ඔලිවියා නිව්ටන් ජෝන් සුපිරි
මර්සිඩීස්‌ බෙන්ස්‌ රථයකින් සංචාරය කරයි


වසර හතළිහකටත් වඩා විහිදුණු අත්දැකීම් ඇති, තවමත් උෙද්‍යාගිමත් හා නිර්මාණශීලී චරිතයක්‌ වන ලොව පුරා රසික හදවත් දිනා ගත්, ඔලිවියා නිව්ටන් ජෝන්ගේ ආකර්ෂණය සදාකාලික වේ. 1886 මෝටර් රථ සොයාගැන්මේ පටන්ම ආකර්ෂණයෙන් සහ උෙද්‍යාaගයෙන් පිරිපුන් මර්සිඩීස්‌ බෙන්ස්‌ද එසේමය. එනිසා ලෝක ප්‍රසිද්ධ තාරකාවක්‌ වන ඔලීවියා නිව්ටන් ජෝන්, ආරක්‌ෂිතව සහ සැප පහසුවෙන් යුක්‌තව ගමන් කිරීමට එවැනිම උසස්‌ තත්ත්වයේ තරුවක්‌ තෝරා ගැනීම සාධාරණ වේ.

මෙම තාරකාව බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තෙටුපළේ සිට කොළඹ හිල්ටන් හෝටලය තෙක්‌ රැගෙන ඒමට සහ ආපසු ගෙන යැමට භාවිත කරන ලද්දේ මර්සිඩීස්‌ බෙන්ස්‌ M පන්තියේ SUV මෝටර් රථයකි. ඇතුළත අලංකරණය කරනා ලද නවතම S පන්තියේ මෝටර් රථයක්‌ කොළඹ සිටි කාලය තුළදී ඇයව ප්‍රසංගය පැවැත්වූ ස්‌ථානය තෙක්‌ ගෙන යැමට සහ ඒමට භාවිත කෙරුණි. මෙම නව පන්තියේ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය බෙහෙවින් සන්තෝෂයට පත් වූ අතර සිය ඉදිරිපත් කිරීම්වලින් පසුව එම මෝටර් රථයෙන්ම දකුණු පළාතේ චාරිකාවක නිරත වීමටද ඇය කැමැත්ත පළ කළාය. දකුණු අධිවේගී මාර්ගයේදී S පන්තියේ මෝටර් රථයේ හැසිරවීම් සහ ක්‍රියාකාරීත්වය ඇයව ප්‍රබෝධමත් කිරීමට සමත් විය. ඔලීවියා නිව්ටන් ජෝන්ස්‌ 2012 අප්‍රේල් මස 4 වැනිදා සහ 5 වැනිදා කොළඹදී ප්‍රසංගයක්‌ පැවැත්වූ අතර එහිදී ඇය 1970 සහ 80 දශකවල පැරණි ගී සහ වත්මන් ගී වලින් සිය රසිකයන් පිනවන්නට සමත් වූවාය.

ඔලීවියා නිව්ටන් ජෝන්ස්‌ ඇයගේ ප්‍රසංගයට නික්‌ම යාමට මොහොතකට පෙර S පන්තියේ නව මර්සිඩීස්‌ - බෙන්ස්‌ රථය සමඟ ඡායාරුපයට පෙනි සිටි අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.