"ඔඩෙල්" වීදි සුනඛයන් සුරැකීමේ
එම්බාර්ක්‌ ව්‍යාපෘතිය වසර 5 ක්‌ සම්පූර්ණ කරයි

පිහිටක්‌ නොමැතිව අසරණ වී සිටින වීදි සුනඛයන්ගේ සුබසාධනය, භාරකරුවන් යටතට පත්කිරීම සහ සුනඛ ගහනය මානුෂීය ලෙස පාලනය කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් හඳුන්වා දුන් සුප්‍රසිද්ධ එම්බාර්ක්‌ විලාසිතා සන්නාමය සහ එම්බාර්ක්‌ ව්‍යාපෘතිය 2012 මාර්තු මාසයේදී සිය පස්‌වන සංවත්සරය සමරනු ලැබීය.

2007 වසරේදී ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුව ඇරඹි මෙම නව්‍ය වූ වැඩසටහන, 20,000 කට ආසන්න වීදි සුනඛයන්ගේ සුබසාධනය වෙනුවෙන් මැදිහත්ව කටයුතු කර ඇති අතර මෙවැනි සතුන්ගේ ජීවන රටාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමද සිදු කෙරිණ.

වීදි සුනඛයන් සුරැකීමේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස්‌කර ගැනීමේ ප්‍රමුඛතම මාර්ගය වන්නේ ඔඩෙල් අලෙවිසල් ජාලය තුළින් පමණක්‌ මිලදී ගත හැකි එම්බාර්ක්‌ සන්නාමය යටතේ අලෙවි කරන ඇඟළුම් සහ ආයිත්තම් විකිණීමෙන් ලැබෙන මුදලින් ප්‍රතිශතයක්‌ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කිරීමයි. කමිස විලාසිතා පහකින් ඇරඹුණුq මෙම එම්බාර්ක්‌ සන්නාමය මේ වන විට වෙළෙඳ භාණ්‌ඩ කිහිපයකටම අයත් පොදු සන්නාමයක්‌ බවට ව්‍යාප්ත වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.