වම් ඉවුරේදී බැට කෑ පළාත් සභා
- හිටපු ආරක්‌ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු


"පළාත් සභා අහෝසි කිරීමේ ඔස්‌ටින් ප්‍රනාන්දුගේ විසඳීම" හිසින් මා මිත්‍ර සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ පසුගිය සතියෙ "වම් ඉවුරෙහි" පළවූ ලිපිය පිළිබඳව මගේ ප්‍රතිචාර දක්‌වමි.

මුලින්ම මගේ අදහස්‌ විමසා මාගේ නිබන්ධනයක්‌ පිළිබඳව ඔහුගේ ලිපිය සැකසීම අගයමි. කෙසේ වුවද, ඉඩම් බලතල පළාත් සභාවලට ලැබිය යුතු යෑයි අදහස්‌ කළ මාගේ නිබන්ධනයේ වූ වැකියක්‌ පාදක කරගෙන චන්ද්‍රප්‍රේම මහතා පෙර කී ශීර්ෂ පාඨය මගින් මගේ සංකල්ප උඩු යටිකුරු කර ඇත. එය මා සලකනුයේ පුවත් කලාවේදී හසුරුකෙළියක්‌ ලෙසිනි.

ඉඩම් බලතල ලබාදීම

මාගේ ලිපියෙන් පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදීමෙන් රජයට ඉවත් නොවිය හැකියයි මා පැවසුවේ, (1) ව්‍යවස්‌ථාමය වලංගු බව, (2) උපරිමාධිකරණ තීන්දු වලට අනුගාමීත්වය දැක්‌වීමේ අවශ්‍යතාවය. (3) එම තීන්දු ගත් ප්‍රාඥයින් සමහර දෙනෙකු වර්තමානයේ ද අධිකරණ තීන්දු ක්‍රියාවලියේ යෙදී සිටීම. (4) ද්‍රවිඩ දේශපාලනඥයින්ගේ සහ අන්තර් ජාතිකයේ බලපෑම්, සහ, (5) රජයේ අවංකභාවය ඔප්පු කිරීම සඳහා රජයෙන්ම පත්කරන ලද සංහිඳියා කොමිසමෙන් බලය බෙදාහැරීම නිර්දේශ කර තිබීම, යනාදී කරුණු මුල් කරගෙනය. නැතිව, චන්ද්‍රප්‍රේම මහතා කියන පරිදි පරිපාලන නිලධාරී මානසිකත්වයෙන් නොව, මා ජනරජ ව්‍යවස්‌ථාවට ගෞරව කරන හෙයිනි.

ව්‍යවස්‌ථාවට හා නීතියට අනුකූලව අවංකවම ක්‍රියාකරන බවට ව්‍යවස්‌ථාවේ සතරවන උප ලේඛනය ම`ගින් දිව්රා ඇති බලධාරීහු ව්‍යවස්‌ථාවෙන් නියමකර ඇති ඉඩම් බලතල පළාත් සභාවට නොපැවරීමෙන් ජනරජ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරති. එහෙත් පළාත් සභාවලට ඉඩම් බලතල පවරා දී නොතිබුණේa නම් අප කිසිවෙකුට ඒ ගැන කතා කිරීමට අවසරයක්‌ නොමැත.

ව්‍යවස්‌ථාවට ගරුත්වය

ඔහු මා සම`ග සාකච්ජා කළ අවස්‌ථාවේදී මා උපුටා දැක්‌වූ අප දෙදෙනාගේම ගෞරවයට පාත්‍රවන අධිනීතීඥ එස්‌. එල්. ගුණසේකර මහතාගේ ප්‍රකාශය ඔහුගේ ලිපියේ සඳහන් නොවීම කණගාටුවට කරුණකි. එහෙයින් මම එය උපුටා දක්‌වමි.

ප්‍රශ්නය (- කෙසේ වුවත් 13 ව්‍යවස්‌ථා සංශෝධනය අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් අනුමත කර තිබෙනවා. එහි කොටසක්‌ පමණක්‌ ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූලද?

