මැලිබන් කිරි ඕස්‌ටේ්‍රලියා සවාරි
ජයග්‍රාහකයෝ ඕස්‌ටේ්‍රලියාවට...


2011 වසරේ මැලිබන් කිරි සමාගම විසින් සංවිධානය කරන ලද වාර්තාගත පාරිභෝගික ප්‍රතිචාර මැද අති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වූ මැලිබන් කිරි ඕස්‌ටේ්‍රලියා සවාරි තරගයේ සහ බෙදාහැරීමේ නියෝජිතයින් අතර පැවැති තරගයේ ජයග්‍රාහකයන් 2012 අප්‍රේල් මස 21 වැනි දින ඕස්‌ටේ්‍රලියාව බලා පිටත් විය. ඕස්‌ටේ්‍රලියා සංචාරය සඳහා සහභාගි වූ ජයග්‍රාහී මැලිබන් කිරි පාරිභෝගික සැමට මිදි වතු, ඇපල් වතු, විශාල ගවපට්‌ටි මෙන්ම තවත් සුවිශේෂී ස්‌ථාන නැරඹීමේ අවස්‌ථාව හිමි වනු ඇත. මැලිබන් කිරි ඕස්‌ටේ්‍රලියා සවාරිය සඳහා ජයග්‍රාහකයන් ඇතුළුව මැලිබන් කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් වීරසූරිය මහතා, අධ්‍යක්‍ෂ ඒ. ජී. විමලසිරි මහතා, අලෙවි කළමනාකරු ජයන්ත වීරද්දන මහතා මෙන්ම සමාගමේ තවත් නිලධාරීන් කිහිප දෙනකු ඇතුළුව ප්‍රවීණ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ මහතා ද සහභාගි විය.

ඉහළ තත්ත්ව පාලනයන්ට යටත්ව ශ්‍රී ලංකාව තුළ ලබාගත යුතු සියලු ප්‍රමිති සහතිකයන්ගෙන් පිදුම් ලැබූ එකම කිරිපිටි වර්ගය වන මැලිබන් කිරි සාර්ථකත්වය පිටුපස සැමවිටම රැඳුණු හොඳම දේ පමණක්‌ මිලට ගන්නා මැලිබන් කිරි පාරිභෝගිකයන්ට සිය කෘතඥතාව පළ කිරීම සඳහා සංවිධාන කෙරුණු ඕස්‌ටේ්‍රලියා සවාරියේ දෙවැනි අදියර තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිත බව පාරිභෝගික භවතුන් වෙත ඉතා සතුටින් දන්වා සිටී.

දැවැන්ත අලෙවි ප්‍රචාරණ ව්‍යාපාර සමගින් සිය ව්‍යාපාරික කටයුතු මෙහෙය වන බහුජාතික සමාගම් දෙකක්‌ හා තවත් සමාගම් හතක්‌ සමග වෙළෙඳපොළ තුළ දැවැන්ත තරගයක යෙදෙමින්, ඔවුන්ට සාපේක්‍ෂව ඉතාමත් සුළු වෙළෙඳ ප්‍රචාරණ ක්‍රම භාවිත කරමින් හා එම ප්‍රචාරණයන් පවා සමාජ වැඩදායී අයුරින් ක්‍රියාත්මක කිරීමට අප සමාගම කටයුතු කරයි.

"ඕස්‌ටේ්‍රලියා සවාරි" ජයග්‍රාහකයන් වන ඉන්දික තුෂාර, ලලිත් සිල්වා, ශිවන්ති සිල්වා, ගාමිණී රණසිංහ, එම්. එච්. ටී. ටී. සංජීව, අනුර දාස්‌වත්ත යන අය සමග මැලිබන් කිරි සමාගමේ අධ්‍යක්‍ෂ ඒ. ජී. විමලසිරි, ප්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් වීරසූරිය, අලෙවි කළමනාකරු ජයන්ත වීරද්දර සහ ප්‍රවීණ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ යන මහතුන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.