නූතන ලාංකීය ස්‌ත්‍රිය හා වත්මන් අභියෝගය

ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය ගොඩනැගුණේ බුදු දහමේ ආලෝකයෙනි. භික්‌ෂු භික්‌ෂුණි උපාසක උපාසිකා පිරිසෙන් කොටස්‌ දෙකක්‌ පුරුෂ පක්‌ෂයටද ඉතිරි කොටස්‌ දෙක කාන්තා පක්‌ෂයට ද වෙන් කර දීමෙන් බුදුන්වහන්සේ කාන්තාවට ගෞරවනීය ස්‌ථානයක්‌ හිමි කර දුන් බව පැහැදිලි ය. ඉන්දියාවේ සිට ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම දූත මෙහෙවර කරන ලද්දේ කාන්තාවක විසිනි. එපමණක්‌ නොවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ගෞරවයට ද පූජනීයත්වයට ද පත් වූ ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සහ බුදුන් වහන්සේගේ වම් දළදාව ද ලක්‌දිවට ගෙන එන ලද්දේ කාන්තාවක විසිනි. ලක්‌දිවට බුදු දහම ගෙන ඒමෙන් පසුව සංඝමිත්තා මහා තෙරණිය යටතේ පැවිදි භාවය ලබාගෙන බුදු සසුනේ උසස්‌ම මාර්ගඵලාවබෝධය ප්‍රථමයෙන් ලබා ගත්තේ අනුලා බිසව ඇතුළු කාන්තාවන් නිසා ය. මේ තත්වය තුළ ශ්‍රී ලාංකේය කාන්තාවටම විශේෂ වූ අනන්‍ය වූ ප්‍රබල කරුණු හ`දුනාගත හැකිය.

බුදු සමය තුළ කාන්තාව කෙරෙහි දක්‌වන ප්‍රබුද්ධ ආකල්ප රැසකි. ඇය මාතෘත්වය හේතු කොට ගෙන අතිශය ගෞරව සම්මානයට යෝග්‍ය වන්නී ය. ඇයගේ ආධ්‍යාත්මික ශක්‌තිය ප්‍රබල ය. විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇයට කාර්යභාරයක්‌ පවතී.

සංයුක්‌ත නිකායේ ආවේණික දුක්‌ඛ සූත්‍රයෙහි ස්‌ත්‍රියට උරුම පස්‌වැදෑරුම් දුක්‌ දක්‌වා ඇත. යොවුන් වියේදීම පතිකුලයට යාමට සිදුවීමෙන්, නැදෑයන්ගෙන් වෙන්ව වාසය කිරීමට සිදුවීමෙන්, මාසික සෘතුවීම, ගැබිනියක ලෙස දුක්‌ විඳීමට සිදුවීම, දරු උපතකට මුහුණ දීමට සිදුවීම, පුරුෂයෙකුගේ අත් පා මෙහෙවර කිරීමට සිදුවීම යන්නයි.

මේ ආකාරයට ආගමික මූලාශ්‍රවලට ඌනපූරක වශයෙන් ඓතිහාසික, සාහිත්‍යයික, සංස්‌කෘතික යනාදී වශයෙන් අනන්තවත් කරුණු ඉදිරිපත් කළ හැකිය. එපමණක්‌ නොව වනිතාවගේ අයිතිවාසිකම් පිළිබ`දව පෙර නොවූ විරූ ප්‍රබෝධයක්‌ හා උද්යෝගයක්‌ ද ලොව පුරා පැතිරෙමින් පවතී.

ඉහත සියලු කරුණු නිශේධනය කරමින් නූතනය වන විට ලාංකේය කාන්තාව මහත් අනාරක්‌ෂිත තත්ත්වයකට පත් වී ඇත. ළදරු වියේ දියණියගේ සිට වියපත් කාන්තාව දක්‌වා ඇය මුහුණදෙන අතවර කිරීම්, දූෂණය කිරීම්, ඉන් පසුව මරාදැමීම ප්‍රබල සමාජ ප්‍රශ්නයක්‌ වී ඇත. මෑත කාලයේ මාධ්‍යවලින් දැක ගැනීමට ලැබුණු ගම්පහ, පස්‌සර, පානදුර, වේයන්ගොඩ, මෝදර, දෙල්ගොඩ, මීගමුව, නයිවල, කහවත්ත, මීරිගම සිදුවීම් අතිශයින්ම බියකරු සහ සිත් සසල කරවන අත්දැකීම් ය.

