|
|
|
|

හොරණ සමාජ දේශපාලන අන්දරය -(10i)
හොරණ "හදිසි" කච්ෙච්රියක් ආරම්භ කෙරේ
හොරණ
බන්ධුල ආර්. ගුලවත්ත
හොරණ
සමාජ දේශපාලන අන්දරය (1910 - 2010) සම්බන්ධව කතාබහ කරන කල්හි
1945 වසර ඉතා වැදගත් මෙන්ම තීරණාත්sමක වේ. ඒ සම්බන්ධයෙන් කරුණු
මතු කරන්නට පළමු එදා හොරණ ආර්ථික පරිසරය සහ සමාජ වටපිටාව ගැන
කෙටියෙන් හෝ අදහසක් දැක්‌වීම මැනවැයි සිතමු. 1945 න් පසු ඇති
වූ සමාජ දේශපාලන ප්‍රපංචයන්ට මෙම පසුබිම බොහෝ දුරට බලපෑ
හෙයිනි.
හොරණ පළාත් ආණ්‌ඩු සභාවක් වන්නට පළමු හොරණ කඩමණ්‌ඩිය වශයෙන්
පැවතුණු ප්‍රදේශයේ පාලනය සිදුවූයේ සනීපාරක්‍ෂක මණ්‌ඩලයක්
(සැනිටර් බෝඩ් -saítory board) මගිනි. අදාළ කාර්යාලය පිහිටා
තිබුණේ පැරැණි තානායමේ කාමරයකය. දැනට වසා දමා ඇති පැරැණි
අධිකරණ සංකීර්ණය සමීපයෙහි ඉදිකළ ගොඩනැඟිල්ලෙහි ගමසභා උසාවිය
පිහිටා තිබිණි.
වෑවල හන්දිය් සිට පැරැණි වෙළෙඳපොළ දක්‌වා (අද සති පොළ භූමිය)
හොරණ අඟුරුවාතොට මාර්ගයේ දකුණු පැත්තෙහි නා ගස් පේළියක්
තිබුණු වග පැරැණ්‌නෝ පවසති. මෙම ලියුම්කරු හොරණ පාසල් යන
කාලවකවානුවේ (1951 - 1961) ද තිබුණු නා ගස් පේළිය හැත්තෑවේ
දසකයේ අග දක්‌වා තිබිණි. වත්මන් සතිපොළ භූමිය පිහිටි පෙදෙසෙහි
විශාල නුග ගසක්‌ද මාර ගසක්‌ද පිහිටා තිබිණි. මෙම මහා ගස්
අතුවල ලනු දමා එහි එල්ලාගත් තට්‌ටු තරාදිවලින් වෙළෙන්ෙ¹a
පාරිභෝගික ද්‍රව්‍ය (අල, පරිප්පු, ලූනු, වියළි මිරිස් ආදී)
අලෙවි කළ බැව් හොරණ හිටපු නගර සභාපති දයා ගුණසේකර මහතා අපට
සඳහන් කරයි. එහි වෙළෙඳපොළ පැවතුණේ ඉරිදා දිනට පමණි.
රවුම් කුළුණු සහිත ශාලාවක් වැනි වෙළෙඳපොළෙහි ආවරණ කඩකාමර රහිත
විය. අද මෙන් මහා රාත්‍රිය වන තෙක වෙළෙඳාම නොපැවතුණු බව
කිවයුතු නොවේ. හොරණ පුංචි නගරය වටා තිබුණේද ගැමි පරිසරයකි.
