2012 මාර්තු 30 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

දේශපාලනඥයෙක්‌
කප්පම් ඉල්ලයි

නැගෙනහිර පළාතේ දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය නොවන සංවිධානවලට තර්ජනය කරමින් නැගෙනහිර පළාතේ ප්‍රබලම දේශපාලනඥයකු සහ ගෝලබාලයන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ඉල්ලා සිටීම නිසා එම රාජ්‍ය නොවන සංවිධාන වල කටයුතු කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

දීමනා වැඩි කෙරේ : විදුලි ඉංජිනේරු සටන නිම වෙයි

විදුලිබල ඉංජිනේරුවරු ඇතුළු විධායක නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට අදාළ චක්‍රලේඛයද ඊයේ (29) නිකුත් කිරීමට නියමිතව තිබිණි.

සියයට විස්‌සකින්
යළි වැටුප් නංවන ලෙස ඉල්ලා

විදුලි සේවකයෝ  11 වැනිදා 'ලෙඩ' වෙති

ඉංජිනේරුවන් ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක්‌ විශාල ලෙස දීමනා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය මත ලංකා විදුලිබල මණ්‌ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (29) යළි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යැමට තීරණය කර ඇත.

ජවිපෙ කැරලිකාර පිලේ
'පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය' 9 දා එළිදකී

නව පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාට සහ ඔහුගේ දර්ශනයට පමණක්‌ මූලිකත්වය දෙන පක්‍ෂයක්‌ නොවන බව එම පක්‍ෂයේ සාමාජික සේනාධීර ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

මාස 20කට පසු මව්බිමේදී ටෙස්‌ට්‌ ජයක්‌

එංගන්තය ලකුණු 75 කින් පරාජය කළ ශ්‍රී ලංකාව මාස 20 කට පසු සිය මව්බිමේදී ටෙස්‌ට්‌ ජයක්‌ වාර්තා කිරීමට ඊයේ (29 දා) ගාලු ක්‍රීඩාංගණයේදී සමත් විය.


උගත් පාඩම් නිර්දේශ ගැන
ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ඉල්ලීම ඉවතට

උගත් පාඩම් වාර්තාවේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යෑයි ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් හා බ්‍රිතාන්‍ය අමාත්‍ය චෙස්‌ බ්‍රවුංග් විසින් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

"අනඳ අභිමන් 2012"

"සුන්දර ගම්මානය" නැරඹීමට පැමිණි ඇමැතිවරයා ගසක්‌ උඩ පැල්පතක සිටි දරුවකු පැල් කවියක්‌ කියන විට එය අසා සිටි අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.


වැරදි කරන රියෑදුරන් සමග වාද එපා! විනීතව නීතිය ක්‍රියාත්මක කරන්න
- පොලිස්‌පති පොලිසියට කියයි

මේ වසරේ මාර්තු 25 වැනි දින වන විට රිය අනතුරුවලින් පන්සිය පනස්‌ නමදෙනෙක්‌ මියගොස්‌ තිබෙනවා. මෙයට හේතු ලෙස මාර්ග කාපට්‌ කර තිබීම, දිනෙන් දින වාහන වැඩිවීම වැනි දේවල් හේතුවී ඇති බව පෙනී ගොස්‌ තිබෙනවා.

රනිල් නීති මගින් හා අභ්‍යන්තර ක්‍රියාමාර්ග
මගින් මා දඩයම් කිරීමට උත්සාහ දරනවා

- එජාප මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න

ශ්‍රීනාත් පෙරේරා කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට පෙර සාමාජිකයන් දහහතර දෙනකුගෙන් යුත් පණ්‌ඩිතරත්න කමිටු වාර්තාව වගේම 2009 ඉදිරිපත්වූ එස්‌. ආර්. ජයරත්න වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස අප රනිල් වික්‍රමසිංහ නායකතුමාට කියනවා.

කෝට්‌ටේ සිද්ධියේ
නීතිඥයාට පහරදුන් සැකකරුවෝ රක්‌ෂිතයට

මෙහිදී එම නීතිඥවරයාගේ පැමිණිල්ල සැලකිල්ලට ගෙන විමර්ශනයක්‌ සිදු කර සැකකරුවන් දෙදෙනකු මාදිවෙල හා ඇඹුල්දෙනිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

කළුතරදී ගුටි ඇනගත් කොන්දොස්‌තරලා රෝහලේ

අධික වේගයෙන් ධාවනය කරමින් මහ මග සිටි මගීන් තරගයට පටවාගත් මෙම බස්‌ දෙක කළුතර බෝධිය අසලදී නවතා එහි කොන්දොස්‌තරවරුන් දෙදෙනා ගුටිබැට හුවමාරු කර ගැනීම නිසා පැය කීපයක්‌ මගීන්ට මහ මග රස්‌තියාදු වීමට සිදුවිය.

