|
|
|
|

මගේ පුතා මරා දැමූ "බස්‌සා" නිදැල්ලේ
- බුත්තල කාන්තාවකගෙන් ජනපතිට අවනඩුවක්
2012 වර්ෂයෙන් මාසයක්‌ම ගෙවී ගියේ ඒ අත බලා මේ අත බලන විටය.
කාර්ය බහුල මාසයක් බැවින් ගතවී යනවා නොදැනුන තරම්ය.
ජනවාරි මාසයේ අවසාන සති අන්තය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මොනරාගල ගියේය. බුත්තල, මොනරාගල හා සෙල්ලකතරගම ප්‍රදේශවල වැඩ
රාජකාරි රාශියක්‌ම තිබිණි.
මේ නිසා 27 වැනිදා සිකුරාදා උදේ ඌවට ගිය ජනාධිපති මහින්ද උදේ
මුලින්ම බුත්තල නගර මධ්‍යයට ගියේ අලුතින් සෑදූ බස් නැවතුම්පළ
හා කඩ සාප්පු සංකීර්ණය විවෘත කිරීමටය. ඒ අවස්‌ථාවට ඌව මහ ඇමැති
ශෂින්ද්‍ර කුමාර රාජපක්‍ෂ, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන,
විජිතමුනි සොයිසා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද රාශියක්
පැමිණ සිටියහ. විවෘත කිරීමේ උත්සවය අමතා ජනාධිපතිවරයා ද කතා
කළේය.
උත්සවයේ වැඩ කටයුතු ඉවර වී ජනාධිපතිවරයා මොනරාගල බලා යන්නට
වාහනයට නගින්නට සැරසෙද්දී එක්‌තරා කාන්තාවක් ඉදිරියට පැමිණ
මොන මොනවාදෝ කියන්නට වූවාය...
අනේ සර්... දැන් අවුරුදු කීයක් වෙනවද මගේ පුතා නිකන් අකාලයේ
මරල දැම්මා. පුතාව මරපු "බස්‌සා" තවමත් කිසිම කරදරයක් නැතිව
ඉන්නවා. ඇයි අපිට යුක්‌තියක් ඉටුවුණේ නැත්තේ... සර් ඇයිs මේවා
බලන්නේ නැත්තේ.... ඕ හඬා වැටෙන්නට වූවාය.
එක පාරටම ජනාධිපතිවරයාට කාරණාව තේරුණේ නැත. ඔහු වටපිට බලද්දී
වටේ සිටි ඇමැතිවරු කතාව විස්‌තර කළහ. පසුගිය කාලයේ
විශ්වවිද්‍යාල අර්බුදයකදී බස්‌සා නම් ශිෂ්‍යයකුගේ පොලු පහරක්
වැදී මියගිය ශිෂ්‍යයාගේ අම්මා මේ පැමිණ අඬා වැළපෙන බව
ජනාධිපතිවරයා වටහා ගත්තේ පසුවය.
ඌව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කැඳවූ ජනාධිපතිවරයා ඊට නිසි පියවර
ගන්නැයි අණ කළේය. ඉන්පසුව සියල්ලෝම ගියේ මොනරාගල නගරයේ පැවැති
උත්සවයටයි. මොනරාගල ඉඩම් නොමැති පවුල් 10,000 ක් සඳහා ඉඩම්
ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීම වෙනුවෙන් උත්සවය පැවැත්විණි.
බුත්තලට පැමිණි සියලුම මැති ඇමැතිවරු මොනරාගල උත්සවය සඳහා ද
පැමිණ සිටියහ. ශෂින්ද්‍ර රාජපක්‍ෂ කතා කරන අතරතුර ජනාධිපතිවරයා
විජිතමුණි සොයිසාට විහිළුවක් කළේය. ඊට හේතු වූයේ කකුලේ යම්
ආබාධයක් නිසා ඔහු කිහිලිකරු දෙකක් පාවිච්චි කරමින් ඇවිදීමය.
මොකද සොයිසා කකුලට වුණේ... ජනාධිපතිවරයා විහිළුවක් කරන්නට පොට
පාදාගන්නට මෙන් ප්‍රශ්න කළේය. ඊට සොයිසා දුන් උත්තරය ගණනකට
නොගෙන ජනාධිපතිවරයා මෙසේ කීවේය.
අපට නම් ආරංචි වෙන කතාවක්. අපේ පොල් ඇමැතිතුමාට පොල් ලාබෙට
හම්බවෙන නිසා සොයිසට පොල් ගහලා කකුල කැඩුනා කියලයි අපට ආරංචි
වුණේ.
සොයිසා මහ හඬින් සිනාවෙද්දී අසල සිටි ජගත් පුෂ්පකුමාර මෙසේ
කීවේය.
ඒක නම් සර් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ....