කරත්ත සහ බරකරත්ත, පාපැදි, කද සහ හිස මතින් තම තමන්ගේ වැවිලි
හා කෘෂි භෝග මෙම වෙළෙඳපොළ දක්‌වා රැගෙන ආහ. ගමේ වැවෙන පලතුරු
වෙළෙඳපොළට ගෙන ඒමේ ක්‍රමවේදයක් එකල නොපැවැතින.s නාගරිකකරණය
ප්‍රිය කළ සමහරු නගරයෙන් ගමට ගෙන ගියේ ඇපල් සහ මුද්දරප්පලම් බව
වයෝවෘද්ධයෝ පවසති. අද මෙන් එකල කෙහෙල්මුව, කොච්චි මිරිස්,පලා
වර්ග, සේර, කරපිංච වෙළෙඳපොළේ නොතිබිණි. පොල්, පුවක්, කුරුඳු,
ගම්මිරිස් ආදිය වෙළෙඳපොළට ගමෙන් ගෙන ඒම සිදු විය. බුලත්වලට
නගරයේ හොඳ ඉල්ලුමක් තිබිණි. ගමේ රබර් මිල දී ගැනීමේ අවසර ලත්
වෙළෙන්දොa නගරය තුළ සිටියහ. දුම්කොළ, සෙන්, පවුඩර්, සබන් අලෙවි
කරන ස්‌ථාන කිහිපයක්‌ම නගරය තුළම සැදාමත් විවෘතව තිබිණි.
කොහු ලණු, වළං, රෙදිපිළි, අමුඩ ලේන්සු, මනිබඩු රැගත් වෙළෙන්දොa
නුගගස් සෙවනේ ජීවිකාව ගැටගහ ගත්හ.
රත්නපුර - පානදුර මාර්ගය ඔස්‌සේ මිනිරන්, කුරුඳු, තේ, රබර්
පටවා ගත් පර කරත්ත සිය ගණන් එහා මෙහා ගමන් ගත්තේය. ගාල්ල සිට
පාණදුර හරහා අගනුවර දක්‌වා ධාවනය වූ දුම්රිය මගින් ඒ වැවිලි
භෝග ප්‍රවාහනය කෙරිණි. ආපසු කරත්ත හිමියෝ පැමිණියේ අත්‍යවශ
භාණ්‌ඩ රැගෙනය. මගී බස් ප්‍රවාහනය ඉතා සීමිත විය. හොරණ
වෙළෙඳාම විශේෂයෙන් පැවතුනේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් අතය. සිංහල
ජාතික වෙළෙන්දොa කීප දෙනෙක් සිටියහ.
1939 - 45 දක්‌වා පැවැති දෙවැනි ලෝක සංග්‍රාමයෙන් මෙම සමාජ
ආර්ථික රටාව උඩු යටිකුරු විය. භාණ්‌ඩ හුවමාරුව වෙනුවට සෘජුවම
මුදල් භාවිතය සිදුවිය. ගැමි පසුබිම කඩා වැටෙමින් නාගරික
පරිසරයක් ගොඩනැඟුණි.
තිහේ දසකයට පළමු හොරණ ප්‍රදේශයේ වැව් කීපයක් තිබුණු වග හොරණ
වංශ කතාවෙහි සඳහන් වේ (බෝගහ වැව, ඇල්ලකන්ද වැව, කටුනේරිය වැව,
දෙමටහත්ත වැව) කපුකුලවත්ත, ස්‌කවුට් කන්ද, වෑවල කන්ද සහ
ඇල්ලකන්ද ඔස්‌සේ ගලා ආ ජලකඳ වෑවල හරහා තක්‍ෂිලා විදුහලේ පැරැණි
පිටිටනිය ඔස්‌සේ (බෝගහ වැව) පහළට ගලා ගියේය. වැව් වළක් තිබුණු
හෙයින් වෑ-වල වෑවල ගොඩනැඟුණු බව වයෝවෘද්ධයෝ පවසති. සමහරු මෙම
පෙදෙසට වෑකන්ද යෑයි කියති. වෑවත්තේ පෙළපත්ලාභියෝ තවමත් හොරණ
අවට ජීවත් වෙති. උඩුවත්ත පෙදෙසේ තවත් වැවක් තිබුණු බවට සාධක
ඇත. පෞරාණික වැව් නගර සංවර්ධනයත් සමග විනාශ වූ බව රහසක් නොවේ.
