ඇට්‌ලස්‌ සමාගම, රුපියල් මිලියන 6 ක්‌ වටිනා
අභ්‍යාස පොත් ග්‍රාමීය පාසල් දරුවන් අතරේ බෙදා දෙයි


ශ්‍රී ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගම වන ඇට්‌ලස්‌ සමාගම තම "ඇට්‌ලස්‌ සිසු දිරිය" ආයතනික සමාජ සත්කාරක (CSR) යටතේ රුපියල් මිලියන 6 ක්‌ වටිනා අභ්‍යාස පොත් අවම පහසුකම් හිමි පාසල් දරුවන් අතරේ බෙදාදීමක්‌ පසුගියදා සිදු විය. මෙම වසරේදී "ඇට්‌ලස්‌ සිසු දිරිය" වැඩසටහන යටතේ අම්පාර හා මඩකලපුව දිස්‌ත්‍රික්‌කවල සිසු සිසුවියන් 3000 කට අභ්‍යාස පොත් ලබාදුන් අතර, එම සමාගම මෙම සමාජ සත්කාරය දියත් කෙරුණේ, පාසල් දරුවන්ට දැනුම රැස්‌කිරීමට අනුබලයක්‌ ලෙසින් අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය පාසල් උපකරණ තිළිණ කිරීමක්‌ ලෙසිනි.

ඇට්‌ලස්‌ "සිසු දිරිය" සමාජ සත්කාරක වැඩසටහන මගින් අම්පාර හා මඩකලපුව දිස්‌ත්‍රික්‌කවල පාසල් දරුවන්ට මෙම අභ්‍යාස පොත් බෙදාදීම සිදු වූයේ, මල්වතු පාර්ශ්වයේ මහනායක, පූජ්‍ය, තිබ්බොටුවාවේ, ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙනි. මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ, තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගීතා පදනම හා අම්පාර හා මඩකලපුව දිස්‌ත්‍රික්‌කවල ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවෙනි. මෙම අවස්‌ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිවුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියෝ ඇතුළු මහ සංඝරත්නයද සහභාගි වූහ.

ඇට්‌ලස්‌ "සිසු දිරිය" වැඩසටහන යටතේ සිදු කළ මෙම අභ්‍යාස පොත් පරිත්‍යාගය සම්බන්ධයෙන් තම අදහස්‌ දැක්‌වූ ඇට්‌ලස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, නිර්මාල් මදනායක මහතා පැවැසුවේ, අප මෙවර "ඇට්‌ලස්‌ සිසු දිරිය" සමාජ සත්කාරක වැඩසටහනෙන් යම් මෙහෙවරක්‌ කරන්නට සිතුවේ. යුද්ධයේ බලපෑම්වලට ලක්‌වූ අම්පාර හා මඩකලපුව දිස්‌ත්‍රික්‌කයන්හි අවම පහසුකම් හේතුවෙන් අධ්‍යාපනයට යම් බාධාවක්‌ සිදුවිය හැකි දරුවන් සඳහායි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.