ඒ මොකද... දෙන්න එච්චරටම යාළුද?
නැහැ. මම පොල් ගැහුවා නම් කවදාවත් එක කකුලක් කැඩිල නිකන්
ඉන්නේ නැහැ. එහෙනම් කකුල් දෙකම කැඩෙනවා සිකුරුයි. ජගත් කීවේ
වේදිකාවේ සිටි සියල්ලෝම හිනස්‌සවමිනි.
සෙසු ඇමැතිවරු කතා කළ පසු ජනාධිපතිවරයා ද ටික වේලාවක් කතා
කළේය. උත්සවය ඉවර වූ පසු ජනාධිපතිවරයා එදා දහවල් ආහාරය ගැනීමට
ගියේ මොනරාගල සිරිගල පිහිටි මහ ඇමැති ශෂීන්ද්‍රÊරාජපක්‍ෂගේ
නිවසටය.
සිරිගල නිවසේ විශාල සෙනඟක් වෙනුවෙන් කෑම ලැහැස්‌ති කර තිබිණි.
ඇමැතිවරු, නිලධාරීහු හා පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු
ද විශාල පිරිසක් පැමිණ සිටියහ.
ජනාධිපතිවරයා ඉතා සුහදව සියලු දෙනා හා කතාබහ කරමින් ආහාර
ගත්තේය. මොනරාගල ප්‍රාදේශීය දේශපාලනඥයන්ට එය මහ අමුතු
අත්දැකීමක්‌ම වූයේය.
ඉන්පසුව සෙසු අය සියලු දෙනාම විසිර යද්දී ජනාධිපතිවරයා එම
නිවසේ විවේකී සුවයෙන් කල් ගත කළේය. පැය දෙක තුනක් එසේ විවේකීව
සිටීමෙන් අනතුරුව හවස යළිත් ශෂීන්ද්‍රට කතා කළේය.
ශෂී කිව්ව නේ මේ මොනරාගල කන්දේ බලන්න හරි ලස්‌සන තැන් තියෙනවා
කියලා. අපිට බැරිද දැන් එහේ යන්න.
ශෂී වහාම කටයුතු සූදානම් කළේය. මොනරාගල එරගල කන්දට ඒ ප්‍රදේශයේ
අය කියන්නේ ජීලෝන් කන්ද කියාය. විශාල ගණ වනාන්තරයකින් වැසී ගිය
එම කඳු මුදුනේ ඉහළම කොටසේ ඇත්තේ නුවරඑළිය දේශගුණය බව තතු දන්නෝ
කියති.
ජනාධිපති, මහ ඇමැති හා ආරක්‍ෂක අංශ ජීලෝන් කන්දට ගියහ. එහි
මුදුනේ කදිම බංගලාවක් ද තිබිණි. සුදු පාලන සමයේ සාදන ලද එම
බංගලාව ද ලොකු අළුත්වැඩියාවකින් පසු මනරම් නවාතැනක සිරි ගෙන
තිබිණි.
කඳු මුදුනේ ඇවිද අවට සිරි නැරඹූ ජනාධිපතිවරයා ඒ ප්‍රදේශයේ ඇති
ජීලෝන් වතුයායට ද ගියේය. වතුයායේ සිටියේ වැඩකරන දෙමළ වතු
කම්කරුවෝය. ඒ අතර සිටි එක් දෙමළ තරුණයකු සමඟ ජනාධිපතිවරයා
දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් කතා කළ අතර ඔහු ඊට ප්‍රතිචාර
දක්‌වමින් ඉතා හොඳින් ඉංග්‍රීසියෙන් කතා කළේය. ජනාධිපතිවරයා
ඉන් පුදුමයට පත්විය.
කන්දෙන් පහළට බැස්‌ස ජනාධිපති ඇතුළු කණ්‌ඩායම සුමේධා ජී.
ජයසේනගේ නිවසට ද ගොඩ වූහ. ඉන් හවස තේ පානය කළ පිරිස නැවත
සිරිගල ගෙදරටම ආහ.
රාත්‍රියේ මොනරාගල ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් සිරිගල ගෙදර
රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. ජනාධිපතිවරයා සමඟ කෑම
කන්නට බොහෝ ව්‍යාපාරිකයෝ පැමිණ සිටියේ තම නිවෙස්‌වල උදවිය ද
සමඟ වීම විශේෂත්වයකි.
ඇවිදීම
28 වැනි සෙනසුරාදා පාන්දරම අවදි වූ ජනාධිපතිවරයා පාරේ
ඇවිදින්නට යන්නට ශෂින්ද්‍රට කතා කළේය. සිරිගල ගෙදර සිට මහ පාරේ
මොනරාගල නගරය දෙසට පාගමනින් ඇවිද එන රටේ ජනාධිපතිවරයා හා
ප්‍රදේශයේ මහ ඇමැතිවරයා දුටු ප්‍රදේශයේ ජනතාව තුෂ්නිම්භූතව බලා
සිටියහ.
මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති රත්නසිරි බණ්‌ඩාර, ප්‍රාදේශීය
සභාවේ මන්ත්‍රීවරයකු වන සෙනරත් පියසෝම, මහ ඇමැතිවරයාගේ
පෞද්ගලික ලේකම් රන්ජන් බණ්‌ඩාර ඇතුළු පිරිසක් ද ජනාධිපතිවරයාට
පිටුපසින් නගරය වෙත ඇවිද ගියහ.
නගරයේ කච්ෙච්රිය හන්දිය දක්‌වා ඇවිද ගිය ජනාධිපතිවරයා ආපසු
හැරී සිරිගලට ආවේය. පසුව කෑම කෑමෙන් අනතුරුව ලක ලැහැස්‌ති වී
ජනාධිපතිවරයා ගියේ සෙල්ලකතරගම ප්‍රදේශයේ අලුතින් ඉදිකළ කඩ
සාප්පු සංකීර්ණය විවෘත කරන්නටය.
ඒ අවස්‌ථාවට නාමල් මන්ත්‍රීවරයා ද පැමිණ සිටි අතර සියලුම දෙනා
එක්‌ව කඩ සාප්පු අතරට ගියහ. ඒ වේලාවේ කඩ සාප්පුවල වෙළෙඳ පිරිස
ජනාධිපතිතුමාට ලොකු අවනඩුවක් ඉදිරිපත් කළේය.
සර් අපට මාසෙකට රුපියල් 35,000 බැගින් මේ කඩේකට ගෙවන්න කියනවා.
ඒක අමාරුයි. අපට දවසකට ආදායම රු. 1500 යි. 2000 යි.
මේ කඩයක් කොච්චර වටිනවද?
මුලින් මේවා ලක්‍ෂ 30 ට මිල කරලයි තිබුණේ. දැන් කඩ ලක්‍ෂ 9
දක්‌වා අඩු කරලා. ඒත් අවුරුදු 2 න් මුල් ලක්‍ෂ 4ම ගෙවන්නලු.
අපි කොහොමද ගෙවන්නේ. කඩ හිමියෝ කීහ.
මේ කඩයක බිම් වටිනාකම ගත්තත් පර්චසය ලක්‍ෂ දෙක තුනක් වෙනවා.
ඔයාලට ඔය කඩ ලැබිල තියෙන මුදල හොඳටම ලාභයි. ජනාධිපතිතුමා එසේ
කියමින් අවුරුදු 2 කාලසීමාව අවුරුදු 5 දක්‌වා දීර්ඝ කර
දෙන්නැයි ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කළේය.
ඉන් පසුව සෙල්ලකතරගම කටයුතු නිම කළ ජනපතිවරයා කෙළින්ම
වීරකැටියේ විහාරස්‌ථානයක විවෘත කිරීමක් සඳහා පිටත්ව ගියේය. එම
උත්සවයටත් පසුව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ උත්සවයකට ද සහභාගි
වන්නට පිටත්ව ගියේය.
රනිල් නුවර
මේ අතර විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එම සති අන්තය මහනුවර
ගතකරන්නට යොදාගෙන තිබිණි. ඔහු එම සැලසුම් සියල්ල සකස් කරන්නට
තිස්‌සට කීවේ ඊට පෙර සතියේ විදේශ සංචාරයක නිරත වී සිටියදීය.
එම ගමන නිමවා ලංකාවට පැමිණි රනිල් ඉකුත් 27 වැනි සිකුරාදා
මාකස් ප්‍රනාන්දු මාවතේ සිය කාර්යාලයේදී තම විශ්වාසවන්තම
කිහිපදෙනා හා සාකච්ඡාවක් කළේය.
තිස්‌ස, අකිල, විරාඡ්, පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය
සිරිල් මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ. ඒ භැර හිටපු පාර්ලිමේන්තු
මහ කොමසාරිස්‌වරිය ප්‍රියානි විඡේසිංහ ද පැමිණ සිටියාය. ඔවුන්
කතාබහ කළේ ඡේ. ආර්. ජයවර්ධන වෙනුවෙන් අධ්‍යාපන පීඨයක් ආරම්භ
කිරීම ගැනය.
මට අවශ්‍යයි මේ අධ්‍යාපන පීඨය දේශපාලන දැනුම ලබාදෙන
ශිල්පායතනයක් බවට පත්කරන්න. ඔයගොල්ල මොනවද හිතන්නේ. බලන්න අද
සමහරු කරන්නන් වාලේ දේශපාලනය කරන්න එනවා. නමුත් දේශපාලන ඥනය
කියන දේ ළඟ නැහැ ඉතින් අසාර්ථකයි. මට අවශ්‍ය අන්න එහෙම අයට
පොදු දේශපාලන දැනුමක් හා දැක්‌මක් මෙතනින් ලබා දෙන්නයි.
