විවාහයක්‌ කඩා ඉහිරවන ග්‍රහයෝ කවුද...
ප්‍රවීණ ජ්‍යෙdතීර්වේදී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන


විවාහ බිඳවැටෙන හේතු
ජ්‍යෙdතිෂයෙන් සොයා ගනිමු

අපර්ණාත් වරුණත් මුලින්ම හමුවන්නේ දෙදෙනා වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනගත් කාලයේ පටන්ය. මුලදී ඇතිවූ හිතවත්කම කල්යත්ම ප්‍රේමය දක්‌වා මුහුකුරා ගියේය. පෙම්වතුන් ලෙස වෛද්‍ය විද්‍යාලයේ ගත කළ වසර හතරක කාලය ඇවෑමෙන් වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබා කොළඹින් බැහැර ඈත පළාතකට යන්නේත් දෙදෙනා එකට එකම රෝහලකටය.

මේ අතර දෙමාපිය නෑ හිතවත් සියල්ලන්ගේම ආශිර්වාද ලැබ අපර්ණාගේත් වරුණගේත් විවාහය සිදුවෙයි. අපර්ණාගේ මවගේ

පෙරැත්තය පිට විවාහයට පෙර දෙදෙනාගේ හඳහන් කොපි සස¹ බැලුව මුත් පොරොන්දම් 20 න් 15 ක්‌ම හොඳින් ගැලපී තිබුණෙන් කිසිවකුට ඒ පිළිබඳව දෙගිඩියාවක්‌ වූයේ නැත.

එකම රෝහලක එකම වෘත්තිය කරමින් විවාහ දිවියට එළැඹ එකම වහළක්‌ යට එකට ජීවත් වන්නට පටන් ගත් මේ දෙදෙනා අතර නොහොඳ නෝක්‌කාඩුකම් මතුවන්නට වැඩි කාලයක්‌ ගත වූයේ නැත. ඒ නොහොඳ නෝක්‌කාඩුව කෙළවර වූයේ විවාහයට වසරකට පමණ පසු දික්‌කසාදයකින් දෙන්නා දෙපැත්තට වීමෙන් අනතුරුවය.

පෙම්වතුන් ලෙස රන් හා රස සේ ජීවිතය ඇරඹූ මේ දෙදෙනා අඹුසැමියන් බවට පත්වී වසරක කාලයක්‌වත් එකට ජීවත් වන්නට දෛවය වෙතින් වාසනාව නොලැබුවේ ඇයි.

ඊට සරිලන සාධාරණ උත්තරයක්‌ කිසිවකු ළඟ තිබුණේ නැත. දෙන්නා දෙදෙනාට ඇඟිලි දිගුකර ගනිමින් දෙස්‌ දෙවොල් තබාගන්නවා හැර කියා ඔප්පු කරන්නට කිසිදු හේතුවක්‌ වූයේ නැත. අපි අද මේ සූදානම් වන්නේ උත්තරයක්‌ නැති ඒ ප්‍රශ්නය බඳු දහසකුත් එකක්‌ ප්‍රශ්නවලට උත්තරය ජ්‍යෙdතිෂය තුළින් සොයා ගන්නටය.

සංසාර ගමනේදී අපට ඇසුරු කරන්නට සංසාර පුරුද්ද අනුව හොඳ නරක දෙවර්ගයේම පුද්ගලයන් මුණගැසෙනවා. විවාහය සඳහාත් එහෙමයි. බුද්ධත්වයට පත්වුණු සිද්ධාර්ථ කුමාරයාට වුණත් එක ආත්මයකදී එතුමන්ව කන්දෙන් පහළට තල්ලු කරපු භාර්යාවක්‌ පවා හමුවෙලා තියෙනවා. ඒ කිව්වේ මාගන්ධි කුමරියත් චිංචි මානවිකාවත් කියන දෙදෙනාම යම් යම් ආත්ම භව වලදී බෝධි සත්වයන්ට භාර්යාවෝ වෙලා තියෙනවා. ඒ ගොල්ලෝ බෝධිසත්වයෝ බුදුවන තුරුම සංසාරේ හැමතැනම අරියාදුවට හිටියා.