පිළිතුර (- එය නීතියට පටහැනියි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව නීතියෙන් බැඳී සිටිනව. ඒ අනූව 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අඩක්‌ ක්‍රියාත්මක කරල ඉතිරි කොටස ක්‍රියාත්මක නොකිරීම නීත්‍යානුකූල නැහැ. නමුත් මේ සංශෝධනයේ දැක්‌වෙන ඉඩම් හා පොලිස්‌ බලතල ලබා දීම නොකළ යුතු දෙයක්‌. මේ බලතල ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතුයි. මේ බලතල ව්‍යවස්‌ථාවේ තියාගෙන එය ක්‍රියාත්මක නොකිරීම වැරදි වැඩක්‌. කවුරු විරුද්ධ වුනත් මේ බලතල ව්‍යවස්‌ථාවේ තිබෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුයි.

(ඉරිදා දිවයින 29-01-2012)

අධිකරණ තීන්දු

මා සිටින්නේ ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව එස්‌.එල්. ගුණසේකර මහතාගේ ස්‌ථාවරයේමය. එහෙත් ඉඩම් බලතල බෙදීම පිළිබඳව මාගේ ස්‌ථාවරය ඔහුට එරෙහිවය. අප අදහස්‌ විවිධය, විෂමය. එහෙත් ඒවාට ගරු කරමු.

මාගේ ස්‌ථාවරය පිළිබඳව වැඩිමනත් ලෙස මගේ නිබන්ධයේ 32 වැනි පසු සටනෙහි පැහැදිලි කර ඇත. එහිදී මා පැවසුවේ ජී. ඩී. මහින්දසෝමට එරෙහිව මෛත්‍රීපාල සේනනායක නඩු තීන්දුවේදී (SගCග අභියාචන 41 හා 42/96) අග්‍ර විනිශ්චයකාර ජී.පී.එස්‌. ද සිල්වා මැතිතුමා ප්‍රමුඛ අධිකරණයෙන් පැවසුණුq උද්ධෘතයකි.

එනම්, "ව්‍යවස්‌ථාවෙන් බලයක්‌ දී ඇත්නම්, බලය පැවැත්මට ගෙන ඒමට මාර්ගය ව්‍යවස්‌ථාවෙන් ප්‍රකාශිත නම් වෙන කිසිම ක්‍රමයකින් නොව එම ක්‍රමයෙන්ම එය පවත්වාගත යුතුය" යන්නයි.

එස්‌. එල්. ගුණසේකර මහතා පවසන්නේද එයම නොවේද?

ඉඩම් බලය පැවරීම පිළිබ`දව මාගේ ස්‌ථාවරය වර්තමාන අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්‌ඩාරනායක මැතිනිsය, අශෝක ද සිල්වා සහ නිහාල් ජයසිංහ විනිශ්චයකාරතුමාණන් දුන් එස්‌. ඩී. 26/2003 සහ තවත් නීතී කෘත්‍ය නවයකින් වූ උපරිමාධිකරණ නඩු තීන්දුවෙනුත්, අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා මැතිතුමාගේ 209/2007 මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙනුත්, අභියාචනාධිකරණයේ 50/2009 නඩු තීන්දුවෙනුත් තහවුරු වී ඇත. චන්ද්‍රප්‍රෙAම මහතාට නීති පොත් හා මේ කිsයන අධිකරණ තීන්දු තඹදොයිතුවක්‌වත් නොවටිනා වුවද, ඒවා මට කහවනු කෝටි ප්‍රකෝටියකට වඩා වටී. නැවතත්, අප අදහස්‌ විවිධය, විෂමය.

එකී 26/2003 නීති කෘත්‍යය දෙස බලන විට හාස්‍යයට හේතු වී ඇත්තේ දැන් ප්‍රධාන අමාත්‍ය තනතුරු දරණ බර්ටි ප්‍රේමලාල් දිසානායක සහ සරත් ඒකනායක යන මැතිතුමන්, අමාත්‍ය ධූරන්ධර ලසන්ත අලගියවන්න මැතිතුමන් ඉඩම් බලතල ඉල්ලා 27/2003, 33/2003, 28/2003 නීති කෘත්‍යයන් 2003 දී උපරිමාධිකරණයේ ගොනුකළ අතර, ඔවුන්ගෙන් බලතල උදුරා ගැනීමට තැත් කළේ යෑයි ඔවුන්ගේ දෝෂයට ලක්‌ වු "ඉඩම් අයිතිය" නම් නීති කෙටුම්පත ඉදිරිපත් කළ වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමන් වර්තමාන අමාත්‍ය මණ්‌ඩලයේ සිටීමය.

