|
ශිව දෙවියන්ට ගෞරවය පුදකරමින් ඔහු පාර්වතිය
සමඟ විවාහ වීම හා බැඳුණු සිදුවීම් මුල්කරගෙන ලොවපුරා
හින්දු බැතිමත්හු ඊයේ (20 දා) රාත්‍රි මහා ශිවරාත්‍රි උළෙල
සැමරූහ. ඒ වෙනුවෙන් ඊයේ (20දා) පෙරවරුවේ සිට හින්දු
කෝවිල්වල විශේෂ පුදපූජා පැවැති අතර මෝදර ශිව කෝවිලේ පුද
පූජාවන්ට එක්‌ව සිටි පිරිසකි මේ.
ඡායාරූපය :
කමල් බෝගොඩ
දිවා ආහාරය විෂවී
හිමිවරු දෙනමක්
ඇතුළු 7 දෙනෙක් රෝහලේ
අනුරාධපුර නගරයේ සිංහ කුළුණ අසල පිහිටි විහාරස්‌ථානයකදී
ඊයේ (20 දා) දවල් ආහාර විෂවීමකින් දැඩි ලෙස රෝගාතුරවූ එහි
විහාරාධිපති හිමියන් ඇතුළු හත් දෙනෙක් ප්‍රතිකාර සඳහා
අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.
ආණ්‌ඩුවේ දවල්
මිගෙල් රෑ දනියෙල්
න්‍යාය දැන්වත්
අවසන් කළ යුතුයි
වත්මන් රජයේ
ජනපීඩක, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව රටපුරා
නැගෙන විරෝධතා සම්බන්ධයෙන් ආණ්‌ඩුව විසින් අනුගමනය කරන්නා
වූ දවල් මිගෙල් රෑ දනියෙල් න්‍යාය දැන්වත් අවසන් කළ යුතු
බව එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා
සිටී.
මිහින් ලංකා හා
නෙළුම් කුලුන නවතා
ඒ මුදලින් ජනතාවට
සහන දෙන්න
එජාපය රජයෙන් ඉල්ලයි
මිහින් ලංකා ගුවන් සේවය සහ
නෙළුම් කුලුන ඉදිකිරීම වහා නවතා දමා ඒ සඳහා වැය වන රුපියල්
කෝටි ගණනක මුදල මහජනතාවට සහන සැපයීම
....
|