තමන්ට හරියටම ගැලපෙන නියම භාර්යාව තෝරාගන්න එක එදා බෝධිසත්වයන්ටත් බැරි වුණා. එහෙමනම් කොහොමද මේක කරන්නේ... අන්න ඒ ප්‍රශ්නයට උත්තරය විදියට තමයි ජ්‍යෙdතිෂය කියල මහානුභාවසම්පන්න විෂයයක්‌ මේ විශ්වය තුළ බිහිවෙලා තියෙන්නේ. ජ්‍යෙdතිෂය හරියට ප්‍රයෝජනයට ගත්තොත් ඊට උත්තරය හොයා ගන්න එක අමාරු නැහැ.

මුලින්ම අපි කියපු අපර්ණාත්, වරුණත් ඉතා හොඳින් ආදරය කරන්න මුල පිරුවා. සමාජ තත්ත්වයෙනුත් අනෙකුත් බාහිර සාධකවලිනුත් දෙන්නා ගැලපුනා. හැමෝගෙම ආශිර්වාදයත් ලැබුණා. ඒත් අන්තිමේ මොකද වුණේ... එහෙම පවුල් කොච්චර ඉන්නවද. ඒ වගේම කසාද බැඳල මැරෙනතුරුම උඹ නොදකින් කියාවත් කියා නොගෙන සාමකාමීව ජීවත්වෙන අයත් කොච්චර ඉන්නවද? මෙන්න මේ හැම දෙනාගේම අනාගතය නිසැකව කල්තියා දැනගත හැකි එකම ශාස්‌ත්‍රය තමයි ජ්‍යෙdතිෂය. ජන්ම කේන්ද්‍රය ඇසුරින් ඒ චර්යාව ඕනම කෙනකුට කල්තියා විනිශ්චය කරගත හැකියි.

කෙනකුගේ විවාහය සාර්ථක වේවිද නැත්නම් මගදි කඩාකප්පල් වේවිද කියල කල්තියා අපට කියන "යෝග" රාශියක්‌ ජ්‍යෙdතිෂය තුළ තියෙනවා. අද අපි මුලින්ම සලකා බලන්නේ විවාහය කඩාකප්පල් වන යෝග ගැන... අපි මේවාට දෝෂ කියලත් කියනවා.

වෛධව්‍ය දෝෂය

මේ අතරින් අපට ඉතාම වැදගත් වන මුල්ම දෝෂය තමයි "වෛධව්‍ය දෝෂය".

වෛධව්‍ය දෝෂයට ප්‍රමුඛයා වන ග්‍රහයා තමයි අඟහරු. දෙවැනියා තමයි රාහු. තුන් වැනියා සෙනසුරු. හතරවැනියා ගුරු. පස්‌වැනියා කේතු.

ගුරු ශුභ ග්‍රහයෙක්‌ ලෙස සැලකුණත් ඇතැම් කේන්ද්‍රයක එම ගුරුම අටවැන්න අධිපති වශයෙන් හෝ 22 වැනි දෙකර්ණාධිපතියා වශයෙන් හෝ සිටියොත් ඒ ගුරුත් වෛධව්‍ය දෝෂයට හවුල්කරුවෙක්‌ වනවා.

වෛධව්‍ය දෝෂයේදී ඉහත කී අඟහරු (කුජ), රාහු, සෙනසුරු, ගුරු හා කේතු කියන ග්‍රහයින් පස්‌ දෙනා යම් ජන්ම කේන්ද්‍රයක අශුභ විදියට පිහිටියොත් විවාහය කඩා ඉහිරුවන්න, විවාහය ප්‍රමාද කරන්න, විවාහකයා රෝගාතුර කරන්න බලපානවා. සමහරවිට විවාහකයාගේ මරණය ළඟා කරන්න පවා බලපානවා. එම වෛධව්‍ය දෝෂය පිහිටන්නේ මෙන්න මෙහෙමයි.