ඇල්ල කන්දෙන් ගලා ආ ජලධාරාවද වනහාමිගෙ ගල් ගුහාවද තවමත් දක්‌නට
ඇතත් ඒ තරම් ප්‍රචලිත නැත.
වැව් හා කඳු ආශ්‍රිත කැලෑ පෙදෙස් වානිජ වැවිලි (රබර්) සඳහා
විදේශිකයන් අක්‌කරය දෙකයි පනහ ගණනේ මිලට ගැනීමට පළමු මෙම
පෙදෙස් අලි ඇතුන් ඇතුළු වගවලසුන්ගේ නිජබිම විය. අලි ඇතුන්
ගමන් ගත් අලිමංකඩ දෙකක් විය. එකක් රත්නපුර පාරේ හිල් හවුස්
නිවස අසලය. අනෙක වර්තමාන "මිහිර ප්‍රකාශකයෝ" ගොඩනැඟිල්ල අසලය.
එතැන ඇතාපානාගල නම් විශේෂ ගල් පර්වතයක් තිබුණු බව
ජනව්‍යවහාරයේ පවතී.
කඩ මණ්‌ඩියේ වෙළෙඳසල් විවෘතව තිබුණේ රාත්‍රි හතහමාර වන තෙක්
පමණි. විදුලිබලය නැත. ප්‍රවාහන සේවා රාත්‍රියට නැත. නගරාශ්‍රිත
රැකියා නොතිබුණ හෙයින් සංක්‍රමණය වූ ජනතාව අඩුය. සොර සතුරු
බියද පැතිරිණි. හොරණ - ඉංගිරිය මාර්ගයේ (වත්මන් දොන්
පේද්‍රික් ඉදිරිපිට) සමීපයෙහි හොරණ පොලිසිය පිහිටා තිබිණි.
ග්ලොබ් ලාම්පුවේ ආකර්ෂණීය ගමන සිදුවූයේ මේ අවධියේය. වෑවල
හන්දියේ පදිංචිව සිටි ධනපාල මුදලාලි පිලිප්ස් වර්ගයේ
රේඩියෝවක් තිහේ දසකයේදී ගෙනැවිත් තිබිණි. ඒ වකවනෙවෙහිම ධනපාල
මුදලාලි සමග තරගයට මෙන් තවත් ගමේ මුදලාලි කෙනෙක්
ග්‍රැන්ඩිවිව් රේඩියෝවක් වෑවලට ගෙන ආ බව වාර්තා වේ. එහි
ඒරියල් කම්බියට අඩි හැටක් උස උණ ගසක අධාරකයක් අවශ්‍ය විය.
හොරණ ප්‍රදේශයේ තවමත් පීරිස් පෙළපතේ ඇත්තෝ විවිධ ව්‍යාපාර
පවත්වාගෙන යති. එකල සාම්ප්‍රදායාක ව්‍යාපාරිකයකු වූ ඇලඩින්
පීරිස් බල්බ් කුලියට දීම සහ ආශ්‍රිත භාණ්‌ඩ වෙළෙඳාම පටන්
ගත්තේ හොරණ ව්‍යාපාරිකයන්ගේ ප්‍රමුඛයකු හැටියටය. ඔහුගේ
සොහොයුරු සනී පීරිස් විදුලි කාර්මික වැඩ පටන් ගත්තේය. හොරණ
නගරයේ වීදි ආලෝකය සඳහා ජෙනරේටර් යන්ත්‍ර තුනක් යොදා තිබිණි.