කතකට අතවර කළැයි බුත්තල පොලිසියේ 4 ක්‌ රිමාන්ඩ්

ඇය බුත්තල ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේමයෙන් බැඳී සිටියදී අතවරයට ලක්‌ව තිබේ. පසුව පෙම්වතා තමා මග හැර සිටීම සම්බන්ධයෙන් බුත්තල පොලිසියට පැමිණිලි කිරීමට ඇය පැමිණ තිබේ. පසුව පොලිස්‌ නිලධාරීන් අතින්ද ඇය අතවරයට ලක්‌ව ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

රුපියල ඉහළට

ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (29 දා) සුළු වශයෙන් ශක්‌තිමත් විය.

ප්‍රකට ව්‍යාපාරික ඊබට්‌ ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

සීමාසහිත ඊබට්‌ සිල්වා බස්‌ සමාගමේ අධිපති හා කීර්තිමත් ව්‍යාපාරික ඊබට්‌ ද සිල්වා මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.

රට රැකියා සිහින මවා ලක්‍ෂ ගණන් මුදල් වංචා කළ ව්‍යාජ වෛද්‍යවරිය දැලේ

ඇමරිකා, ඉතාලි, කොරියා වැනි රටවල රැකියා සිහින පෙන්වා මුදල් ලබාගෙන ඇති සැකකාරිය ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ සුපිරි නිවසක්‌ කුලියට ගෙන රහසිගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

බදු සංශෝධන පනත් කෙටුම්පත් 6ක්‌ අද විවාදයට

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය අයවැය යෝජනාවලින් ඉදිරිපත් කළ බදු සංශෝධනවලට අදාළ පනත් කෙටුම්පත් 6 ක්‌ අද (30 දා) දවස පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

සජිත්ට-කරුට කතා නැතිවී විපක්‍ෂ විරෝධතාව උණුසුම් වෙයි
ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (29 වැනිදා) මහනුවරදී සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයේදී සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මන්ත්‍රීවරුන් දෙදෙනාට ජනතාව ඇමතීමට අවස්‌ථාව නොලැබීමෙන් උරණ වූ එ.ජා.ප. පාක්‍ෂිකයන් පිරිසක්‌ හේතුවෙන් මෙම රැස්‌වීම උණුසුම්කාරී තත්ත්වයක්‌ ගත්තේය.

ගොවීන්ට සහන සලසන ලෙස ඉල්ලා සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය විසින් දඹුල්ලේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ සංවිධානය කර තිබිණි. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගි වූ මෙම උද්ඝෝෂණ යේදී පිරිසක්‌ කළු පැහැති අමුඩ ඇඳ විවිධ සටන්පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

බන්ධූල සමග වාද කරන්න සුනිල් හඳුන්නෙත්ති සූදානම්

පිළිගත් රූපවාහිනි මාධ්‍ය ආයතනයක්‌ තෝරා ගැනීම හා කාලය වෙන්කර ගැනීම, වෙනත් බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත් වීමකින් තොරව විවාදය සිදුකිරීමට අවස්‌ථාව සලසා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ පිළිබඳ ප්‍රතිචාරය දක්‌වන්නැයි හඳුන්නෙත්ති මහතා අධ්‍යාපන ඇමැතිවරයාට ලිඛිතව ඊයේ (29 වැනිදා) දැනුම් දුන්නේය.

ජිනීවා යෝජනාවෙන් සම්බාධක අවදානමක්‌ නෑ- මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

දැනට සම්මත වී ඇති යෝජනා 91 ක්‌ අතුරින් 39 ක්‌ම සම්මත වී තිබෙන්නේ ඊශ්‍රායලයට එරෙහිවයි. එහෙත් ඊශ්‍රාලයට කිසිදු ආර්ථික සම්බාධකයක්‌ නැහැ.


මර්වින් ගැන විනය ක්‍රියා ගත යුත්තේ ශ්‍රීලනිපයයි

මාධ්‍යවේදියකුට පහර දී රටින් පැන්නුවේ තමා බවට මර්වින් සිල්වා ඇමැති වරයා ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශය පිළිබඳව (29) කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කීය.


ඉහළ කොත්මලෙන් මෙගොවොට්‌ 75 ක්‌
ජාතික විදුලි බල පද්ධතියට එක්‌කරයි

ශ්‍රී ලංකාවේ ඉදි කළ හැකි අවසා න විශාලම ජල විදුලි ව්‍යාපෘතිය මෙය වන අතර 1968 දී ව්‍යාපෘතිය හඳුනාගත්තද දේශපාලන හා තවත් හේතු මත බලාගාරය ඉදිකිරීම පමා වී ඇත.