ස්‌ත්‍රී කේන්ද්‍රයක ලග්න, චන්ද්‍ර, සිකුරු කෙරෙන් 7, 8 යන ස්‌ථානවල පාප ග්‍රහයන් සිටීමෙන් වෛධව්‍ය දෝෂය යෙදෙනවා. මෙහි රූපසටහන බලන්න. ලග්න චන්ද්‍ර දෙදෙනාගෙන්ම 8 සහ 7 ස්‌ථානවල රාහු කුජ කියන පාප ග්‍රහයන් දෙදෙනා ඉන්නවා. මේක තමයි වෛධව්‍ය දෝෂය. මෙකී ලග්නයේ සිකුරු සිටින නිසා නිසැකවම විවාහය වෙනවා. නමුත් දෝෂය නිසා විවාහය බිඳෙනවා. දෙවැනි විවාහයකට ලක්‌වෙනවා.

ඒ වගේම සිකුරු පීඩාවට පත්වීම තුළිනුත් වෛධව්‍ය දෝෂය උදා වෙනවා. සිකුරු පීඩාවට පත්වීම යනු සිකුරු ග්‍රහයා තවත් පාපියකු සමග යෝගවීම හෝ පාපියකුගේ තැනක සිටීම නිසා විය හැකියි. මෙතනදී පාපී යෑයි සඳහන් කළේ ශනි හෙවත් සෙනසුරු, රාහු, කුජ හෙවත් අඟහරු විය හැකියි. එයාලා නෛසර්ගික පාපියෝ ලෙසයි හඳුන්වන්නේ. ඒ වගේම 6, 8, 12 යන රාශියක්‌ අධිපති ග්‍රහයාගේ නැකතක එම සිකුරු සිටින්නත් පුළුවන්. මේ පිළිබඳව ඉතා සැලකිලිමත්ව පරීක්‍ෂා කර බලන්න වෙනවා.

එමෙන්ම පුරුෂ කේන්ද්‍රයක ලග්න චන්ද්‍ර සිකුරු කෙරෙන් 2, 7 යන ස්‌ථානවල පාපීන් සිටීමත් වෛධව්‍ය දෝෂයක්‌. මෙන්න මේ තත්ත්වය සලකා නොබලා පොරොන්දම් ගැලපීමෙන් පමණක්‌ මේ විවාහය සාර්ථක වේවි කියලා අපට කියන්න බැහැ. මේවා ගැන නොසලකා පොරොන්දම් විතරක්‌ බැලුවොත් ජ්‍යෙdතිශාස්‌ත්‍රඥයා බලවත් වරදක්‌ කළා වෙනවා. මේ දෝෂ එකක්‌ හෝ තිබිලා පොරොන්දම් 20 න් 15 ක්‌ ගැලපුණත් වැඩක්‌ වෙන්නේ නැහැ නැහැමයි.

සමහරවිට මේ කිසිදු දෝෂයක්‌ නැතිව පොරොන්දම් 20 න් 10 ක්‌ ගැලපුණත් ඒක විවාහයකට සුබ තත්ත්වයක්‌.