ස්‌ත්‍රියට එරෙහි ප්‍රචණ්‌ඩත්වය සමකාලීන සමාජයේ පවතින ඉතාමත් රුදුරු ප්‍රපංචයකි. එයට එරෙහිව ක්‍රියාත්මක වීම සියලු මානවවාදීන්ගේ යුතුකමක්‌ බව පිළිගැනේ. එහෙත් අවාසනාවකට මෙන් ස්‌ත්‍රියට එරෙහි ප්‍රචණ්‌ඩත්වය දිනෙන් දින උග්‍ර වේ. ස්‌ත්‍රිය පුරුෂයාගේ පහර කෑමට ලක්‌වීම, අත පය කඩා දැමීම වැනි ශාරීරික හිරිහැරයන්ට පත්වීම මෙන්ම, මානසික වද වේදනාවලට ලක්‌වීම අපරාධ ගණයේ ලා නොසැලකේ. ඒවා හුදු පවුල් ආරවුල් ලෙසට අර්ථ ගැන්වෙන අතර ජීවිතය නැතිකර ගැනීම මේ හා සිදුවන සරල සිද්ධියකට ලඝූ වේ.

ඉහත තත්ත්වය සු`ඵ කොට සලකන නිසාම, නොසලකා හරින නිසාම බරපතළ අපරාධ දක්‌වා වර්ධනය වී ස්‌ත්‍රියට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වේ. සෑම පංතියටම අයත් ස්‌ත්‍රීන් මෙම ප්‍රචණ්‌ඩත්වයට ගොදුරු වේ. ආගම, ජාති, කුලභේද, දුප්පත් පොහොසත් භේදයකින් තොරව මේ ප්‍රචණ්‌ඩත්වය සමාජය පුරා විසිරී ඇත. කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු ස්‌ත්‍රිය දක්‌වා ලිංගික බලහත්කාරයට ලක්‌වන, මේ නිසාම ඔවුන්ට මරණයට පවා පත්වීමට සිදුවන රටක සම වැඩට සම වැටුප් නොලබන, ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වයට ගොදුරු වන, විදේශගතව බොහෝ දුක්‌ ගැහැට වි`ද රටට විදේශ විනිමය උපයා දෙන, යුද සහිත ප්‍රදේශවල විවිධ අතවරවලට ගොදුරුවන, අඩු වැටුපට ශ්‍රමය වගුරුවන, මගතොටේ බැස නිදහසේ ගමන් කිරීමට පවා ඉඩක්‌ නැති, රටේ ජනගහනයෙන් අඩක්‌ වූ එහෙත් රටේ පාර්ලිමේන්තුවේ 4% පමණක්‌ නියෝජනය කරන මේ රටේ ස්‌ත්‍රීන්ගේ තත්ත්වය බරපතළ අර්බුදයට ලක්‌ වී ඇත.

පසුගිය කාල පරිච්ඡේදය පුරා ලාංකික ස්‌ත්‍රිය මුහුණ දුන් බරපතළ අර්බුදය වන්නේ දූෂණයට සහ අවසානයේ මරණයට මුහුණ දීමයි. පුවත්පත් මගින් මෙම සිදුවීම් රසවත් කොට ගලපා කතන්දර බවට පත් කර විකිණීමට පෙළඹී ඇත. කාන්තාවන්ට ගෘහස්‌ථව සිදු වන නොයෙකුත් අපචාර සැහැසි ක්‍රියා ස`දහා නීතිය විවිධාකාරයෙන් ආරක්‌ෂාව සැලසීමේ ක්‍රියා මාර්ගයන්ට ප්‍රවිෂ්ට වුව ද කාන්තාව තුළ මුල් බැස ගෙන ඇති සාම්ප්‍රදායික සංකල්ප හා සමාජීය නින්දාවන්ට ගොදුරු වේය යන බිය ඇය නෛතික රැකවරණවලින් ඈත් කොට තබයි.