සරත් ඒකනායක මහ ඇමතිතුමන් පෙබරවාරි 02 වැනි දින උදෑසනම "අද දෙරණින්" ද, මහඇමති සමුළුව පෙර සතියේ හමුවී පළාත් සභාවලට ඉඩම් බලතල අනවශ්‍ය යෑයි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහ ඇමතිතුමා 20-02-2012 "දිවයින" ම`ගින් ලොවට ප්‍රකාශ කරන විට මා වික්‍ෂිප්ත වූයේ ඒ කවර චින්තන විප්ලවයක්‌ නිසාදැයි නොදැනය. කොටින්ව සිටි අවදියේදී ඉඩම් බලතල අපේක්‌ෂා කළ කරුණා අම්මාන් ඇමතිතුමන් හා චන්ද්‍රකාන්තන් මහ ඇමතිතුමන් ඉඩම් බලතල ප්‍රතික්‌ෂේප කරන්නේ සද්චිත්තයෙන්ද? අන් හේතුවකටද? අහේතුවකටද? ඒ කවර චින්තන විප්ලවයක්‌ නිසාදැයි නොදනි=මි.

ඉඩම් බලතල හා පළාත් සභාවලට අදාල කරගත හැකිs අග්‍ර විනිශ්චයකාර ශිරානි ඒ. බණ්‌ඩාරනායක මැතිණිය හා උපරිමාධිකරණයේ පී. ඒ. රත්නායක හා එස්‌. හෙට්‌ටිගේ විනිශ්චයකාරතුමන්a යොමු අංක 04/2011 පිළිබඳව 16-01-2012 දින දුන් අධිකරණ තීන්දුවද මාගේ ස්‌ථාවරය තහවුරු කර ඇත. මෙම නඩු තීන්දුව මාගේ නිබන්ධනයේ සඳහන් නොවුණද චන්ද්‍රප්‍රේම මහතාට හෙළි කළෙමි.

ඒ නිසා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට රජයක්‌ අපේක්‍ෂා කරන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන්ම අවලංගු කළ යුතුය. මාගේ නිබන්ධයේ කියා සිටියේ රජය ක්‍රියාකරන පිළිවෙල අනුව මට හැෙ`ගන්නේ පළාත් සභා අවලංගු කිරීමේ ක්‍රියාදාමයට එළඹීමට රජය කැසකවන බවයි. මෙහි ඇති සංවේදීභාවය නිසාම "ජනාධිපතිතුමා බිත්තියට හිරකිරීම නොකළ යුතු" යයිද මම සටහන් කළෙමි.

පළාත් සභාවලට බැට දීම

ඉඩම් බලතල විවේචනයෙන් ඉවත් වී චන්ද්‍රප්‍රේම මහතා දෙවැනි ඉලක්‌කය ලෙස පොළවේ පළාත් සභා විවේචනය කරයි. ඔහුටත්, පාඨක ඔබටත් ගරුත්වයෙන් සහ සාධාරණය ඉටුකරනු වස්‌ මගේ ප්‍රතිචාර දක්‌වමි.

ප්‍රාදේශීය සභා බලගැන්වීම ගැන චන්ද්‍රප්‍රේම මහතා පවසයි. පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා විපක්‍ෂ නායකයින් ඩාර්ලි පාරෙන් හෝ සිරිකොතින් හෝ තෝරනු ලැබේ. පළාත් සභා බලධාරීත්වයද එසේම තේරේ" සත්‍යය එයයි.

කොට්‌ඨාශ අනුව පළාත් පාලන ආයතන වලට නියෝජිතයින් පත් වන්නේ නම් චන්ද්‍රප්‍රේම මහතාගේ අපේක්‌ෂාවන් සු`ඵවෙන් හෝ ඉටු කර ගත හැකිය. එසේ මැතිවරණ පැවැත්විය යුතුය යන අදහස යෝජනා කළේ අද ඊයේ නොවේ. ඒ සඳහා අංක ඡCරැඛඨරැක්‍ෂරැ37රැCඡ101 දාතමින් 11-09-1995 දින සමූපකාර, පළාත් සභා, පළාත් පාලන සහ දේශීය වෛද්‍ය අමාත්‍ය අමරසිරි දොඩන්ගොඩ මැතිතුමා විසින් "පළාත් පාලන මැතිවරණ" ශීර්ෂයෙන් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරන ලදි. සති කිහිපයක්‌ කල්මරන ලද මෙම සංදේශය හිටි හැටියේම අමාත්‍ය මණ්‌ඩල න්‍යාය පත්‍රයෙන් පවා ලොප් විය.