මෙම යන්ත්‍ර ක්‍රියාකරු වූයේ සනී පීරිස්‌ය. සවස 6.00 - රාත්‍රි
12.00 ත් දක්‌වා එක් යන්ත්‍රයක්‌ද රාත්‍රි 12.00 සිට පසුදින
6.00 දක්‌වා අනෙක් යන්ත්‍රයද ක්‍රියාත්මක විය. තුන්වැනි
යන්ත්‍රය හදිසි අවශ්‍යතාවක් උදෙසාය. හතළිහේ දසකයේ පටන් පැවැති
මෙම ජෙනරේටර් ක්‍රමය 1951 දී පළාත් ආණ්‌ඩු සභාව මගින් පවර්
හවුස් ආරම්භ කරන තෙක් පැවතුණි. පවර් හවුස් ගොඩනැඟිල්ල
පිහිටා තිබුණේ වර්තමාන සුපිරි වෙළෙඳ සල පිහිටා ඇති භූමිභාගයේය.
පලාත් ආණ්‌ඩු සභවත් පවර් හවුස් ගොඩනැඟිල්ලත් අතර ටෙනිස් බෝල්
පිට්‌ටනියක්‌ද විය. ඊට ඉහළින් උසාවි භූමියයි.
වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ සැලඩින් පීරිස් මහතා සතුව අශ්වයකු
සිටි බවත් ඒ අශ්වයාගේ පිට නැඟි ඔහු නගර සංචාරය කළ බවත්
වයෝවෘද්ධයෝ පවසති. විමලසේකර මුදලාලි (වත්මන් ලංකා බැංකු
ගොඩනැඟිල්ල පිහිටි භූමිභාගයේ තිබුණු නිවසේ) පළමුවරට දොර හතරේ
මෝටර් රථයක් හොරණට ගෙනෙන ලද බව පැවසේ. නෝ නම්මා නමැති කාන්තාව
ෙµda සිලින්ඩර් කාර් රියක් ගෙනන ලදී. වෑවල ගරාජයෙහි සිටි
දිනෙස් හාමි ගැරෙ- බාස් (කාර්මික) බාස් විය.
අදත් විරාජමානව වැජඹෙන හොරණ තුංමං හන්දියෙහි පිහිටි ඓතිහාසික
බෝ ගසෙහි විශේෂත්වය වනුයේ බෝ ගසෙහි අතුපතර සිව් දිශාවට විහිදී
නොයැමයි. එසේ විහිදීමෙන් වාහන ගමනාගමනයට වටා පිහිටි
වෙළෙඳසල්වලට හානියක් වන බව කිවයුතු නොවේ. විදුලි රැහැන්වලටද
බලපායි.
එහෙත් යුද්ධය පැවැති සමයෙහි පානදුර - රත්නපුර මාර්ගයට බාධාවක්
ලෙස බෝ අත්තක් තිබී ඇත. එක් රාත්‍රියක මේ බෝ අත්ත අස්‌ථානගත
විය. කලින් සැලසුම් කරගත් පරිදි පානදුර පැත්තේ සිට පැමිණි
හමුදා වාහනයක් බෝ අත්ත කපා ගෙන අධික වේගයෙන් ධාවනය කර
පෝරුවදණ්‌ඩ පෙදෙසට දමා ගොස් තිබුණු බව පසුව හෙළිsදරව් විය.
හන්දිය මැද ඇති මෙම බෝ ගස අතුපතර විහිදා නොවැඩීම සම්බන්ධ ගැටලු
පවතී. දීර්ඝ ඉතිහාසයක් සහිත මෙම බෝ ගස අබියස ඇති බුදු මැඳුර
ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මහත් ගෞරව සම්ප්‍රයුක්‌ත සුවිශේෂ
ස්‌ථානයකි. 1947 මහ මැතිවරණයේ පටන්ම අද ඊයේ දක්‌වා විශේෂයෙන්ම
විවිධ දේශපාලනඥයන් තම මැතිවරණ ව්‍යාපාරයන්හිදී මෙම
බෝධිරාජයාණන් අබියසට පැමිණ පහන් දල්වා වැඳුම් පිදුම් කරති.
2000 වසරේදී අගමැති ධුරයට පත් රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ
ජනතාවට සිය කෘතවේදිත්වය පළ කිරීම ඔහුගේ ප්‍රථම කාර්යභාරය විය.
අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා දාම්පේ සිය නිවසේ සිට හොරණ
කහටවිටියේ සුනේත්‍රාරාමයට පවිස ආගමික වතාවත්වල යෙදුණේය. ඉන්පසු
හොරණ තුංමං හන්දියෙහි බෝ ගස අබියස පිහිටි බුදු මැඳුරට වැඳුම්
පිදුම් කර හොරණ රජමහා විහාරය ද වැඳ පුදා තම ධුරයේ කාර්යභාරයන්
නිසි පරිදි ආරම්භ කළේය.
හොරණ නගර සභාවෙන් ආරම්භ කෙරෙන දේශපාලන සමාජ ආගමික සංස්‌කෘතික
සාහිත්‍ය කලා ආදී විවිධ උත්සවයන්ට අදාළ පෙරහැර ආරම්භ කරනුයේ ද
මෙම බෝධිරාජයාණන් වෙත වතාවත් කිරීමෙනි. වෙනත් පොදු සංවිධාන ද ඒ
මග අනුගමනය කරති. මෙම බෝධියෙහි පාලනය සහ ආරක්‍ෂාව උදෙසා විශේෂ
කමිටුවක් ස්‌ථාපිතය.
දෙවැනි ලෝක සංග්‍රාම අවධියත් සමඟ අපේ ආර්ථික සමාජ ජීවිත
සම්පූර්ණයෙන්ම වෙනස් මගක් ගත්තේය. ඕනෑම අර්බුදයකදී දැඩි
ආත්මාර්ථකාමිත්වයෙන් තම තමන්ගේ පුද්ගල අභිමතාර්ථ උදෙසා කටයුතු
කරන වෙළෙඳ සමාජය පාරිභෝගික ජනතාව සූරාගෙන කෑමට පටන් ගත්හ.
අත්‍යාවශ්‍ය භාණ්‌ඩ සඟවා භාණ්‌ඩ හිඟයක් මවා දැක්‌වුවා. ජනතාව
දැඩි ආර්ථික අපහසුකම්වලට ලක්‌විය. මෙම පීඩනය තුළින් ජනතාව
බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට එරෙහිව නැගී සිsටියහොත් මතුවන සමාජ
දේශපාලන අර්බුදය ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරු යටත්
විජිත භාර මහලේකම් දැනුම්වත් කළහ. සම සමාජ පක්‍ෂය ජනතාව
දැනුමෙන් සන්නද්ධ කිරීමත් නිසා ලාංකීය දේශපාලනයේ ගමන්මඟ වෙනස්
ස්‌වරූපයක් ගන්නා හෙයින් මන්ත්‍රණ සභාවේ ඇමැතිවරු භයෙන්
භිරන්තව සිටියහ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට අයත් විශේෂයෙන් ආසියානු රටවල්
ස්‌වාධීනත්වය ඉල්ලා උද්ඝෝෂණය කිරීමත් ඉන්දියානු නිදහස්
අරගලයත් මධ්‍යයේ ලාංකීය ජනතාව ද නැගී සිsටියහොත් සිදුවන
ව්‍යසනය ඉතා බරපතළ බව අධිරාජ්‍යවාදී පාලකයෝ අවබෝධ කර ගත්හ.
ඉහත කී කරුණු කාරණා අවබෝධ කරගත් බ්‍රිතාන්‍ය පාලකයෝ රාජ්‍ය
මන්ත්‍රණ සභා අමාත්‍යවරුන්ගේ අදහස් ගැන අවධානය යොමු කරමින්
අත්‍යාවශ්‍ය භාණ්‌ඩ බෙදාහැරීම සඳහා මුළු රට පුරා හදිසි
කච්ෙච්රි පිහිටුවීමට තීරණය කළහ. මේ අනුව කළුතර ඒජන්ත තැනගේ
සෘජු පාලනයට සමත්ව හොරණ ප්‍රදේශය සඳහා ද හදිසි කච්ෙච්රියක්
පිහිටුවන ලදී. මතුවන අර්බුද සහ සංකීර්ණ ගැටලු මධ්‍යයේ
ප්‍රදේශයේ මුදලිවරයාට ප්‍රාදේශීය පාලනය ගෙනයැම අසීරු විය.