වර්තමානය වන විට සෑම සන්නිවේදන මාධ්‍යයකින්ම පාහේ අසභ්‍ය ප්‍රකාශන ස`දහා පු`ඵල් පදනමක්‌ වැටී ඇත. එය කාන්තාවට එරෙහි වන ප්‍රචණ්‌ඩත්වය ස`දහා රුකුල් තැබීමක්‌ වේ. දිනපතා පුවත්පත්වල ලිංගික අපරාධ, සාමාන්‍ය තීරු ලිපිවලට වඩා වැඩි උනන්දුවකින් පාඨකයන්ගේ අවධානයට ලක්‌ කර ඇත. ලිංගික අවශ්‍යතාවන් බලෙන් ඉටු කර ගැනීමෙන් පසුව තමන්ගේ ගොදුර බවට පත්වූ තැනැත්තියව මරා දැමීමේ හෝ දැඩි ලෙස හිංසා කිරීමේ ප්‍රවණතාවක්‌ද ශ්‍රී ලංකාවේ කාම අපරාධ විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව දැක ගත හැක.

ශ්‍රී ලාංකික සමාජය පුරා ක්‍රම ක්‍රමයෙන් සිදු වන කාම අපරාධ වර්ධනයක්‌ හ`දුනා ගත හැකිය. ම`ගතොට දී බස්‌ රථයකදී වුවද බලපෑම්වලට ලක්‌වන්නේ කාන්තාවන්ය. අසැබි නිර්මාණවලින් ස්‌ත්‍රී දූෂණ ස`දහා පිටිවහලක්‌, පෙළඹවීමක්‌, අභිප්‍රේරණයක්‌ සිදුවන බව බොහෝ සමාජ විද්‍යාඥයින්ගේ අදහසකි. සන්නිවේදන මාධ්‍යයන්ගේ සංවර්ධනය සම`ග මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයන් මාර්ගයෙන් අසභ්‍ය ලිංගික තොරතුරු ප්‍රචාරය කිරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. බොහෝ මිනුම්වලට අනුව වර්තමානය දියුණු සමාජයක්‌ ලෙස පිළිගනිතත් ගැහැනියගේ පාර්ශ්වයෙන් එය තවමත් ප්‍රශ්නකාරිය. අද පළවන පුවත්පත්වල සෑම පිටුවක්‌ පාසාම අතවරයන්ට හෝ ව්‍යභිචාරයන්ට ලක්‌ වූ ස්‌ත්‍රීන් පිළිබ`ද පුවත් දැකිය හැකිය. මේ බොහොමයක්‌ සිදුවීම් අතිශයින්ම කෲර සහ බිහිසුණු නින්දිත ඒවාය. zඅනේ අපොයිZ පවසමින් කම්පා වී දිනකින්, දෙකකින් සියල්ල අමතක කර දමන මේ සිදුවීම් සිහිපත් කර දෙන්නේ අනාගත ලාංකීය ස්‌ත්‍රියගේ අනාරක්‌ෂිත බවේ සංකේතය විය හැකිය.

යුග දිවි ගමන කෙළවර සැමියාට හෝ බිරි`දට වැන්දඹු වී මියයාමට සිදු වීම ජීවිතයේ පොදු යථාර්ථය වේ. වයසට යාම, රෝගාබාධවලට ගොදුරු වීම, හදිසි අනතුරු නිසා කෙනකු මිය යාමෙන් අනෙකා වැන්දඹු වීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් වැන්දඹු යන වචනය සම`ග කෙනකුගේ සිතේ චිත්‍රණය වන්නේ සැමියා මළ ගැහැණියකි. බිරි`ද මළ සැමියකු නොවේ. විසි වසරකටත් වඩා ලංකාව පුරා ඇදී ගිය යුද්ධය නිසා ඇති වූ වැන්දඹුවන් මේ වන විට දහස්‌ ගණනක්‌ වී ඇත. වැන්දඹු බහුතරය කාන්තාවන් වීමත්, වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක්‌ බවට පත් වීමත් නූතනයේ අදෘශ්‍යමානව පවත්නා සමාජ ගැටලුවකි. ආරක්‌ෂක හමුදා වැන්දඹුවන්ගෙන් 80% කටත් වඩා ප්‍රමාණයක්‌ වයස අවුරුදු 25 ට අඩු අය වෙති. උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මෙන් සෘජු බලපෑමට ලක්‌ නොවුවත් දකුණේ ජීවත්වන මව්වරු හා බිරින්දෑවරුන්ද මෙහිදී අමතක කළ නොහැකිය.