වර්තමාන රජයද අවුරුදු දහසයකට පසු එයම කිරීමට උත්සාහ දරා අසාර්ථක විය. චන්ද්‍රප්‍රේම මහතා අදහස්‌ කරන ප්‍රාදේශීය සභා වැනි ආයතනයන්ට බලතල පැවරීම, වැටුප් වරප්‍රසාද වැඩි කිරීම, සම්පත් සැපයීම, ප්‍රාදේශීය නායකයින් බිහි කිරීම, කුඩා පරිපාලන ඒකක ජනිත කිරීම, ඒවා පෝෂණය වැනි සිහින සැබෑ වීම සඳහා අනිවාර්යයෙන්ම තවත් දිගු කලක්‌ මුව අයා සිටීමට බොහෝ විට අපට සිදුවනු ඇත.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා මන්ත්‍රීන් වීමටද, ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වීමටද ආදි ලෙස පහළ ස්‌ථරයෙන් උඩ ස්‌ථරයට පිවිසීමට තරගයක්‌ ඇත. එය නොරහසකි. එය දිනිය හැක්‌කේ පහළ ස්‌ථරය බලාත්මකවීම වැළැක්‌වීමෙනි. එමෙන්ම, දේශපාලන බලය තර කිරීමට, අධිකාරීත්වය ගොඩන`ගා රැක ගැනීමට හා සංවර්ධනයේ නාමයෙන් දූෂිත ක්‍රියාවල නියෑලීමට පහසු වන හෙයින් බොහෝ පාර්ලිමේන්තු බලධාරීන් බලය බෙදීමට අකමැතිය.

මා සම`ග කළ සාකච්ඡාවේදී මා චන්ද්‍රප්‍රේම මහතාගෙන් විමසුවේ පළාත්වල හොඳ මතු ව්‍යQහයක්‌ සහ සේවා පහසුකම් නොමැති, නොසලකා හැර ඇති රෝහල්, පාසල් ආදිය රජයට පවරා ගැනීමට ඇමතිවරුන් ඉල්ලීම් කර ඇත්ද, ඔවුන් කී දෙනෙකු එවැනි ආයතනවල පස්‌පාගා ඇත්ද යන්නයි.

උදාහරණ වශයෙන් කෑගල්ල, බදුල්ල, පොළොන්නරුව වැනි රෝහල් පවරාගත් අවස්‌ථාවන්හිදී අදාළ සෞඛ්‍ය ඇමතිවරුන් පිළිවෙලින් අරනායක / පොල්ගහවෙල හෝ වියලුව / මහියංගනය හෝ මැදිරිගි§රිය / පිඹුරැත්තෑව හෝ රෝහල් හෝ පර්යන්ත ඒකක හෝ මධ්‍යයට පවරාගත යුතු යෑයි ඉල්ලා නොසිටියේ ඇයි ? ඒවාද පවරා ගත්තේ නම් සේවා ඌනව දුක්‌විදි ජනතාව වඩාත් ප්‍රමෝදව ඔල්වරසන් දෙනු ඇත. එහෙත් එසේ නොවීය. පෙර කී රෝහල් රජයට පවරාගත් විට උද්ඝෝෂණ නොකළ, අලිපාලූවක්‌ වූ විට මහ ම`ග මොරදුන් ජනතාව නොසිදුවූ දෙයටද මුවින් නොබැණ සිටියහ.

අනුරාධපුර මහා රෝහල මධ්‍යයට පවරා ගැනීමට ඒ. එච්. එම් µවුසි මහතා අමාත්‍ය සන්දේශයක්‌ ඉදිරිපත් කළ අවස්‌ථාවේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිsය ඊDරැ356රැ77රැ88රැ(ඛ) සහ දින රහිත අප්‍රේල් 1996 යෑයි සඳහන් නිරීක්‍ෂණයෙන් පවසා සිටියේ උතුරු මැද පළාත් සභාවේ එක`ගතාවය ඇත්නම් පමණක්‌ එතුමිය එක`ග වන බවය. එය ගරු කළ හැකි නීතිමය ප්‍රවේශයකි.

