන්ඩන් නුවර පැවැති රාජකීය පොදු රාජ්‍ය මණ්‌ඩල සමිතිය අමතා දේශනයක්‌ පැවැත්වීමෙන් පසු බෙසාඩ්ගෙන් ෂිරානි ජෝශප් නමැති ඊළාම්වාදිනියක්‌ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හා වෙනත් අයට වධහිංසා සිදුවන බවට වාර්තා වෙනවා. ඒ සම්බන්ධ බවට තොරතුරු ලැබෙන්නේ කෙසේද යෑයි විමසා ඇත.

මේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වූ බෙයාඩ් අපේ ප්‍රධාන මූලාශ්‍රය කොළඹ කැනඩා තානාපති කාර්යාලයයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය සංවිධාන වෙනත් ආයතන සහ අනිකුත් අයගෙන් ද තොරතුරු ලබාගන්නවා යෑයි හෙළි කළේය. (However We also get
information from N.G.O. s media
organisations local institutions and
others - Canadian F.M. John Baird)


ශවේන්ද්‍ර සිල්වා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් හමුවූ අයුරු

අන්තර්ජාතික පොලිසියට අවශ්‍යව ඇති කොටි නායකයකු වන පෙරියනායගම්ට නෝර්වේ රැකවරණ හිමි වී ඇත.

හොර රජු රෙම්ජියස්‌ කනගරාජා

කැනඩා විදේශ ඇමැතිවරයා විසින් එම අවස්‌ථාවට සහභාගි වූ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ කොටි සහ ඊළාම්වාදීන් හමුවේ කළ මෙම හෙළිදරව්ව නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන ෙද්‍රdaහීන් කව්දැයි සනාථ විය.

කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයාඩ් කැනඩාවට තොරතුරු සපයන මෙරට රාජ්‍ය නොවන හා මාධ්‍ය සංවිධාන හෙළි කරමින්

ඇමරිකානු තානාපති කාර්යාලයට පමණක්‌ නොව කැනඩා තානාපති කාර්යාලයට ද තොරතුරු සපයන පාර්ශ්වයන් අනාවරණයවීමෙන් වෙස්‌ මුහුණු පැළඳ ගනිමින් මෙතෙක්‌ දියත් වූ මාධ්‍ය ක්‍රමවේදයට "බෝම්බයක්‌" දැමීමට සමාන දෙයක්‌ සිදුවිය.


මාටින් රසල් ලී

එසේම කැනඩා විදේශ ඇමැතිවරයා ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානියකු සමග ද රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මේ පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ සාම සාධක බළකා උපදේශක මණ්‌ඩලයට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්වීමෙන් ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන හතරක්‌ ද කොටි අර මුදල් මත යෑපෙන මාටින් රසල් ලී නමැති ඇමරිකානු මාධ්‍යවේදියා ද මෙරට නව සමසමාජ පක්‍ෂයේ නායකයා ද කම්පනයට පත්විය.

මේ රාජ්‍ය නොවන සංවිධාන හතර හා මැතිව් රසල් ලී එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වෙත විගස ඉල්ලීමක්‌ කරමින් මේජර් ජනරාල්වරයාට යුද අපරාධ චෝදනා ඉල්ලවී ඇති නිසා වහාම ඔහුව එම ධුරයෙන් ඉවත් කරන්නැයි කියා සිටියේය.

එසේම මැතිව් රසල් ලී මහලේකම් බෑන් කී මූන්ට චෝදනා නඟමින් ශවේන්ද්‍ර සිල්වාව ඉවත් කිරීමට ක්‍රියා නොකරන බව කීවේය.

"බෑන් කී මූන් නිහඬව සිටිනවා. ඇයි ඔහුට බලතල යොදා මේ යුද අපරාධ සැකකරුව ඉවත් කිරීමට බැරි"යෑයි මාටින් රසල් ලී පළ කළේය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ බෑන් කී මූන්ගේ ප්‍රකාශක මාටින් නෙසර්කි, ශවේන්ද්‍ර සිල්වාව පත් කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කලාපීය කණ්‌ඩායමයි. ඔහුව නම් කළේ එම කණ්‌ඩායමයි. මේ තත්ත්වය මත බෑන් කී මූන්ට කළ හැකි දෙයක්‌ නැහැ" යෑයි සඳහන් කළේය.

එහෙත් යුද අපරාධ චෝදනා එල්ලවු හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ හෙන්රි කිසිංජර් ඇතුළු නිලධාරීන් උසස්‌ තනතරුවලට පත් කිරීමට ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් ක්‍රියා කිරීම ගැන කිසිදු විරෝධතාවක්‌ මෙම රාජ්‍ය නොවන සංවිධානවලින් නැඟුනේ නැත.