1991-2000 දක්‌වා සංක්‍රමණිකයන්ගේ විසුරුම අනුව පෙනීයන්නේ කාන්තා ශ්‍රම සංක්‍රමණය ප්‍රමාණාත්මකව ඉහළ අගයක්‌ ගන්නා බවයි. ඉන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන පිරිස ඉහළය. කාන්තා ශ්‍රම සංක්‍රමණය වර්තමානයේ වැදගත් ආර්ථිකමය ක්‍රියාවලියක්‌ වුව ද එහි පවත්නා හිංසාකාරි බවෙහි අඩුවක්‌ දක්‌නට නොමැත.

එපමණක්‌ නොව ලංකාවට ආදායම් උපයා දෙන ප්‍රධාන ආදායම් මාර්ග තුනටම මූලික වන්නේ කාන්තාව බව පැවසිය යුතුය. වැවිලි කර්මාන්තය, ඇ`ගලුම් කර්මාන්තය හා මැද පෙරදිග ගෘහ සේවය ප්‍රධානම මාර්ග තුනයි.

අපගේ සමාජයෙහි ඈත අතීතයෙහි සිටම කාන්තාව සතු වූ ගෞරවය පිළිගැනුම මාතෘත්වය සම`ග ඈ`දුනකි. එනිසාම මවක්‌ ලෙස ඇය ගෘහයේ සියලු වගකීම් දරන උත්තම තැනැත්තිය වූවාය. එහෙත් එදිනෙදා ජීවිතයෙහි ගෘහණියක්‌ ලෙස ඇයගෙන් ඉටු වන කාර්යභාරය ස`දහා එතරම් වටිනාකමක්‌ නොලැබුණි. ඒ සියල්ල ඇය විසින් කාන්තාවක්‌ වශයෙන් ඉටු කළ යුතු වගකීම් සම්භාරයක්‌ ලෙස පිළිගෙන තිබූ හෙයින් ජාතික නිෂ්පාදනයෙන් ඇයගේ දායකත්වය අවධාරණය නොවුණි. සාරධර්ම සම්ප්‍රදායන් ඔස්‌සේ ආරක්‌ෂා වූ කාන්තා නිදහස සහ සුරක්‌ෂිතතාව මේ වන විට නීතියේ පිහිටෙන් හෝ ආරක්‌ෂා කර ගත නොහැකි තත්ත්වයකට පත් වී ඇත.

ඉහත තත්ත්වයන් තුළ කාන්තා සුරක්‌ෂිත බව බිහිසුනු සිහිනයක්‌ බවට පත් වී ඇත. දිගුකාලීන යුද්ධයකට මුහුණ පා සිටින ලංකාවේ කාන්තාව කායිකව මෙන්ම මානසිකව ද බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත. සමහර කාන්ත්වන් මාධ්‍ය ත්‍රස්‌තවාදය තුළ ඉත්තන් වී සිටීමත්, පරිභෝජන සංස්‌කෘතියේ අලෙවිවීමත් නිසාම මෙම තත්ත්වය උදා කර ගෙන ඇති බවට චෝදනා එල්ලවෙමින් පවතී. කෙසේ වුව ද එයම නූතන ලාංකීය කාන්තාවගේ අනාරක්‌ෂිත බවට හේතු සාධක ලෙස දැක්‌වීම අයුක්‌ති සහගතය.