මේ සාකච්ඡාව තරමක් ඵලදායකව ඇදී ගියේය. ටික වේලාවකින් එම
සාකච්ඡාව නතර කළ රනිල් කෑගල්ල බලා පිටත්ව යන්නට පටන් ගත්තේය.
ඊට හේතුව එදා හවස කබීර් හෂීම් අඹගමුව සිය නිවසේ සූදානම් කර
තිබූ ආසන ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමට සහභාගිවීමය. මෙම අවස්‌ථාවට
ප්‍රේමදාස චම්පිකා ඇතුළු ප්‍රදේශයේ සෙසු ලොකු කුඩා දේශපාලනඥයෝ
ද සහභාගි වී සිටියහ.
මෙහි විශේෂත්වයක් වුණේ පක්‍ෂ කාර්යාලයේ නඩත්තු හා ඉදිකිරීම්
කටයුතු වෙනුවෙන් විනාඩි කිහිපයක් ඇතුළත ලක්‍ෂ 8 ක පමණ මුදලක්
ඒකරාශි වීමය.
මෙම රැස්‌වීම නිමා වූ පසු රනිල් කෙලින්ම ගියේ මහනුවර අරුප්පොල
මලික් සමරවික්‍රමගේ නිවසටය.
රනිල් පසුදා උදේ මුලින්ම දළදා මාලිගාව වැඳපුදා ගන්නට ගියේය. මේ
අතර රනිල්ට හිතවත් සෙසු නායකයෝ හා හිතවත්තු පිරිසක් ද
මාලිගාවට පැමිණ සිටියහ. මාලිගාව වැඳ පුදා ගත් මේ පිරිස ඉන්
අනතුරුව මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු වැඳපුදා ගන්නට ගියහ.
මෙහිදී රනිල් හරි අපූරු වැඩක් කළේය. පක්‍ෂයේ පිරිසක් විසින්
සිරිකොත මන්දිරය කඩා බිඳ දමන්නට කළ ප්‍රහාරය පිළිබඳව වීඩියෝ
දර්ශනය ඇතුළත් වාර්තාමය විශේෂාංගයක් ඔහු සකස් කර තිබිණි.
රනිල් මහ නාහිමිවරුන්ට එය පෙන්නුවේය.
මහනාහිමිවරු සමඟ කළ දීර්ඝ කතාබහෙන් අනතුරුව සියලුම දෙනා නුවර
ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ නිවසට ගොස් දිවා ආහාරය ගත්හ.
හවස 4.00 ට තිස්‌ස රිවර්ඩේල් හෝටලයේදී මහනුවර දිස්‌ත්‍රික්
ක්‍රියාකාරීන්ගේ හමුවක් සූදානම් කර තිබිණි. මෙම හමුව ඉවර ව
පසුව ද රනිල් නතර වූයේ මලික්‌ගේ නිවසේය.
ඉරිදා උදෙන්ම රනිල් නුවර සිට කුරුණෑගල බලා පිටත්ව ආවේය.
කුරුණෑගලදී ගාමිණී ජයවික්‍රම විශාල හමුවක් සූදානම් කර තිබිණි.
දිස්‌ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුව අමතා කතා කළ රනිල්
ප්‍රදේශයේ ප්‍රශ්න ගැන හා ප්‍රතිසංවිධාන කටයුතුවල ගැටලු ගැන
විමසා බැලීය. මෙම හමුව තිබුණේ ජානක බෝගොල්ලාගමට අයත් විශාල
වත්තක නිවසකය. විදේශගතව සිටි දයාසිරි හැරුණු විට ප්‍රදේශයේ
පාර්ලිමේන්තු හා පළාත් සභා මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු
සියල්ලෝම පැමිණ සිටියහ.
රනිල් වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබුණේ වයඹ විපක්‍ෂ නායක
ශ්‍යාමන් සෙනරත්ය. රනිල් එහි ගියේය.
රනිල් එහිදී කෑමෙන් බීමෙන් අනතුරුව රැස්‌ව සිටි පිරිස සමඟ කතා
කළේය.
සමහරු හිතනවා මාධ්‍යවල කතා කරපු මුහුණු පෙන්නපු පලියට දේශපාලනය
කරන්න පුළුවන් කියලා. ඔවුන් වැරදි දේශපාලන නිගමනවල ඉඳගෙන බොහෝම
වැරදි වැඩ කරනවා. පන්සල්වලට සල්ලි දීල පොත් දීල දේශපාලනය
කරන්නත් බැහැ. ඒකට පුළුල් වැඩපිsළිවෙළක් ඇතිව ජනතාව අතරට යන්න
ඕන.