ජ්‍යෙdතිෂයේදී අපි ග්‍රහයකු පීඩා වනවා කියා දෙයක්‌ ගැන කතා කරනවා. සමහරුන්ට මේක අපබ්‍රංසයක්‌. පීඩා වනවා කියන්නේ යම් ග්‍රහයෙක්‌ නීචව සතුරු රාශීගතව හෝ පාපීන් සමග සංයෝගව සිටීම නිසා හෝ පාප දෘෂ්ඨි ලැබීම නිසයි. පාපීන් සමග සංයෝගව කියල කියන්නේ කුජ, රාහු, කේතු, සෙනසුරු වගේ පාප ග්‍රහයෙක්‌ හෝ රාශියක්‌ එක්‌ක එකම රාශියක සිටීමයි. උදාහරණ වශයෙන් පුරුෂ කේන්ද්‍රයේ කුජ 2 හෝ 7 සිටීමයි. එසේම සඳු සිටි රාශියේ සිට 2 වැන්නේ හෝ හත් වැන්නේ පාපියෙක්‌ සිටීමයි. එසේම සිකුරු සිටි රාශියෙන් 2 වැන්නේ හෝ 7 වැන්නේ පාපියකු සිටීමයි.

මෙබඳු වෛධව්‍ය කේන්ද්‍රයක්‌ හිමි අයකුට පිරිමියකුට ඉහත කී අපල උපද්‍රව එලෙසම පවතිනවා. මෙහෙම පිරිමියෙක්‌ විවාහ වන්න ඕන නම් එයා හොයන්න ඕන මේ වගේම වෛධව්‍ය දෝෂ සහිත ස්‌ත්‍රී කේන්ද්‍රයක්‌. ඔන්න එතකොට දෝෂයට දෝෂය කැපී ගොස්‌ විවාහයට සුදුසුකම් ලබනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් කැහි ගෑනිට හරියන කැහි ගෑනියෙක්‌ම හොයා ගන්න ඕන... හොටු ගෑනියෙක්‌ හරි යන්නේ නැහැ.

භෞම දෝෂය

ඔන්න ඔය වගේ විවාහ ජීවිතයට බාධාකාරී වන තවත් දෝෂයක්‌ තමයි භෞම දෝෂය කියල කියන්නේ. අපි භෞම කියල කියන්නේ අඟහරුට. භෞම දෝෂය යනු ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක 1, 2, 4, 7, 8 හෝ 12 යන ස්‌ථානයක කුජ හෙවත් අඟහරු සිටීම නිසා හටගන්නා දෝෂයයි.

එහෙම වුණත් විවාහයට ගන්නා අනිත් කේන්ද්‍රයේ එම රාශියේ කුජ හෝ රාහු සිටියේ නම් එම දෝෂය බිඳී යයි. එවිට විවාහයට යෝග්‍ය වෙනවා.

මෙන්න මේ භෞම දෝෂය නිසා එක්‌ අයෙක්‌ වැන්දඹු වීම, දික්‌කසාදවීම ආදිය සිදුවිය හැකියි. මේ කුජ හෙවත් භෞම දෝෂය භංගවන ආකාර කිහිපයකුත් පුරාණාචාර්යවරු කියා දී තිබෙන බැවින් මෙහෙම භෞම දෝෂ තිබෙන අයටත් විවාහයේදී ගැලපෙන සහකරුවෙක්‌ හා සහකාරියක්‌ සොයාගත හැකියි.

අපි කවුරුත් දන්නවනේ රාම කුමාරයා. රාම කුමාරයටත් තිබුණා භෞම දෝෂයක්‌. ඔහුගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා හත්වැන්නේ උච්චව සිටියා. 7 වැන්න අධිපතියා ද උච්චව සිටියා. මේ උච්ච බලය නිසා ඔහුට බලවත් බිරිඳක්‌ ලැබුණා. නමුත් රාවණා ඒ බිරිඳව පැහැරගෙන ඒම නිසා ඔහු ජීවිතේ බොහෝ කලක්‌ සිටියේ තනිකඩව.

බිහිසුණු යුද්ධයකින් පසුව රාම සීතාව දිනාගත්ත නමුත් ජීවිතේ ඉතිරි ටික ඒ දෙදෙනා ගෙවා දැම්මේ සතුටින් නොවෙයි. සීතා රාවණා සමග ගියේ සිය කැමැත්තෙන් බවට රාමා නිතරම සැක කළා.

