Dulux 3 in 1 නගර රැසක්‌ නව මුහුණුවරකින් සරසවයි·

අලංකරණ තීන්ත ක්‍ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින ඩියුලක්‌ස්‌ 3 in 1 එළැඹුණු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නගර රැසක්‌ අලංකාර කිරීමට පියවර ගත්තේය.

නමින් කියෑවෙන පරිදිම ඩියුලක්‌ස්‌ 3 in 1 ඔබට වාසි රැසක්‌ ගෙනෙන ලක්‍ෂණ තුනකින් සමන්විතය. එහි ඇති සුවිශේෂී බැක්‌ටීරියා රෝධක සංයෝග නිසා එය ආලේප කරන බිත්ති මත පුස්‌ සහ දිලීර නොබැඳෙයි. ආලේප කළ පසු එමගින් බිත්ති මත තුනී පටලයක්‌ නිර්මාණය වීම නිසා බිත්ති මත තැන්පත් වන කුණු, පැල්ලම් ආදිය පහසුවෙන් ඉවත් කළ හැකි අතර, තීන්තවල දීප්තිමත් භාවය ද නොනැසී පැවතෙයි.

සිරිලක පුරා සැරිසරන ඩියුලක්‌ස්‌ 3 in 1 ට්‍රක්‌ රථය ඕනෑම කෙනකුට පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ ඒ මත තැන්පත් කොට ඇති ත්‍රිමාණ ඩියුලක්‌ස්‌ 3 in 1 තීන්ත බකට්‌ටුව නිසායි. මෙම ට්‍රක්‌ රථය මහරගම, පිළියන්දල, අනුරාධපුර, පේරාදෙණිය, මාතලේ, මාලබේ, දඹුල්ල, හම්බන්තොට සහ කුලියාපිටිය ඇතුළු නගර 54 ක පමණ සැරිසැරීමට නියමිතය. තෝරාගත් ගුවන් විදුලි නාලිකාවක්‌ මගින් මේ පිළිබඳව ජනතාවට දැනුම් දෙනු ඇත. ඒ ඒ නගරවල සැරිසැරීමේදී ට්‍රක්‌ රථය සමඟ පැමිණෙන ඩියුලක්‌ස්‌ නියෝජිතයන් අදාළ ප්‍රදේශයේ මහජනතාව ඩියුලක්‌ස්‌ 3 in 1 පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත. මින් සැළසෙන ප්‍රධානතම වාසියක්‌ වූ කුණු, පැල්ලම් සෝදා ඉවත් කරලීම, ට්‍රක්‌ රථයේ ම සවි කළ බිත්තියක්‌ ආධාරයෙන් ඔබට එවෙලේම අත්හදා බැලීමට හැකිවීම මෙහි ප්‍රධාන අංගයක්‌ වෙයි. ඔබට එම බිත්තිය මත යමක්‌ ඇඳීමටත් අනතුරුව ඒවා පහසු ලෙස ඉවත් කිරීමටත් මෙහිදී ඔබට වරම් ලැබෙයි. මෙහිදී ඩියුලක්‌ස්‌ 3 in 1 හි එම වාසිය ඔබට ඇස්‌පනාපිට දැක ගත හැකි වීම විශේෂත්වයකි. මෙම දැනුවත් කිරීම්වලට අමතරව මේ දින 27 දී ගුවන්විදුලි ප්‍රවර්ධනයක්‌ දියත් කිරීමට ඩියුලක්‌ස්‌ පියවර ගෙන ඇත. එහිදි හැම දිනකදීම අදාළ ගුවන් විදුලි නාලිකාවෙන් "රහස්‍ය පදයක්‌" නිකුත් කරන අතර, ඒ සම්බන්ධයෙන් පළමුවෙන් පිළිතුරු සපයන පස්‌දෙනාට එතැනදීම ඩියුලක්‌ස්‌ වෙතින් ත්‍යාග පිරිනැමෙනු ඇත. එමෙන්ම අදාළ තරගකරුවන්ට ඩියුලක්‌ස්‌ 3 in 1 ට්‍රක්‌ රථයෙන් වට්‌ටම් සහිත ඩියුලක්‌ස්‌ වවුචර් දිනා ගැනීමටද අවස්‌ථාවක්‌ හිමි වෙයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.