මේ අකාරයට රනිල් මුළු කතාවම උපයෝගී කර ගත්තේ තමන්ට පක්‍ෂය
ඇතුළේ අභියෝග කරන අයට පහර එල්ල කිරීමටය.
රනිල් මෙහිදී සජිත්ට හා කරුට සෘජුව එල්ල වන කතා ද කිහිපයක්‌ම
කීවේය.
මේ සියල්ල නිමවී රනිල් ජයලත් ජයවර්ධන සූදානම් කර තිබූ හමුවකට ද
එදින සවස පැමිණියේය.
ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්‌ථානයේ බෝ සමිඳුන් වටා
ඉදිකෙරුණු රන්වැට විවෘත කිරීම, ශ්‍රී දකුණු දළදා වහන්සේ උදෙසා
රාජකීය මහා මුළුතැන් බුද්ධ පූජාව සිදුකිරීම, විහාරස්‌ථානයේ නව
සංඝාවාසය විවෘත කිරීම, මහා සංඝරත්නය පනස්‌නමක් විෂයෙහි දානය
පිරිනැමීම ආදී පිංකම් රැසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතින්
ගෙවී ගිය සතියේදී ඉහත විහාරස්‌ථානයදී සිදු කෙරිණි.
මෙම පිංකම් මාලාවට මෛත්‍රිපාල, µSලික්‌ස් පෙරේරා, විමල්
වීරතුංග ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද එක්‌ව සිටියහ.
මෙම පිංකම් මාලාව අවසානයේ මේ මැති ඇමැතිවරු තමන් නවාතැන් ගෙන
සිටි ස්‌ථානයක් කරා ගිය ද සවස ජනාධිපතිතුමන් හා සුහදව සාකච්ඡා
කිරීමට මේ පිරිසට යළිත් අවස්‌ථාව ලැබුණේය.
"විමල්ගේ ගෝලයා ඉතාමත් ආදර්ශවත් වැඩක් කරලා තියෙන්නේ.
ඓතිහාසික පුදබිමක මෙවැනි රන්වැටක් ඉදිකිරීම ඉතා වැදගත්" තේ
පානයත් සමඟ ඇරඹි ඉහත සුහද සාකච්ඡාවේදී ජනාධිපතිතුමන් පැවසුවේය.
ඓතිහාසික සෝමාවතී පුදබිමෙහි රන්වැට ඉදිකරනු ලැබුවේ කඩුවෙල
නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ ධන පරිත්‍යාගයෙන්
බව බොහෝ අය දැනගත්තේ ජනාධිපතිතුමන්ගේ එම අදහස් දැක්‌වීමත්
සමඟය.
"ගුරා වගේම තමයි ජනාධිපතිතුමනි ගෝලයාත්" ජනාධිපතිතුමන්ට එහිදී
විමල් වීරවංශ මහතා පැවසුවේ මැති ඇමැතිවරුන් සියලු දෙනා සිනහ
ගන්වමිනි.
"ඔයාගේ ප්‍රතිවාදියාට මේක ආරංචි වුණොත් මෙතැනට ඇවිත් රන්වැටවල්
දෙකක්‌ම ගහයි" ජනාධිපතිතුමන් බුද්ධික ජයවිලාල් දෙස බලමින්
පැවසුවේ කඩුවෙල ගැටුම සිහිගන්වමිනි.
එම කතාවට ද සියලු දෙනා ප්‍රතිචාර දැක්‌වූයේ සිනහවෙනි.
කැබිනට්
බදාදා හවස නිසි වේලාවටම අරලියගහ මන්දිරයේදී කැබිනට් මණ්‌ඩල
රැස්‌වීම පැවැත්විණි. ජනාධිපතිවරයා 7.30 ට පැමිණ අසුන් ගන්නා
විට ද 50 ක් පමණ සිටින කැබිනට් මණ්‌ඩලයෙන් ඇමැතිවරු පැමිණ
සිටියේ 30 දෙනකුට අඩු සංඛ්‍යාවකි. ආගම සිහිකරන මොහොතේ සිට
රැස්‌වීම අවසන් වනතුරුම වරින්වර ඇමැතිවරු පැමිණියහ. ජනාධිපති
මහින්ද ඒ පිළිබඳ දැක්‌වූයේ තරමක අප්‍රසාදයකි.
කැබිනට් රැස්‌වීමේදී සාකච්ඡා කිරීමට කැබිනට් පත්‍රිකා 48 ක්
පමණ සූදානම් කොට තිබිණි. ඉන් පළමු එක ලෙස කතාබහට ගැනුqණේ
රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කැබිනට් පත්‍රිකාවකි.