මේ අතර මේජර් ජෙනරාල්වරයාව යුද අපරාධවලට වරදකරු කිරීමට උත්සාහ කරන මැතිව් රසල් ලීගේ කොටි සබඳතා දැන් හෙළිවී ඇත. ඔහු විටින් විට නිව්යෝර්ක්‌ නුවර සිට කැනඩාවේ ටොරොන්ටෝ නුවරට යන අතර එහි කැනඩා කොටි ජාලය විසින් සැපයූ සුපිරි නිවසේදී කොටි ඒජන්තවරුන් සමග රහස්‌ සාකච්ඡා පවත්වන බව හෙළිවී තිබේ.

මෙයට කලකට පෙර එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොනගේ නිවසේ පැවැති සාදයට හොරෙන් ඇතුළුවී සිටියදී ඔහු අසුවිය. කැනඩා කොටි ජාලය විසින් මැතිව් රසල් ලීට පවරා ඇති කොන්ත්‍රාත්තුව නම් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා සනාථ කරලීමයි.

මේ කොටි හිතවාදී මැතිව් රසල් ලී නමැත්තා සම්බන්ධව කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ සී. පී. ත්‍යාගරාජා විසින් නෝර්වේ රාජ්‍යයේ නොබෙල් සාම කමිටුව වෙත සන්දේශයක්‌ යවමින් ඔහු ඊළාම් දේශය ලබාදීමට දැඩි උත්සාහයක්‌ ගන්නා බවත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ද්‍රවිඩ ප්‍රශ්නය ගෙන ගොස්‌ ඇති නිසා නොබෙල් තෑග්ග දිය යුතු බව දන්වා ඇත.

මේ පසුබිම යටතේ නෝර්වේ කොටි ජාලය විසින් එරට සිටින ඊළාම්වාදීන් විසිපස්‌ දෙනකු සහ නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් අතර රහස්‌ සාකච්ඡාවක්‌ සංවිධානය කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවේ සිටින ඊළාම්වාදීන් කණ්‌ඩායමක්‌ ද නෝර්වේ වෙත ගෙන්වීමට සැලසුම් වී තිබේ. මේ හැර නෝර්වේ අධිකරණය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඩුවක්‌ ගොනු කිරීමට ද නෝර්වේ කොටි ජාලය ක්‍රියා කරන බව හෙළිවී තිබේ.

මේ අතර රජයට සම්බන්ධ තමිල් මක්‌කල් විදුතලායි පුලිකල් නමැති පිල්ලෙයාන් මෙහෙය වන පක්‍ෂය මාස හයකට පෙර පැවසුවේ පොලිස්‌ හා ඉඩම් බලතල අවශ්‍ය නැති බවයි.

එහෙත් නැගෙනහිර පළාත් සභාව පසුගිය සතියේ ඒකමතිකව යෝජනාවක්‌ සම්මත කරගනිමින් පොලිස්‌ හා ඉඩම් බලතල ලබාදෙන්නැයි රජය වෙතින් ඉල්ලා තිබේ. මේ බලතල ඉල්ලීමට පෙර පිල්ලෙයාන් ස්‌විට්‌සර්ලන්තයේ චාරිකාවක නිරත විය. ඔහු එහිදී සාකච්ඡා පවත්වා ඇත්තේ කා සමග දැයි ජිනීවා කොටි විරෝධී ආරංචි මාර්ග විසින් හෙළිකර ඇත.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දැන් ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා කිරීමට එකඟවී ඇතැයි හෙළි විය. පිල්ලෙයාන් කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ කොටින්ගේ ගල්කැඩීමේ ඒකකය භාරව සිටියේය. "ඔහු දැන් සැඟවුණ ක්‍රියාවක්‌ ගෙන යනවා. ද්‍රවිඩ සන්ධානයත් ඊට සම්බන්ධයි. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ තවත් අවුරුදු 10 කින් යුද්ධයක්‌ ඇති කිරීමට"යෑයි නියෝජ්‍ය අමාත්‍ය විනයගමූර්ති කරුණා කියා සිටියේය.

පිල්ලෙයාන්ගේ මෙම ඉල්ලීම අනුව නැගෙනහිර පිහිටි දුම්රිය, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්‍ෂක හමුදාව හා සංචාරක හා මහවැලි අධිකාරිය සතු ඉඩම් ද ඔවුන්ට ලබාදිය යුතුය. එහෙත් රජය ඒකමතිකව එම ඉල්ලීම දීම ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු කණ්‌ඩායමක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බව වාර්තා විය.