කාන්තාව පිළිබ`ද සමාජීය ආකල්ප වෙනස්‌ කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙහිදී පෙන්වා දිය යුත්තේ ස්‌ත්‍රීත්වය හා පුරුෂත්වය මත අනවශ්‍ය වටිනාකම් පවරා නොදිය යුතුය යන්නයි. ස්‌ත්‍රීත්වයට අර්ථයන් දීමේදී ස්‌ත්‍රීහු අහසින් අඩක්‌ උසුලා සිටිති යනුවෙන් ප්‍රකට චීන කියමනක්‌ ඇත. ලෝකයේ සියලු දෙයට ජීවය ලැබෙන්නේ හිරු එළියෙන් සහ අම්මාගෙනි,

මවටත් අහසටත් නිදහසක්‌ නැත යනුවෙන් මාතෘත්වය පිළිබ`ද ප්‍රකට කියමන් ඇත.

වර්තමාන සමාජ වෙනස්‌වීමේ ක්‍රියාවලිය මත කාන්තාවගේ සමාජ තත්වයන් හා කාර්යභාරයන්ද වෙනසකට ලක්‌ වී ඇත. එය සමාජ ආර්ථික දේශපාලන මතවාදී සංස්‌කෘතිකමය වශයෙන් පු`ඵල් වෙනසකට භාජනය වී ඇත. ලාංකේය නිදහස්‌ අධ්‍යාපනය කාන්තාවගේ තත්වය හා කාර්ය කොටස්‌ පු`ඵල් කිරීම උදෙසා දැඩි ලෙස බලපා ඇත. පැරණි සමාජයේ ගෘහ කටයුතුවලට පමණක්‌ සීමා වූ කාන්තාව නූතනයේ අධ්‍යාපනය ජයග්‍රහණ මගින් ඉහළ වෘත්තින් දක්‌වා ළ`ගා වී ඇත.

කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක ජනතාවක්‌ වාසය කරන ශ්‍රී ලංකාවේ 53% ආසන්න ජනගහනයක්‌ නියෝජනය කරන්නේ කාන්තාවන්ය. හෙද සේවයේ 90% ක්‌ ද, සෞඛ්‍ය සේවාවේ 100% ක්‌ ද රැකියා කරන්නේ කාන්තාවන්ය. ඊට අමතරව වැවිලි කර්මාන්ත ක්‌ෂේත්‍රයේ කම්කරු ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්‌වා වැඩි වෘත්තිය නියෝජනයක්‌ දරන්නේ කාන්තාවන්ය,

කාන්තාව ප්‍රධාන වශයෙන් හිංසනයට ලක්‌වන ආකාර කිහිපයකි. කායික හිංසනය, මානසික හිංසනය, ලිංගික හිංසනය මෙහිදී ප්‍රධාන වේ, කායික හිංසනය යනු ශාරීරික වශයෙන් කාන්තාවට පහර දීම, තුවාල කිරීම හෝ මරණයට පත් කිරීමය. මානසික හිංසනය යනු බැනවැදීම් හාස්‍යයට හෝ නින්දාවට පත් කිරීම අපහාසයට පත් කිරීමය. ලිංගික හිංසනයේදී දූෂණය කිරිම, හිරි ඔතප් බි`දීම, බලහත්තාරකම් කිරිම අයත් වේ. මෙම විවිධ බලපෑම්වලට ලක්‌ වන්නේ ඇය කාන්තාවක වන බැවිනි.

කාන්තාව කෙරෙහි ක්‍රියාත්මක වන ප්‍රචණ්‌ඩ ක්‍රියා තුන් වර්ගයකි. පවුල ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්‌ඩ ක්‍රියා (ව්‍යාභිචාරය, ගෘහස්‌ත ප්‍රචණ්‌ඩත්වය, විවාහය හා සම්බන්ධ ස්‌ත්‍රි දූෂණ) ප්‍රජාව ආශ්‍රිතව (ගණිකා වෘත්තිය, ස්‌ත්‍රි දූෂණ, ගබ්සාව, ලිංගික අතවර, රාජ්‍ය ආශ්‍රිතව (ශ්‍රම සූරා කෑම, භාරකාරත්වය තුළ සිදුවන හිංසාවන්, සිවිල් අරගලවලට මැදිහත් කාන්තාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වල හා කාන්තාවාදී ගැටලුවක්‌ වශයෙන් ප්‍රචණ්‌ඩත්වය දෙයාකාර වර්ගීකරණයට භාජනය වේ. ස්‌ත්‍රි විරෝධී ප්‍රචණ්‌ඩත්වය, ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්‌ඩත්වය වශයෙනි. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය බලයේත්, යටත් වැසි බවේත් යටපත් කර ගැනීමේත් සංකේතයක්‌ වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ වසරකට නීති විරෝධී ගබ්සාවන් හැත්තෑදෙදහසක්‌ පමණ සිදුවන බව අඩුම තරමින් දිනකට 500-700 අතර වන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. මොවුන්ගේ වැඩි දෙනෙකු විවාහක කාන්තාවන්ය මේවායෙහි අනිටු ප්‍රතිඵල වශයෙන් ඇය ජීවිත කාලය පුරාම වි`දවන රෝගි තත්වයන්ට වගකියන්නේ කවුද?