ඒ අතර 7 වන කැබිනට් පත්‍රිකාව ලෙස මාතර කඩිනම් නගර සංවර්ධන
සැලැස්‌ම පිළිබඳ පත්‍රිකාව කතාබහට ලක්‌විය. ඊට අනුව මාතර
නිල්වලා ගංගාව අසල ගඟබඩ උද්‍යානයක්, නාගරික වනෝද්‍යානයක් හා
සම්මන්ත්‍රණශාලාවක් ඉදිකරන්නට යෝජනා කර තිබිණි. මේ සඳහා
රුපියල් දසකෝටි අසූපන් ලක්‍ෂයක් වියදම් කරන්නට ඇස්‌තමේන්තු කර
තිබිණි.
මෙම නගර සංවර්ධන සැලැස්‌ම පිළිබඳ මහත් උනන්දුවෙන් ක්‍රියා කළේ
අමාත්‍ය ඩලස් අලහප්පෙරුමයි. ඊට නිසි අනුමැතිය ලැබිණි.
ඉන්පසුව 11 වන කැබිනට් පත්‍රිකාව සැලකිල්ලට ගෙන කතාබහට
ලක්‌විය. එය විදුලිබල මණ්‌ඩලයෙන් ඉදිරිපත් කර තිබුණේ විදේශීය
සමාගමක් හා එක්‌ව ප්‍රතිදීප්ත විදුලි බල්බ නිෂ්පාදනය කරන
කම්හලක් ඉදිකිරීම සම්බන්ධවය.
ඔය බල්බ් නිපදවන ලංකාවේ කම්පැණි කීපයක් තියෙනවානේ. ඇයි ඉතින්
දේශීය කර්මාන්ත වැටෙන විදියට අපි තව තව විදේශීය කම්පැණි මේක
ඇතුළට ගේන්නෙ.... ජනාධිපති ඇසීය.
දේශීය නිෂ්පාදනවලට මේකෙන් හානියක් නැහැ.... චම්පික කීවේය.
කෙසේ වෙතත් යෝජනාව පස්‌සට තබා නැවතත් සලකා බලන්නට ජනාධිපතිවරයා
යෝජනා කළේය.
අනතුරුව 15 වැනි පත්‍රිකාව ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ
යෝජනාවක් සැලකිල්ලට ගැනිණි. ඊටත් පසුව 19 වැනි කැබිනට්
පත්‍රිකාව ගැනිණි. 2011 නොවැම්බර් 25 වැනිදා සුළි කුණාටුවෙන්
හානියට පත් වූ ප්‍රදේශවලට හා පවුල්වලට ආධාර දීම පිළිබඳ එම
පත්‍රිකාව යෝජනා කර තිබිණි. එය අනුමත විය.
මේ අතර 21 වැනි කැබිනට් පත්‍රිකාව ලෙස කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව අමුතුම තාලයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්
කර තිබිණි. ඉන් යෝජනා කර තිබුණේ කරුංකා වර්ගයේ පුවක් වර්ග
පිටරටින් ආනයනය කර වැඩි දියුණු කර නැවත අපනයනය කිරීම පිළිබඳ
යෝජනාවකි. එම පත්‍රිකාව ජනාධිපතිවරයා දැඩි අවධානයට ලක් කළේය.
මේක ලෙඩක්... මේ කරන්න හදන්නේ බාබුල්කාරයන්ට උඩගෙඩි දෙන
වැඩක්. අපි හදනවා මේ බාබුල්කාරයන්ගෙන් අපේ තරුණ පරපුර
ගලවගන්න. මෙයාලා බාබුල්කාරයෝ මෙහාට ගේන්න වැඩ කරනවා. මම දන්නවා
මේවා මොනවද කියලා. කෝ මේ අමාත්‍යාංශය භාර ඇමැති.
මහින්ද යාපා අබේවර්ධන එදා සිටියේ නැත. ඒ වෙනුවට ජගත්
පුෂ්පකුමාර කතා කළේය. ඔහු කීවේ අමාත්‍යාංශ නිරීක්‍ෂණ සඳහා කාලය
ලබාදෙන ලෙසයි.
කාලය ගත්තත් නම් මේවා වැඩකට නැති වැඩ. රටකට කරන්න හොඳ නැති
වැඩ. ජනාධිපතිවරයා වැඩේ මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය.
වාහන බඳවල් ආනයනය කිරීම සඳහා කර තිබූ යෝජනාවක් ද නැවත සලකා
බලන්නට යොමුකර කල් දැමිනි.
ඊටත් පසුව අධිවේගී මාර්ගයේ ඉතිරි ටික මාතර දක්‌වා ඉදිකිරීම ගැන
යෝජනාවක් ද තිබිණි. එයට අනුමැතිය ලැබිණි. විදුලිබල මණ්‌ඩලය
සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ගැන යෝජනා කර තිබූ විදුලක්‌පාය
ටෙන්ඩරය ද අනුමත විණි.