පුලිතේවන් නමැති කොටි ත්‍රස්‌තයාගේ සුවදුක්‌ බැලීමට ඇපල් මල්ලක්‌ රැගෙන ගිය හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරියකු ද ද්‍රවිඩ සන්ධානයේ ඉඩම් බලතල ඉල්ලීම අනුමත කරමින් ප්‍රකාශයක්‌ කර ඇත.

එහෙත් මෙරට "බහුතරය" මොහුගේ ප්‍රකාශ කෙරේ තැකීමක්‌ නොකරයි. ඔහු රට පාවා දුන් අයකු ලෙසට ජනතාව විසින් තීරණය කර හමාරය.

මේ අතර තවත් බරපතළ සිද්ධියක්‌ හෙළි විය. ඒ වැලිකඩ සිරගෙදර දරුණු කොටි 180 ක්‌ රඳවා සිටි කුටියක තිබී 3 ඨ අධිතාක්‍ෂණික ජංගම දුරකථන දෙකක්‌ හමුවීමයි.

මෙම කොටි ත්‍රස්‌තයන්ව වෙනත් ස්‌ථානයකට මාරු කිරීමේදී ඔවුන්ට එම දුරකථන ගෙන යැමට අමතක වී ඇත. මින් සනාථ වන්නේ වැලිකඩ කොටි ත්‍රස්‌තයන් හා කොළඹ කොටි ජාලය තවමත් ක්‍රියාත්මක වන බවයි. මේ කොටි එකී දුරකථනවලින් විදේශ රටවල කොටින්ට ඇමතුම් ලබාගෙන ඇති බවත් මින් සනාථ නොවන්නේද?

මේ පසුබිම යටතේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 58 වැනි සේනාංකයේ සිටි බවට හඳුන්වා ගන්නා හමුදා නිලධාරියෙක්‌ ඇමරිකාවෙන් මතුවී නීතිවේදියකු හමුවී ශ්‍රී ලංකා රජයටත් හමුදාවටත් ආරක්‍ෂක ලේකම්ටත් එරෙහිව ප්‍රකාශයක්‌ කර ඇත. මොහු ෙද්‍රdaහියෙක්‌ (Tratior) නොවේද?

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම හමුදා නිලධාරියාව හමුවී ප්‍රකාශයක්‌ ලබාගෙන ඇතැයි වාර්තා විය. එසේම රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීහු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ සිවිල් පාර්ශ්වයන්ගෙන් ද තානාපති නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබෙන බව සනාථ වී ඇත. (Testimony from the Source and
other Military diplomatic and
Figures)

ලොව ප්‍රධානතම යුද අපරාධකරු වූ ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ මාර්ගවලින් යුද අපරාධ ගැන සාවද්‍ය සාක්‍ෂි ඒකරාශි කරන අවස්‌ථාවේ ඇමරිකානු තානාපති නිලධාරියකු විසින් කොළඹ පැවැති සාදයකදී මේජර් ජනරාල්වරයකුට සමීප වී "අපි ඔබ ගැන බලාගන්නම්" යුද අපරාධ ගැන සාක්‌කි දෙන්නැයි පවසා තිබේ.

මේ මේජර් ජනරාල්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර එකී සිද්ධිය ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇත. මෙකී ක්‍රියාදාමයෙන් පැහැදිලි වන්නේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සිටින තානාපති වෙළෙන්දන්ය. තානාපති වරප්‍රසාදවලට මුවාවී ක්‍රියා කරන මොවුන් ඩොලර් වලට සාවද්‍ය යුද අපරාධ සාක්‌කි ලබාගැනීමට උත්සාහ කිරීම දීන ක්‍රියාවක්‌ නොවේද?

මේ ඩොලර් මෙහෙයුම ඉතාමත් බරපතළ ලෙස මාධ්‍යවේදීන් යෑයි හඳුන්වා ගන්නා තක්‌කඩි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වෙතද පැතිරී තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ තෝමස්‌ වෙයිලා සහ ලෙස්‌ලි ටේලර් නමැති නිලධාරීන් දෙදෙනා ද මේ සතියේදී යාපනයට ගොස්‌ සිවිල් ක්‍රියාකාරීන් යෑයි හඳුන්වන එන්.ජී.ඕ. ප්‍රධානීහු හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඔවුන් සාකච්ඡාවට ලක්‌කර ඇත්තේ යුද අපරාධ චෝදනා සහ මානව හිමිකම් ගැන යෑයි හෙළි විය.