මෙම හදිසි කච්ෙච්රිය පිහිටුවන ලද්දේ හොරණ - පාණදුර මාර්ගයේ
වර්තමාන ශ්‍රීලනිප හෙයාරණ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේය. මෙම
ගොඩනැඟිල්ලේ මුල් අයිතිකරු වූයේ කුඹුකේ ප්‍රසිද්ධ නොතාරිස් සහ
මුහන්දිරම් තැන්පත් ඩී. එස්. ඒ. සමරනායක මහතාටය. පසුව මෙම ඉඩම
මිල්ලෑවේ බැද්දගේ දොන් සයිමන් වික්‍රමනායක ගම්මුලාදෑනි තැන
විසින් මිලට ගෙන තිබිණි. හිටපු අග්‍රාමා වත්මන් ජ්‍යෙෂ්ඨ
අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පියාණන් වනුයේ සයිමන්
වික්‍රමනායක රාළහාමිය. වත්මන් ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයෙහි
හදිසි කච්ෙච්රිය ස්‌ථාපිත කරන ලද අතර ප්‍රධාන ගෘහයෙහි සහකාර
ආණ්‌ඩුවේ ඒජන්ත නලීන් මුණසිංහ මහතාගේ කාර්යාලය විය. හදිසි
කච්ෙච්රියෙහි පරිපාලනය කළමනාකරණය පැවතියේ නලීන් මුණසිංහ මහතාගේ
දැඩි අධීක්‍ෂණය යටතේය. මෙම හදිසි කච්ෙච්රිය පසුව හොරණ ආදායම්
පාලන නිලධාරි කාර්යාලය බවටත් ඉන්පසු 1970 දී උපදිසාපති
කාර්යාලය ලෙසත් 1994 න් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසත්
වෙනස් වෙමින් ප්‍රාදේශීය පාලනාධිකාරියේ මධ්‍යස්‌ථානය වීමේ
තොරතුරු අපි පසුව කතාබහ කරමු.
මෙම හදිසි කච්ෙච්රියට පැවරුණු විශේෂ පාලන කටයුතු මෙසේය. ආහාර
බලපත්‍ර (තොග සහ සිල්ලර) නිකුත් කිරීම, සහල් සලාකය සහ ලාම්පු
තෙල් සලාකය ලබාදීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සහ
බෙදාහැරීම විශේෂ කාර්යයක් විය.
අපේ රට තුළ පළමු වරට සහල් සලාක කාඩ්පත් ආරම්භ වීම ද සිදුවිය.
පාන්පිටි, ටින් කෑම පරිභෝජනය ඉහළ ගියේය. මේ සමයෙහි හොරණ බත් කඩ
ද හෝටල් ද ආරම්භ විය. එකල තිබුණු කෝපි කඩවලට විකල්ප හෝටල්,
බේකරි, තේපැන්හල් ව්‍යාප්ත විය. ගමේ රැකියා රහිත තරුණයෝ දෛනික
රැකියා අවස්‌ථා සොයා නගරය සංක්‍රමණය කරන්නට පටන් ගත්හ. කෙසේ
වුවත් තරුණයන්ගේ පැමිණීමක් සිදු නොවුන අතර එකල රජයේ රැකියා
සඳහා (ගුරු වෘත්තිය, සාත්තු සේවාව භාර) කාන්තා පක්‍ෂය නියෝජනය
වූයේ ඉතා අවම මට්‌ටමෙනි. ප්‍රසිද්ධ නොතාරිස්‌වරුන්ගේ
ලේකම්වරුන් වශයෙන් අස්‌ථිර රැකියාවලට සමහර කාන්තාවන්
පිවිසීමක් දක්‌නට ලැබිණි.