ඊට පසුව තව වැදගත් යෝජනාවක් සැලකිල්ලට ගැනිණි. වාහන පැදවීමේදී
සීට් බෙල්ට් පැළඳීම පිළිබඳ යෝජනාව අලුත් වී තිබිණි. සීට්
බෙල්ට් නොපැළඳ සිටින අය කෙළින්ම උසාවි යවනවා වෙනුවට දඩ කොලයකට
යටත් කිරීම මෙයින් යෝජනා කර තිබිණි.
කාලයක් තිස්‌සේ මහත් ආන්දෝලනයට ලක්‌ව තිබූ වැඩබලන
විදුහල්පතිවරු පිළිබඳ යෝජනාවට ද මෙහිදී අනුමැතිය ලැබිණි.
කොන්දේසි තුනක් පනවා තිබිණි. මෙවන් පත්කිරීම් ස්‌ථිර කරන
අවසන් අවස්‌ථාව මෙය බව පළමු කොන්දේසියයි. ස්‌ථිර කරන අය වැඩබලන
විදුහල්පතිකමේ වසර තුනකට වඩා පළපුරුද්දක් තිබීම ඉතිරි
කොන්දේසියයි. විනය ප්‍රශ්න කිසිවක් නොමැති අය වීම තෙවැනි
කොන්දේසියයි. මේ සීමාවලට අයත්ව පත්වීම් ස්‌ථිර කිරීමට අනුමැතිය
ලැබිණි.
ඔන්න බන්දුල දැන් වැඩේ හරි. දැන් ඔයාගෙ ප්‍රශ්න ඉවර ඇති
නේ.....
ඒක නම් ඉවරයි සර.¨ ඒ වුණාට.... කියමින් බන්දුල තවත්
ප්‍රශ්නයක් විස්‌තර කරන්නට පටන් ගත්තේය.
අවසානයේ දැයට කිරුළ පිළිබඳ තිබූ කැබිනට් පත්‍රිකාවකට පසුව
රැස්‌වීම අවසන් කෙරිණි.
ඒ අතරතුර ජෝන් සෙනෙවිරත්න නැඟිට තම අමාත්‍යාංශය සඳහා එක්
නිලධාරියකුට සේවය දීර්ඝ කිරීමක් ගැන කතා කර යෝජනා කරන්නට පටන්
ගත්තේය.
චම්පික රණවක ඊට ඉඳුරාම වෙනස් යෝජනාවක් කරමින් කීවේ මේ
නිලධාරියා අන්ත දූෂිත නිලධාරියකු බවය.
ඔහුගේ සේවා දීර්ඝය අනුමත කළ නොහැකි යෑයි ඔහු කීවේය.
මේ අතර වාසුදේව නානායක්‌කාර කතා කරමින් ඉහත කී නිලධාරියා අවංක
දක්‍ෂ කාර්යශූර නිලධාරියකු බැවින් සේවා දීර්ඝය ලබාදිය යුතු
යෑයි යෝජනා කළේය. තත්ත්වය මේ වන විට විවාදයක සිරි ගත්තේය. හුඟ
දෙනෙක් නිලධාරියා දූෂිතයකු යෑයි කීහ.
ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා තරහ වෙන්න එපා. මේ කියන නිලධාරියා
මම දන්නවා. අන්ත දූෂිත සවුත්තු නිලධාරියෙක්. එයාට විරුද්ධව
චෝදනා රැසක්‌ම තියෙනවා. බරපතළ චෝදනා. මහින්දානන්ද කරුණු
කියන්නට විය.
කෙසේ වෙතත් මේ විවාදය උඩ සේවා දීර්ඝය නොලැබිණි. වාසු හා ජෝන්
තරමක් නොමනාපයෙන් පසුවන බව පෙනිණි.
මේ අතර ඩිව් ගුණසේකර ජනාධිපතිතුමන්ට වෙනත් යෝජනාවක් කළේය.
අපේ රට ගැන තියන ජාත්‍යන්තර තත්ත්වය දැන් ආයෙත් නරක අතට හැරිලා
බව පේනවා. ඇත්තටම ජනාධිපතිතුමනි, අපට ඒ ගැන හරි චිත්‍රයක්
නැහැ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔය තත්ත්වය කලිනුත් ඇතිවුණා නේ... මම යුද්ධය කරන්න පටන් ගන්න
කොටම මම දන්නවා ඇමරිකාව ඇතුළු බලවත් රටවල් අපට කවදාහරි හරහට
හිටින බව. දැන් එයාලා මාව මොනවට හරි කොටුකරගන්න දඟලනවා. අපේ
ඇමැතිවරුන් නිලධාරීන්ව අල්ලගෙන මොකක් හරි ලොකු කලබැගෑනියක්
කරන්න සූදානම් වෙනවා. ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. නමුත් මම ඔය
එක ප්‍රශ්නයකටවත් බය නැහැ ජනතාව අපි එක්‌ක ඉන්නතුරු.
