"ඩොලරය රු.125 ට
අඩු අගයකට ස්‌ථාවර වේවි"

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඉදිරි කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්‌තිමත් වනු ඇතැයිද එය රු.125 කට අඩු අගයක අනිවාර්යයෙන්ම ස්‌ථාවර වනු ඇතැයිද තමාගේ විශ්වාසය බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසයි.

ඉකුත් සිකුරාදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.132 ද ඉක්‌මවා ගොස්‌ තිබිණි. මේ සිදුවන රුපියලේ පිරිහීම අනුව ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය කවර අගයක නවතීදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මේ බව කීවේය.

දැනටමත් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන ඉල්ලුම අඩුවී අපේ විනිමය අනුපාතයට තිබෙන පීඩනය අඩුවනු ඇතැයිද ඒ තුළින් ඇමෙරිකානු ඩොලරයක අගය රු.125 ට අඩු අගයක ස්‌ථාවර වනු ඇතැයි තමාගේ බලවත් විශ්වාසය බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අවධාරණය කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.