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝa 90% පමණ මැදපෙරදිග රටවල සේවය කරති. ඔවුන් අතරින් ලක්‌ෂ පහක්‌ පමණ කාන්තාවන් වන අතර ඔවුන් 70% පමණ ගෘහ සේවිකාවන්ය. වැටුප් නොගෙවීම, වැටුප් පමා කිරිම, ලිංගික අතවරවලට මුහුණ පෑම, ශාරිරික වද හිංසාවලට ලක්‌වීම, ඇණ ගැසීම, දැරිය නොහැකි වැඩ ප්‍රමාණයක්‌ ඉටු කිරිමට සිදුවීම, නිසි සනීපාරක්‌ෂාවක්‌ හෝ මානසික සුරක්‌ෂිතාවක්‌ නැති වීම ඇතු`ඵ ගැටලු ගණනාවකට මුහුණ දීමට මොවුන්ට සිදු වී ඇත. මේ නිසාම නොදන්නා හේතූන් මත ජීවිත අහිsමි කරගෙන මෘතදේහ ලෙස ලංකාවට පැමිණෙන ගැහැනුන්ගේ දරු පවුල්වල අනාගතය කවරාකාර වේද?

හැත්තෑව දශකයේ අග භාගයේ සිට කාන්තාවන් ඇගලුම් ක්‌ෂේත්‍රයේ රැකියා ස`දහා සැලකිය යුතු දායකත්වයක්‌ ලබා දෙයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ග්‍රාමීය කාන්තාවන් විශාල වශයෙන් කර්මාන්ත පුරවලට සංක්‍රමණය වී ඇත. මේ නිසාද ඇය විවිධාකාර සමාජ සංස්‌කෘතික ගැටලුවලට මුහුණ දී ඇත. කම්කරු සංවිධාන, කාන්තා සංවිධාන, රාජ්‍ය නොවන කාන්තා සංවිධාන කෙතරම් පෙන්වා දුන්න ද පලක්‌ වීනැත. කාන්තාවන්ට එල්ල වන සමාජ හා සංස්‌කෘතික පීඩාවන් ඊට මුහුණ දෙන්නන්ගෙන් ස`ගවා තබා ගැනීම ස`දහා ඔවුන් වටා ගොඩනැගී පවතින මතවාදි රාමුව හේතුවක්‌ වී ඇත් ද?

කෙසේ වුව ද නූතනය වන විට ස්‌ත්‍රිය මුහුණ දී ඇති අර්බුද බරපතල ෙ€දවාචකයක්‌ වී ඇත. ස්‌ත්‍රිය සම්බන්ධව උපහාසාත්මක අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන පුද්ගලයින් ලවාම මාධ්‍ය මගින් අදහස්‌ ප්‍රකාශ කිරීමත්, ප්‍රසිද්ධ දේශන පැවැත්වීමත්, මේවා කාන්තා සංවිධාන මගින්ම සංවිධානය කිරීමත් නූතනයේ දැකිය හැකි ප්‍රහසනාත්මක අත්දැකීමකි. එවන් වාතාවරණයක්‌ තුළ පොදුවේ ස්‌ත්‍රිත්වයට අහිතකර වන බලපෑම් පිළිබ`ද කතිකාවතකට යාමට අනවශ්‍ය සහ අනර්ථකර කටයුත්තක්‌ බව හැෙ`ග්. ජීව විද්‍යාත්මක ලෙස වෙනස්‌ ස්‌වරූප ගැනීම හ`දුනා ගැනීමක්‌ වශයෙන් පමණක්‌ බැවින් එම අයිතිවාසිකම් හැම පාර්ශවයකටම ඇති බව ඒත්තු ගැන්වීම වැදගත් වේ.