1935-45 අතර කාලවකවානුව තුළ හොරණ පරිසරය සැකසී තිබුණේ යුද්ධමය
වාතාවරණයක් තුළය. හමුදා ඉංජිනේරු බළකායේ කාර්යාලය හොරණ රජමහා
විහාරය අතර ස්‌ථාපිතව තිබුණි. දික්‌හේන, සොරාවත්ත, යහලකැලේ,
ඉදිම, ඇල්ලකන්ද, කටුහේන රන් පවුම් කලාපයට අයත් රබර් වතු යායවල්
තිබුණු වග අපි පෙරදී සඳහන් කරමු. ඒ සමඟම දික්‌හේන, සොරාණවත්ත,
මිදෙල්ලමුල හේන, යහලකැලේ, ඉදිම, කටුහේන, ජයසූරියවත්ත භූමි
භාගයන්හි හමුදා කඳවුරු දක්‌නට තිබිණි. එම කඳවුරුවල සිටි
මැරුටි, නීග්‍රෝ, පන්ජාබ්, ඔස්‌ටේ්‍රලියන් ජාතීන්ට අයත් හමුදා
භටයෝ හමුදා ට්‍රක්‌වලින් ඔබ මොබ ගමන් කිරීම නිසා නිජබිම්
වැසියෝ නිතරම කල්ගත කළේ අවිනිශ්චිත මානසිකත්වයකින් බව කිවයුතු
නැත. වෙඩි බෙහෙත් ගබඩාව තිබුණේ අඟුරුවාතොට මාර්ගයේ (වත්මන්
තක්‍ෂිලා මධ්‍ය මහ විදුහල සමීපයේ) රොස්‌වුඩ් වත්තෙහිය.
රොස්‌වුඩ් වත්තෙහි කිහිප තැනක හමුදා කඳවුරට අයත් විශාල ගැඹුරු
ළිඳක් හැත්තෑව දශකයේදීත් දක්‌නට තිබිණි. ආරක්‍ෂිත කණු ද
දක්‌නට තිබිණි. ඉහත සඳහන් කළ භූමි භාගයන්හි අඅදත් හමුදා
කඳවුරුවලට අයත් ශේෂයක් දක්‌නට ඇත. ඔවුන්ගේ සම්භවය සහිත පවුල්
ද දක්‌නට ඇත.
ඉහත සඳහන් හදිසි කච්ෙච්රිය විවෘතව තිබුණේ සතියකට දින තුනක්
පමණි. ආණ්‌ඩුවේ සහකාර ඒජන්ත නලීන් මුණසිංහ මහතා යටතේ පැවති
කාර්යාල මණ්‌ඩලයෙහි සේවය කළ නිලධාරීන් දෙදෙනකු අදත් හොරණ නගරයේ
පදිංචිව සිටිති. ලඝූලේඛන කාර්යයන්හි නියුක්‌ත වූ කළුබෝවිලගේ
දෙන් පියතිස්‌ස ගුණතිලක (සාම විනිසුරු කේ. ඩී. පී. ගුණතිලක)
බලපත්‍ර ලබාදීමේ විෂය භාරව සිටි (රයිගම් කෝරළේ හදිසි මරණ
පරීක්‍ෂක - සාමවිනිසුරු) ගමගේ දොන් ලයනල් ගුණවර්ධන (ජී. ඩී.
එල්. ගුණවර්ධන) මහත්වරුන් දෙපොළට අපි දීර්ඝායුෂ පතමු. අදත්
සමාජ සේවාවන්හි ක්‍රියාකාරීන් වන ගුණවර්ධන හා ගුණතිලක හොරණ
පුරවරයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රභූන් දෙදෙනා අපි ලබන සතියේ
මුණගැසෙමු.
හොරණ පළාත් ආණ්‌ඩු සභාව 1945 ජනවාරි 01 දින ස්‌ථාපිත වීම ගැන ද
අපි ලබන සතියේ කතාබහ කරමු.
|
|
|
|