අර රැපියෙල් තෙන්නකෝන් මහත්තයා එක්‌ පොතක ලියලත් තියෙනවා රාවණා ගිහින් සීතට පමණක්‌ ඇහෙන්න "ටික්‌" හඬින් කෝටු කැබැල්ලක්‌ කැඩුවේය... ඉන් රාවණා දුටු සීතා ඔහු සමග ආවාය කියලා.

ඒ වගේම අපේ සිද්ධාර්ථ කුමාරයාටත් තිබුණා කේන්ද්‍රයේ භෞම යෝගයක්‌. කුජ හත්වැන්නේ... ඒ කිව්වේ අඟහරු හතේ උච්චව සිටියා. කුජ, කටක ලග්නයට රාජ යෝග කාරකයා නිසාත් ලග්නයේ ගුරු බලවත්ව සිටි නිසාත් සහකාරිය මියගියේ නැහැ. එහෙත් දෙදෙනාගේ වෙන්වීම සිදු වුණානේ.

අපට මෙන්න මේ නිදසුන් දෙක ඇසුරින් පුළුවන් භෞම යෝගය රජකුට යෙදුනත් විවාහය බිඳවැටෙන බව පෙන්වන්න.

රාහු හත්වැන්නේ සිටීමත් කුජ හත්වැන්නේ සිටීම තරමටම නරකයි. රාහුගේ රාජකාරිය දෙදෙනා භේද කිරීමනේ. සැක කිරීමනේ. ගුප්ත ජීවිතයක්‌ ගොඩනැඟීම නේ. අන්තිමේ විවාහය අවුල් කරවනවා.

ශනි දෝෂය

ඒ වගේම තවත් දෝෂයක්‌ තියෙනවා ශනි දෝෂය කියලා. සෙනසුරු හත් වැන්නේ සිටීම ශනි දෝෂය කියලා අපි පිළිගන්නවා. ශනි දෝෂය කෙනකුට උදා වුණාමත් විවාහය බිඳ වැටෙනවා කියලා මතයක්‌ තියෙනවා. මගේ හැඟීම නම් ඒක සම්පූර්ණ සත්‍යයකුත් නොවෙයි. සම්පූර්ණ අසත්‍යයකුත් නොවෙයි. මොකද සෙනසුරු කියන්නේ හත් වැන්නට දිග්බල ග්‍රහයා කියල තමයි අපි පිළිගන්නේ. ඒ කියන්නේ ශනි හත්වැන්නට ඔරොත්තු දෙනවා.

අපි එහෙම කියන්නේ හත්වැන්න කියන්නේ අපේ ශරීරයේ මළ ගබඩාවට හා මුත්‍රා ගබඩාවට කාරක ස්‌ථානයයි. සෙනසුරා කියන්නේ කසළ ශෝධක ග්‍රහයා. ඉතින් එයාට හිමි තැන තමයි කසළ ගබඩාව.

ඒ වගේම සෙනසුරු හත්වැන්නේ සිටීම තුළ අත්වෙන අහිතකර ප්‍රතිඵල රාශියකුත් තියෙනවා. විවාහය පමා කළ හැකියි. විවාහකයා තමාට වඩා වයස්‌ පරතරයෙන් බොහෝ වෙනස්‌ කළ හැකියි. විවාහකයා බොහෝ ඉක්‌මනට මහලු කළ හැකියි.

ඒ වගේම තමයි සෙනසුරු කියන්නේ දුක්‌ පීඩා ඉසිලීමට සමත් ග්‍රහයා. විවාහය කියන්නේ දුක්‌ පීඩා හිරිහැර කරදර සහිත තැනක්‌ නේ. ඉතින් සෙනසුරු හත් වැන්නේ ඉන්න විට එය ඉසිලීම වඩා පහසුයි. සෙනසුරු විවාහක යුවළට දුක්‌ පීඩා ඉසිලීම පහසු කරවනවා. පුරුදු කරනවා.