දෙපාර්තමේන්තුවේ අවසරය නැතිව
විභාග මධ්‍යස්‌ථානය මාරු කිරීම තහනම්

අගෝස්‌තු උසස්‌ පෙළ විභා ගයේ සිට මෙම ක්‍රියාමාර්ගය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙ න අතර පටහැනිව කටයුතු කරන අයෑදුම්කරුවන්ගේ ප්‍රතිඵල නතර කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් පැවසීය.

google, gmail වර්ජනයත් රජයේ අදහසක්‌ නොවේ

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී මාධ්‍ය ආයතනවල මයික්‍ර පෝනවලින් බැහැරව පිළි තුරු දුන් රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා සෙසු ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා යළි මයික්‍රපෝන වෙත පැමිණියේය.

විදේශ විනිමය ලැබීම් ඉහළ යයි

විදේශ ආයෝජකයන් විසින් 2012 වසරේ මේ වන විට භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල කර ඇති ශුද්ධ ආයෝජනය එ.ජ.ඩොලර් මිලියන 385 ක්‌ විය.

මාලබේ පෞද්ගලික විදුහලට වෛද්‍යමය පාඨමාලා පැවැත්විය නොහැකියි
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

මේ වන විට වෛද්‍ය උපාධි ලබාදෙන්නේ යෑයි පවසමින් එක්‌ සිසුවකුගෙන් ලක්‍ෂ 65 බැගින් ලබාගෙන යම් යම් පාඨමාලා පවත්වාගෙන යන බවද පැවැසීය.

ජාතික පාසල් ගුරුමාරු ක්‍රමය ද්විතී ක පාසල් 1,000 සමග ඒකාබද්ධ කොට ක්‍රියාත්මක කිරීමට යයි

වර්තමානයේ ක්‍රියාත්මක ගුරු ප්‍රතිපත්තිය යටතේ වසර 8 ක සේවා කාලයක්‌ සපුරා ඇති ගුරුවරුන් සඳහා මාරුවීම් ලබාදීම පළාත් සභා පාසල් තුළ සිදුකෙරේ.

අමාත්‍යාංශවලින් ජනතාවට
නිසියාකාර සේවයක්‌ වෙනවාදැයි බැලීම
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක්‌

- ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග කියයි

අමාත්‍යාංශවලින් මහජනතාව බලාපොරොත්තුවන මහජන සේවාව නිසියාකාරයෙන් ඉටුවනවාද යන්න සොයා බැලීම එම අමාත්‍යාංශ ලේකම්වරුගේ ප්‍රධාන වගකීමක්‌ බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැවසීය.

වෙසක්‌ දිනය නිමිත්තෙන් මැයි 7 වැනිදා
රජයේ නිවාඩු

මෙවර වෙසක්‌ පොහොය දිනය (05) සෙනසුරාදාට යෙදීම හේතුවෙන් මෙම නිවාඩු දිනය අතිරේක නිවාඩු දිනයක්‌ වශයෙන් ලබා දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුව සඳහන් කරයි.

සා.පෙළ "ඒ" 9 ලැබූ සංඛ්‍යාව 3908 කි

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයට "ඒ" සාමාර්ථයන් ලැබූ සංඛ්‍යාව 3908 කි. එම සංඛ්‍යාව 3098 ලෙස ඊයේ (29 වැනිදා) පළ වූයේ ප්‍රමාදදොaෂයකිනි.

එජාප ව්‍යවස්‌ථාව හිතෙන හිතෙන හැටියට වෙනස්‌ කරන්න බැහැ
- සජිත් ප්‍රේමදාස

ඊළඟ ජනාධිපති වරණය එනතෙක්‌ එජාප නායකත්වය ඇතුළු කෘත්‍යාධිකාරී මණ්‌ඩලය නොවෙනස්‌ව පවත්වා ගෙන යැම සඳහා වසරින් වසර ඡන්ද පැවැත් වීමට අවශ්‍ය නැති බවට නිර්දේශ කර තිබීම පිළිබඳව ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ කීය.


  • අද හොඳම දවස ඔබ එනවා නම්........
    - විශාරද එඩ්වඩ් ජයකොඩි

    විශාරද එඩ්වඩ් ජයකොඩි....... අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට, සුභාවිත ගීයට එක්‌ කළ ප්‍රභාව මෙතෙකැයි කියා කිව හැකිද... ඔහු ගයන්නේ ඔහුටම අනන්‍ය වූ ආවේනික වූ ශෛලියකිනි. තවමත් තාරුණ්‍යය ඒ හඬ ඇත්තේද ඔහුටම පමණකි.

  • ඇය ද ඔබම විය....

    70 දශකයේ සංගීත ලොවට හඳුන්වා දුන් සුභාවික ගීතය රසිකයින් අතරට ගෙන යැමට සමත්වූ එකල සිටි ගායක ගායිකාවන් අතළොස්‌සක්‌ දෙනා අතරේ මාලනී බුලත්සිංහලගේ නමද ඉදිරියෙන් විය.

  • විසි මසකට පසු ටෙස්‌ට්‌ ජයක්‌

    ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කළ තෙවැනි හොඳම පන්දු යෑවීම වාර්තා කිරීමට දඟ පන්දු යවන රංගන හේරත් (171/12) සමත් වීම මත වත්මන් ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.