මේ අතර බළලා මල්ලෙන් පැන්නා යන කියමන සිහිපත් කරමින් මුස්‌ලිම් කොන්ග්‍රසය ද සිය බෙදුම්වාදී පිළිවෙත හෙළිකර ඇත. රජය 13 වැනි සංශෝධනයටත් වඩා ඔබ්බට බතල දුන්නොත් නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක්‌ අවශ්‍ය බවද මුස්‌ලිම් කොන්ග්‍රසය පවසා තිබේ.

2011 වසරේ සැප්තැම්බර් මාසයේදී උතුර නැගෙනහිරට ඉඩම් බලතල අවශ්‍ය බව පැවසුවේ ද නියෝජ්‍ය ඇමැතිවරයකු වූ හිස්‌බුල්ලායි. එසේම 2002 ඊනියා සටන් විරාම ගිවිසුමින් පසු ප්‍රභාකරන් සමග පිවිසුම් අත්සන් කළේ මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රාවුµa හකීම් බව සිහිපත් කළ යුතුය.

අන්තර්ජාතික පොලිසියට (ඉන්ටර්පෝල්) අවශ්‍ය කොටි නායකයකු වූ පෙරිම්පනායගම් නමැති කොටි ත්‍රස්‌තයා නෝර්වේ රාජ්‍යයේ සිටින බව දැන් හෙළිවී ඇත.

එහෙත් පෙරිපනායගම් නෝර්වේ රාජ්‍යය තුළ කිසිදු අපරාධකාරී ක්‍රියාවකට සම්බන්ධ නැතැයි කියමින් ඔහුව ජාත්‍යන්තර පොලිසියට භාරදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව ද මේ සතියේදී නවදිල්ලි නුවර පැවැත්වේ. ඒ සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගි වන අතර එහිදී ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය ඒ. කේ. ඇන්තනී හා ආරක්‍ෂක උපදේශක එය වෙනන් සමග ද සාකච්ඡා පවත්වන බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ද්‍රවිඩ සන්ධානය සහ පිල්ලෙයාන් ද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ද රාජ්‍ය නොවන සංවිධාන සහ කොළඹ කොටි හිතවාදීන් ද රජයට එරෙහිව අබිරහස්‌ න්‍යාය පත්‍රයක්‌ දියත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්‌වයි. මේ සැඟවුන න්‍යායපත්‍රය පසුබිමේ විදේශ රටක්‌ සිටින බවට තොරතුරු ලැබී ඇත.

මේ තත්ත්වය මැද යාපනයේ "අන්තිම රජු" යෑයි හඳුන්වා ගන්නා රෙම්ජියස්‌ කනගරාජා නමැති තක්‌කඩියෙක්‌ මතුවී ඇත.

මේ "හොර රජු" සිටින්නේ නෙදර්ලන්තයේ යෑයි වාර්තා වී තිබේ.

එහෙත් මෙරට අන්තිම රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මියගොස්‌ වසර 181 ක්‌ ගතවීමේ සංවත්සරය මේ සතියේදී තමිල්නාඩුවේ වෙල්ලෝරයේදී පැවැත්විණි.

මේ අතර කැනඩා කොටි ජාලයේ ප්‍රධානීන් කීප දෙනෙක්‌ ජිනීවා නුවරට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහි කොටි මෙහෙයුම අරඹා ඇත.

මින් එක්‌ අයෙක්‌ බාලන් රත්නරාජා නමැත්තෙකි. ඔහු ජිනීවාහි කොටි නිවසක සිට බටහිර රටවල තානාපතිවරුන් වෙත හදිසි සංදේශ යවමින් ඔවුන් සමග සාකච්ඡා ඉල්ලා තිබේ. බොට්‌ස්‌වානා තානාපති බෲස්‌ රබාෂ් වෙත ලිපියක්‌ යෑවූ රත්නරාජා පෙබරවාරි 17 වැනිදා සාකච්ඡා කිරීමට කැමැති යෑයි පවසා ඇත. මඩකලපුවේ කොක්‌අඩිචෝලේ ප්‍රදේශයේ කුඹුරුවල සේවය කරමින් සිටි ඉන්දියානුවන් හය දෙනකු ද මේ සතියේ අසුවිය. මේ ඉන්දියානුවන් මඩකලපුවේ කුමක්‌ කළේද යන්න බුද්ධි අංශවලට සනාථ වී ඇත. දේශහිතෛෂී ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව මෙහෙය වන ස්‌වභාෂා දිනය මෙම 28 වැනිදා පැරීසියේදී පැවැත්වේ. මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ දේශීයත්වය රැක ගැනීමයි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.