සෙනසුරු හතේ ඉන්න අය රණ්‌ඩු වෙනවා. නමුත් රණ්‌ඩුව වෙලා තරහ තියෙන්නේ බත ඉදෙන තුරු විතරයි. තරහා වෙලා ගෙදරින් ගියාට ආයෙත් ගෙදර එනවා. අඟහරු හතේ අය එහෙම නොවෙයි. උන් ගියොත් ගියාමයි. ආයේ එන්නේ නැහැ. ඒත් සෙනසුරු හතේ අය ආපහු එනවා.

ඔය තරහ තියෙන්නේ බත ඉදෙනතුරු විතරයි කියන කතාව කියනවානේ. ඕක හරි අපූරු අර්ථයක්‌ තියෙන කතාවක්‌.

ඔන්න සැමියයි, බිරිඳයි ලොකු රණ්‌ඩුවක්‌ වෙනවා කියමු. ශනි යෝගය තියෙන්නේ සැමියට නම් ඔහු රණ්‌ඩුවෙලා ඔක්‌කොම දමල ගහලා ගෙදරින් යනවා.

ඒත් ටික වෙලාවකට පස්‌සේ මෙන්න ආපහු ඔහු ගෙදර එනවා. එතකොට බිරිඳ බත ලිපේ තියලා උයන්න පටන් ගන්නවා. උයලා බත් පිඟානකට බෙදලා මේසේ හෝ පිල උඩ හෝ තියලා කියනවා... බඩගිනි කෙනෙක්‌ ඉන්නවා නම් ඔන්න කන එකයි ඇත්තේ කියලා... සැමියා ඇවිත් කනවා. කාල ඉවරවෙලා ඔහු කියනවා තව කවුරුහරි ඉන්නවා නම් ඔන්න ඉතුරුවෙලා කියලා. එතකොට බිරිඳත් ඇවිත් කනවා. කාල ඇය කියනවා නිදිමත කෙනෙක්‌ ඉන්නවා නම් ඔන්න නිදාගන්න එකයි කියලා... සැමියා නිදි යහනට යනවා ගිsහින් ඔහු කියනවා තව නිදිමත කෙනෙක්‌ ඉන්නවා නම් ඔන්න ඉඩ තියෙනවා කියලා. ඔය විදියට දෙන්නගේ තරහ මරහා නිවිලා ගිහිල්ලා වෙන්න ඕන දේවල් වෙලා අන්තිමේ දෙන්න ඇඳෙන් නැගිටින්නේ කිරියි පැණියි වගේ යාළු වෙලා.

මෙන්න මේ ප්‍රධාන දෝෂ තුනට අමතරව ශනි මංගල දෝෂය, චත්හු මංගල දෝෂය, කඩහන්දි දෝෂය, නාශාංශක දෝෂය ආදී තවත් විවාහයට බාධාකාරී දෝෂ හතරකුත් තියෙනවා.

මෙතනදී ශනි මංගල දෝෂය යනු කුජ, ශනි දෙදෙනා කේන්ද්‍රයක නැකතක හෝ රාශියක එකට සිටීමයි. චන්ද්‍ර මංගල දෝෂය යනු සඳු හා කුජ යෝග වී එකට සිටීමයි. කඩහන්දි දෝෂය යනු විවාහ අපේක්‍ෂිත දෙදෙනාටම එකම කාලයක එකම දශාවක්‌ ලබා තිබීමයි. නාශාංශක දෝෂය යනු උපතේදී ගුරු ග්‍රහයා පුනාවස වීසා, පුවපුටුප යන නැකතක පළමු පාදයේ වීමයි. එසේම සෙනසුරු පුෂ, අනුර, උණුපුටුප යන නැකතක දෙවන පාදයේ සිටීමත් සිකුරු ග්‍රහයා බෙරණ පුවපල් පුවසල යන නැකතක හත්වන පාදයේ සිටීමත්, රවි ග්‍රහයා කැති උණපල් උනසල නැකතක හතරවන පාදයේ සිටීමත් නාශාංශක දෝෂ වේ.

