මේ අපි දවස්‌වල


සේමිණි විවේක සුවයෙන්

සේමිණි ඉද්දමල්ගොඩ ගැන පසුගිය කාල වකවානුවේදී බොහෝ සෙයින් කතා කළේ 05 වැනිදා සිට විකාශන කටයුතු ඇරැඹි මිචෙල් ෆොන්සේකාගේ "නෙතු පියෙනතුරා" ටෙලි නාට්‍යයේ ඇය රඟපාන චරිතය නිසයි. මේ නිර්මාණයෙන් පසුව ටෙලිනාට්‍ය අතර සේමිණි දකින්න නොලැබුණේ හොඳ නිර්මාණයක්‌ නොලැබුණු නිසාලු.

ඒ වගේම මෙගා රැල්ලේ යන නිර්මාණවලට එතරම් කැමැත්තක්‌ නැති ඇය අර්ථවත් නිර්මාණයක චරිතයක්‌ තමන් තක්‌සේරු කරන මුදලට ලැබෙනවනම් පමණක්‌ රඟපාන්න අවස්‌ථා උදාකරගන්නා බවයි ඇය පැවසුවේ. පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද නිර්මාණ අතර කැපීපෙනෙන චරිත නිරූපණය කරන සේමිණි මෑත වකවානුවේ සිවගුරුනාදන්ගේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා. කෙසේ නමුත් රංගන ශිල්පිනියක ලෙසට නිර්මාණවලට එසේ සම්බන්ධ වුවත් පෞද්ගලික ව්‍යාපාරයට අමතරව මේ කාලයේ නම් සේමිණි පසුවන්නේ විවේකීවලු.


නදීශාට පුතෙක්‌


පසුගිය කාලයේ පුංචි තිරය ඔස්‌සේ නිතර දෙවේලේ මුණගැසුණු රංගන ශිල්පිනියක වන නදීශා අලහප්පෙරුම හිටිහැටියේම නිර්මාණ අතරින් ඈත්වුණා. ඒ ඇය බොහෝ කාලයක සිට පෙරුම්පුරා සිටි සිහිනයක්‌ උදාවීම වෙනුවෙනි. පසුගිය අප්‍රේල් විසිතුන්වැනිදා අලුයම 6.07 ට පමණ ඒ සුබ සිහිනය සැබෑවක්‌ වුණේ නදීශා සුරතල් පුqතකුගේ මවක්‌ වීමෙනි.

කොළඹ ආසිරි රෝහලේදී සිදුවූ මේ උපත නිසාවෙන් නදීශාගේත් ඇගේ සැමියා අමිලගේත් පවුලේ හැමෝම සිටින්නේ සතුටින්ලු. සිඟිති පුතා වෙනුවෙන් වසරක්‌ පමණ රංගන කටයුතුවලින් ඈත්ව සිටින්නට සැලසුම් කර ඇති නදීශා ඉන් අනතුරුව නැවතත් රංගනයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.


බොහෝ දෙනෙක්‌ මා ගැන සෙවිල්ලෙන්
අනුලා කරුණාතිලක

සුපුරුදු පරිදි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වන අතරේ මේ දවස්‌වල පැතිර යන මඩ ප්‍රචාරාත්මක කතාවක්‌ නිසාවෙන් බොහෝ දෙනෙක්‌ මං ගැන සෙවිල්ලෙන් ඉන්නවා.

ඒ තමයි නදී චන්ද්‍රසේකර නිෂ්පාදනය කරනු ලබන ටෙලිනාට්‍යයක රඟපෑමේදී නදී මට බැණ වැදුණු බවට ප්‍රවෘත්තියක්‌ අන්තර්ජාලය ඔස්‌සේ පැතිරයැම. ඇත්තටම එහෙම කිසිදු සිදුවීමක්‌ ඇති වුණේ නැහැ. මීට වසර හතරකට විතර උඩදී ටෙලි නාට්‍යයක රඟපාන්න ගිහින්නම් පුංචි සිදුවීමක්‌ ඇති වුණා. ඒත් ඒක ඒ මොහොතට විතරයි. එදායින් පස්‌සේ අපි අතරේÊකිසිදු අමනාපකමක්‌ තිබුණේ නැහැ. ඒ සිද්ධිය තමයි නැවත අලුත් වෙන්න ඇත්තේ. ඒ නිසා ඔය කියන තරම් සිද්ධියක්‌ අපි අතරේ වුණේ නැහැ.

රොජර් එක්‌ටැම් ගෙයක

ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකුද වන රොජර් සෙනෙවිරත්න එක්‌ටැම්ගේක සිරවෙලාලු. ඒ හර්බර්ට්‌ රංජිත් පීරිස්‌ විසින් මීට වසර ගණනකට පෙර නිර්මාණය කළ "එක්‌ටැම්ගේ" චිත්‍රපටයේ නව නිෂ්පාදනයක්‌ ලෙස ඉරේෂ් ලොකුබණ්‌ඩාර පීරිස්‌ විසින් කරනු ලබන ටෙලි නාට්‍යයේ රංගනයක්‌ වෙනුවෙන්. කොළඹ අවට රූගත කරන මෙම නාට්‍යයේ ජෝ අබේවික්‍රම මහත්මා විසින් රඟපෑ චරිතය ඔහු රඟපාන්නේ.

චන්ද්‍රරත්න මාපිටිගම විසින් අධ්‍යක්‌ෂණය කරනු ලබන "සකි සඳ සුවාරිස්‌" ටෙලිනාට්‍යයේ සුවාරිස්‌ගේ චරිතය රඟපාන රොජර් මෙහි නිෂ්පාදන කටයුතුද සිදුකරනවා. මේ අතරේ රොජර් රඟපෑ "විජය කුවේණි" චිත්‍රපටයද අද රිදී තිරයේ දිගහැරෙන්නේ එදා බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දාට පසුවදා විජය ලක්‌දිවට පැමිණි කතා පුවත සිහිකරවමින්. එහි විජය රජතුමාගේ චරිතය රොජර් විසින් රඟපානවා. මීට අමතරව තවත් නිර්මාණ රාශියකටම ඉදිරියේදී රංගනයෙන් දායකවීමට නියමිත ඔහු ජනතා නියෝජිතයකු ලෙසට පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසට ඒ වගකීම්ද ඉටුකරනවා.


ලක්‌මිණි අතුකෝරල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.