මේ අතර ලංකාව වෙනුවෙන් කරුණු දක්‌වන්න ඇමරිකාවේ ආරාධනයකට අනුව
විදේශ ඇමැති ජී. එල්. පීරිස් වොෂින්ටනයට යන්නට තිබෙන සූදානම
ගැන කතාබහක් ඇති විය.
අපි ඇමරිකාවට ගිහිල්ලා එයාල ළඟ කරුණු කියන්න යන්න ඕන නැහැ. ඒක
වැරැදියි. විමල් වීරවංශ කීවේය.
නැහැ. මම හිතන්නේ නැහැ. අපිට විරුද්ධව එයාලා චෝදනා පත්‍රයක්
ඉදිරිපත් කරලා තියෙනව නේ. ඒකට අපි උත්තර දීම අවශ්‍යයි.
ජනාධිපති කීවේය.
ඩිලාන්, මහින්දානන්ද, ඩලස්, අනුර යාපා, මෛත්‍රිපාල යන
කිහිපදෙනා ද කතා කරමින් කීවේ එසේ රට වෙනුවෙන් කරුණු දැක්‌වීමට
යැම වරදක් නොවන බවයි. හිලරි ක්‌ලින්ටන්ගේa චෝදනා පත්‍රයට
උත්තර දිය යුතු බව යෝජනා කළහ.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම එතනට ආවේ ඔය කතාව ඇදී යන අතරතුරය.
ඔහු තමන් ප්‍රමාදවීමට හේතුව කීවේය. හිටිහැටියේම දුම්රිය සේවක
සමිතියක් පාලනාධිකාරියට නොදන්වා පටන් ගත් වැඩවර්ජනයක් පාලනය
කරන්නට තමන් එහි ගිය බව ඇමැතිවරයා කීවේය. වැඩවර්ජනය පාලනය කළ
ආකාරය ගැන ද ඇමැතිවරයා පැහැදිලි කළේය.
ඉන්පසුව සියලුම දෙනා සතුටින් විසිර ගියහ.
නිහැඬියාව
පසුගිය සතිය තුළ දේශපාලන ලෝකයේ දක්‌නට ලැබුණ විශේෂත්වය වූයේ
ආණ්‌ඩු පක්‍ෂයත්, ප්‍රධාන විපක්‍ෂය වූ එක්‌සත් ජාතික පක්‍ෂයත්
හැරුණ විට සෙසු පක්‍ෂ තරමක් නිද්‍රdශීලී ගතියක පසුවීමයි.
විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ කලහකාරී කණ්‌ඩායම සිය සටන්
පෙරමුණුවල සිට ආරම්භ කර තිබූ මහසටන තරමක පසුබෑමකට ලක්‌ව තිබුණා
යෑයි කිවහොත් එය නිවැරැදිය.
ඒ හා සමගම ජනතා විමුක්‌ති පෙරමුණේ සෝමවංශ පිලේ නායකයෝ ද, වැඩි
සද්ද බද්ද නැත. සුපුරුදු පරිදි මාධ්‍ය හමුවේ කරන අදහස්
ප්‍රකාශ කිරීම් හා නිවේදනවලට අමතරව දේශපාලන කටයුතු කිසිවක්
තිබුණේ නැති තරම්ය.
මේ අතරතුර සජිත් පිල හා කරු පිල ද ප්‍රාදේශීයව ඒ ඒ පළාත්වලට
යමින් කළ දේශපාලන කටයුතු හා සංවිධානගතවීම් හැරුණ විට ජාතික
තලයේ ක්‍රියාකාරකම් කිසිවක් නොකළහ.
එහෙත් එජාප නායක රනිල් නිකන් බලා සිටියේ නැත. ඔහු තම
විශ්වාසවන්තම ප්‍රාදේශීය නායකයකු වන අනුරාධපුරයේ කස්‌තුරි
අනුරාධනායකව කොළඹට කැඳවා ගත්aතේය.
ඔයගොල්ලො පටන් ගත්තා නේද ලංකාවෙම අපේ ඉන්න පළාත් සභා
මන්ත්‍රීවරු එකතු කරල පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයක්
රනිල් අනුරාධගෙන් ඇසීය.
දැන් ඒකේ තත්ත්වය මොකක්‌ද? අප අපේ ලංකාව වටේම ඔය වැඩසටහන
ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වැඩේ ඔයා බාරගන්න. ඒ මොහොතේ රනිල්
දුරකතනයෙන් වජිර අබේවර්ධනට ද කතා කොට අනුරාධ සමග ඒ වැඩේ කරන්නට
බාර කළේය.
නාගසේන
|
|
|
|