මෙන්න මේ වගේ කාරණා නිසා විවාහයන් බිඳී යන බව අපි ජ්‍යෙdතිෂය තුළින් ඉගෙන ගෙන තිබෙනවා.

පුරාණාචාර්යවරු පවසන විදියට සමහරවිට මේ එක්‌ කරුණක්‌, හේතුවක්‌ නිසා විවාහය බිඳී යා හැකියි. සමහර අවස්‌ථාවල මේ හේතු, කරුණු තුන හතරක්‌ම එකම කේන්ද්‍රයක බලපාන අවස්‌ථා අපට දක්‌නට ලැබෙනවා. කොහොම නමුත් විවාහයක්‌ බිඳවැටෙන්න මේ මොනම එක කරුණක්‌ වුවත් ප්‍රමාණවත් බවයි මම දකින්නේ.

අපි ජ්‍යෙdතිෂය දන්නා අය විදියට කේන්ද්‍ර සටහන් දෙකක්‌ විවාහයක්‌ ගැන බලන්න අපට ගෙනත් දුන්නාම පළමුව බලන්න ඕන මේ දෝෂවලට අහුවෙනවද කියන එක. අහු වුණොත් නිසැකවම ඒ විවාහය අතරමගදී බිඳවැටෙනවාමයි. ඒ හේතු තිබියදී පොරොන්දම් කොතරම් ගැලපුණත් කිසි ප්‍රයෝජනයක්‌ නැහැ.

අනික්‌ අතට මෙහෙම දෝෂයක්‌ තිබෙන කේන්ද්‍රයකට මේ දෝෂයම සහිත කේන්ද්‍රයක්‌ ලැබුණොත් ඔන්න ඒ දෙක තකට තක ගැලපෙනවා. ඒ කිව්වේ පිරිමියා අඟහරු හතේ නම් ස්‌ත්‍රියත් අඟහරු හතේම වීම ඉතා සුබයි. එහෙම තමයි අපි කේන්ද්‍ර ගලපන්න ඕන. පොරොන්දම් පසුව බලන්න ඕන.

කේන්ද්‍රවල මෙන්න මේ වගේ අශුභ ලක්‍ෂණ තියෙනවා වගේම ශුභ ලක්‍ෂණත් ගණනාවක්‌ තියෙනවා. අපි ලබන සතියේ බලමු කොහොමද විවාහයේ පෙර සුබ ලකුණු හඳහනෙන් බලන්නේ කියලා.


පැනයට පිළිතුර

* කාල සර්ප යෝගය යනු කුමක්‌ද... පැහැදිලි කර දෙන්න?

කාල සර්ප යෝගය යනු කලාතුරකින් යෙදෙන යෝගයකි. ජන්ම කේන්ද්‍රයකට මෙය උදාවන්නේ කලාතුරකිනි. පසුගිය දිනවලත් මේ යෝගය උදාවී තිබුණ බව පෙනුණා.

කාල සර්ප යෝගයට හුඟ දෙනෙක්‌ බය ඇයි කියල කියනවා නම් එය උදාවූ කෙනකුගේ ජීවිතයේ පැත්තක්‌ම අසාර්ථක වීමයි. මෙය කෙලින්ම විවාහ ජීවිතයට බලපාන යෝගයක්‌. කේන්ද්‍රයේ රාශි 12 න් එක පැත්තක විතරක්‌ ග්‍රහයෝ පිහිටලා අනෙක්‌ පැත්ත හිස්‌ව තිබීම තමයි මෙහි පැහැදිලිම ලක්‍ෂණය. ඒ වගේම එක පැත්තක පිහිටලා තියන ග්‍රහයෝ සියල්ලෝම රාහුට හා කේතුට මැදිව තිබීම මෙහි විශේෂත්වය... රාහු හා කේතු කියන්නේ නෛසර්ගික පාපී ග්‍රහයෝ දෙන්නෙක්‌ නේ.