පවුල තුළ කාන්තාවගේ සාම්ප්‍රදායික කාර්යභාරය වෙනස්‌වීම් හා නව ප්‍රවණතා පිළිබ`ද අධ්‍යයනය කරන විට සාකච්ඡා කළ යුතු වපසරිය බෙහෙවින් පු`ඵල් වී ඇත. වර්තමානය වන විට ඥාතීන්ගෙන් ඉවත් වීම, න්‍යෂ්ටික පවුලට පමණක්‌ පවුලේ සාමා_කයන් සීමා වීම, පවුලේ අවශ්‍යතා ස`දහා ඥාතින්ගෙන් උදව් උපකාර නොමැති වීම, පවුල හුදකලා වීම ආදිය විශේෂ ලක්‌ෂණ ලෙස හ`දුනා ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස පවුල තුළින් සෑම කටයුත්තක්‌ම ඉටු කර ගැනීමට යාමේදී කාන්තාවගේ කාර්යභාරය පු`ඵල් වීමත්, ශ්‍රම විභජනය ප්‍රතිව්‍යqහගත වීමත්, ගෘහ කටයුතු අධික වීමත්, කාන්තාව ගෘහණියක්‌ හා ආදායම් උපයන්නියක්‌ ලෙස ද්විත්ව කාර්යයකට සම්බන්ධ වීමත්, බාහිර සමාජය සමග සම්බන්ධතා සීමා වීම හා පුරුෂයන්ට සාපේක්‌ෂව කාන්තාවට වැඩි වැඩ ප්‍රමාණයක්‌ කිරිමට සිදුවීමත් හ`දුනා ගත හැකිය. මෙවැනි වෙනස්‌වීම් කාන්තාවගේ ස්‌වාධිනත්වය කෙරෙහි ප්‍රතිශේධනාත්මකමව හා නිශේධනාත්මකව බලපා ඇතැයි තර්ක කළ හැකිය.

ඉහත කරුණු සියල්ල අධ්‍යයනය කරමින් වර්තමාන ලාංකේය ගැහැනියගේ ආස්‌ථානය සාකච්ඡා කළ යුතුව ඇත. ඕනෑම සමාජයක මානව යහ පැවැත්ම වෙත යන දිගු ගමනක මූලාරම්භය ස්‌ත්‍රිත්වය සතු බව පැහැදිලි සත්‍යයකි. ගැහැනියට ගෞරව කරන සමාජයක්‌ උතුම් කොට සලකන්නේ එබැවිනි. නීතිය සහ ද`ඩුවම් පිළිබ`දව පු`ඵල් ලෙස මහජනතාව දැනුවත් කළ යුතු කාලය එළඹ තිබේ. කාන්තාවන් අතර යහපත් සන්නිවේදනයක්‌ ඇති කිêමටත්, ශක්‌තිමත් වටපිටාවක්‌ නිර්මාණය කිරිමටත්, මාධ්‍ය මගින් කළ හැකි මෙහෙය විශාලය. පවුල, ආගම, අධ්‍යාපනය තුළින් ආකල්පමය වෙනසක්‌ ඇති කිරිම ඇයට සිදුවන හිංසනය අවම කිරිමට හැකි පදනමක්‌ සපයනු ඇත. ගැහැනිය ආත්ම පරිපූර්ණත්වයට පත්වීම යනු සමස්‌ත සමාජයේ අභිවෘද්ධියෙහි පදනම සවිමත් වීමකි. එබැවින් කාන්තාව කෙරෙහි ගෞරවනීය හා සුභවාදි ආකල්ප වර්ධනය කිරිම ඇය බල ගැන්වීමේ ප්‍රධාන ක්‍රියා මාර්ගයක්‌ මෙන්ම ඇයගේ ජීවිතය සුරක්‌ෂිත කිêමක්‌ ද වනු ඇත.


ජ්‍යෙෂ්ඨ කîකාචාර්ය ලතා ගුරුසිංහ
කොළඹ විශ්ව විද්‍යාලය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.