පළාත් සභා නීති සකස්‌ කිරීම පිළිබ`දව චන්ද්‍රප්‍රේම මහතා දක්‌වන අඩුපාඩුව සත්‍යයකි. එමෙන්ම සම්මත කරගත් සමහර ඉඩම් ප්‍රඥප්ති ක්‍රියාත්මක නොකිරීම සඳහා රජයේ බලධාරීන්ගේ උනන්දුව මත මහ ඇමතිවරුන් ක්‍රියාකර ඇත. උතුරු මැද හා බස්‌නාහිර පළාත් ඉඩම් ප්‍රඥප්ති අක්‍රිය කළ අන්දම සහ බස්‌නාහිර පළාත් මහ ඇමතිතුමා විසින් ඉඩම් ප්‍රඥප්තියේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පරිචින්න කළ අන්දමත්, 1988 න් පසු පිළිවෙලින් ජනාධිපති කාර්යාල තුනකින් ජනාධිපති ලේකම්වරුන්ද, ඉඩම් කොමසාරිස්‌ සහ ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියාකළ අන්දමද, ඒ නිසා සම්මත කරගත් ඉඩම් ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම මොටවූ අන්දමද මගේ නිබන්ධනයේ සඳහන් කර ඇත. මේ උපහැරණ 1988 සිට අද දක්‌වාම සෑම රජයන් විසින්ම කරන ලද "නීතියට ගරුත්වය නොදැක්‌වීම" ලෙස මවිසින් නිබන්ධනයේ පැහැදිලි කර තිබුණි. චන්ද්‍රප්‍රේම මහතා මෙම කරුණු තම විවේචනයේදී දක්‌වා තිබුණි නම් පාඨකයින් ඔහුගේ ලිපියේ ශීර්ෂ පාඨයෙන් මුලා නොවනු ඇත.

පළාත් සභා පරිපාලනයේ අඩුපාඩු, දුබලකම්, අවනීතිමය තත්වයන්, දූෂණ, අවකළමනාකරණය නොමැති යයි නොකියමි. එකී සියලූම පාප කර්මයන් ගෙන් දූරිභූත වූ රජයන් අද වන තුරුම ශ්‍රී ලංකාවේ වූයේ දැයි ඇසුවහොත් අසූවල් රජය එසේ වූයේ යයි කිව හැකි තැනැත්තකු මෙදියත නොමැත.

"සනත් ජයසූරිය න්‍යාය"

චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපිය මගේ සිහියට ගෙන ආවේ දශකයකට එකහමාරකට පමණ පෙර සනත් ජයසුරියගේ පිති හරඹයකි. ඉඩම් බලතල පිළිබ`ද නිබන්ධනය විවේචනය කරන අතරතුර පළාත් සභා ක්‍රමය අතුගා දැමීම ස`දහා මතවාදයක්‌ ගොඩනැගීමට ඔහු උත්සාහ ගෙන ඇත්තේ, හතර වටේටම පහර දෙන අතරතුර පන්දු තරගය ජයග්‍රහණය කිරීමට ජයසූරිය තුළ වූයේ යෑයි සිතිය හැකි දැඩි ආශාව ප්‍රතිබිම්බිත කරමිනි. සරලව කිවහොත් මට පෙනීගියේ පළාත් වලට බලය බෙදීම "සුන්නද්ධූලි කිරීමට" ප්‍රයත්නය මාර්ගස්‌ථ වී ඇතිද යන්නය. මෙය සැකය මගේ නිබන්ධයේද පුරෝකථනය කළෙමි.

මතවාද ගොඩනැගීම වර්තමාන දේශපාලන රංගනයක අවශ්‍යතාවයක්‌ නම් මම එම වේදිකාවෙන් ඉවත්වෙමි. එය මට අකැපයි. මගේ නිබන්ධය ශාස්‌ත්‍රීය අභ්‍යාසයක්‌ විනා දේශපාලන කඩු සරඹයකට හෝ කඩු මුවහත් කිරීමේ අභිලාෂයෙන් නොලියවුණි.

එහෙයින් පාඨක භවතුන්ට ආයාචනයක්‌ කිරීමට මට ඇත. එනම්, චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියෙන් මගේ නිබන්ධනයේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව වැරදි හැ`ගීමක්‌ ඇතිවීමට ඉඩ ඇති හෙයින්, එම නිබන්ධය ඉංග්‍රීසි බසින් ඨරදමබාඩසැඅs සහ ඔර්බිජමරරුබඑ යන වෙබ් අඩවි තුළිsන් කියවීමෙන් පළාත් සභා අහෝසි කිරීම සිහිනෙනුදු මාගේ අභිලාෂ නොවූ බව සාක්‌ෂාත් කර ගන්නා ලෙසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.