අපි කාල සර්ප යෝගය යෙදෙන්නේ කොහොමද කියලා රූපසටහනක්‌ ඇසුරින් බලමු.

පහත කේන්ද්‍රයේ බුද, ගුරු, සඳු කියන ග්‍රහයෝ තුන්දෙනාම 1 කොටුවේ තියෙනවා. කුජ ශනි දෙදෙනා 4 කොටුවේ. කේතු 5 කොටුවේ. සිකුරු 12 කොටුවේ රාහු 11 කොටුවේ... මෙහි සියල්ලම ග්‍රහයෝ ඉන්නේ රාහුත් කේතුත් අතර. 6, 7, 8, 9, 10 කියන පැත්තේම එකදු ග්‍රහයෙක්‌ වත් නැහැ. මෙන්න මේක තමයි කාල සර්ප යෝගය කියලා කියන්නේ. මෙය උදාවූ කෙනකුට ජීවිතයේ සම්පූර්ණයෙන්ම එක්‌ පැත්තක්‌ අසාර්ථකයි. ඒ පැත්තේ කොටුවලින් කියන කිසි දෙයක්‌ මෙයාලගේ ජීවිතයට නැහැ. එහෙම කේන්ද්‍රයක්‌ හිමි අයෙකුට ජීවිතයේ මුලදී හෝ අගදී මේ යෝගයෙන් සිදුවන අපලය තදින් බලපානවා.

මේ වගේ තදබල අපල තත්ත්වයන් පෙන්වන තවත් කේන්ද්‍රයක්‌ විමසා බලමු. මේ කේන්ද්‍රය හිමි වන්නේ අවුරුදු 42 ක්‌ වයසැති කාන්තාවකට. ඇගේ රාහු 3 කොටුවේ. කේතු 9 කොටුවේ. ඒ අතරට මැදිවෙලා 4 කොටුවේ සෙනසුරු, 9 කොටුවේ සඳු, 7 කොටුවේ කුජ, 8 කොටුවේ රවි බුද ගුරු සිකුරු කියන 4 දෙනාම ඉන්නවා. මේ කේන්ද්‍රයේ කුජ හතේ නිසා භෞමි දෝෂයන් තියනවා. ඒ වගේම වෛධව්‍ය දෝෂයත් තියනවා. මෙම කේන්ද්‍රයට අනුව දුෂ්ට රාශියක්‌ වූ 8 වැන්නේ ග්‍රහයෝ හතර දෙනෙක්‌ම ඉන්නවා. සිකුරු අටේ. සඳු උච්චව 5 වැන්නේ ඉන්නවා සස යෝගය ද සහිතව. ඒ නිසා නිසැකවම විවාහයක්‌ සිදු වෙනවා. ඒ වගේම කුජ නීචව 7 වැන්නේ ඉන්න නිසා විවාහයට බාධා ඇති වෙනවා. අවසානයේ විවාහය බිඳ වැටෙනවා. නඩු හබවලට පැටලෙනවා. බොහෝවිට මේ වගේ කෙනකුට විවාහයට ලැබෙන්නේ ජාති, කුල, මල, ආගම් සියල්ලටම වඩා වෙනස්‌ කෙනෙක්‌ව.

මේ කාන්තාවගේ පළමු විවාහය බිඳවැටුණා. පළමු සැමියා විදේශිකයෙක්‌. ඔහු රට අතහැර ගියා. දෙවන විවාහයකට ගියා. ඒකත් බිඳ වැටුණා. එයට ද හේතු වන්නේ හත්වැන්නේ කුජ නීචව සිටින භෞම දෝෂයයි.

මේ කේන්ද්‍රය ගැන කියන්න හුඟක්‌ දේවල් තියනවා. හොඳක්‌ නැහැ. ඒක නිසා කීමෙන් පලක්‌ නැහැ.

සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.