මා පිය හරසර මැද බ්‍රැන්ඩික්‌ස්‌
වසරේ විශිෂ්ටයන් සම්මානයට


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇගලුම් අපනයන සමූහය වන බ්‍රැන්ඩික්‌ස්‌ සිය සාමාජිකයන්ගේ කුසලතාවයන් අගයනු වස්‌ වාර්ෂිකව පවත්වනු ලබන "බ්‍රැන්ඩික්‌ස්‌ වසරේ විශිෂ්ටයා" සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පවත්වනට යෙදුණු අතර මෙහිදී සාමාජික සාමාජිකාවෝ 39 දෙනකු සහ සුපරීක්‌ෂකවරු සය දෙනකු ගරු බුහුමන් ලැබූහ.

සේවා කාර්ය සාධනය සහ සමාගම වෙත දැක්‌වූ දායකත්වය පරීක්‍ෂා කොට සම්මාන සඳහා සාමාජිකයන් දැඩි පරිශ්‍රමයකින් තෝරාගනු ලැබූ අතර ජයග්‍රාහකයන්ට සම්මාන සමග සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය තුළ අධ්‍යයන චාරිකා පිරිනැමිණි. සම්මාන උළෙලෙහි විශේෂ අවස්‌ථාවක්‌ වූයේ සම්මානලාභීන්ට සිය නිල ඇඳුමේ පැළඳිය හැකි "වසරේ විශිෂ්ටයා" පදක්‌කම් ඔවුන්ගේ දෙමාපියන් හෝ සැමියා/ බිරිඳ සුරතින් පැඳවීමයි.

බ්‍රැන්ඩික්‌ස්‌ පවුලේ සාමාජිකයන් පන්දහසකගේ සහභාගිත්වය ද සමගින් සංගීත සැඳෑවකින්ද රසවත් වූ විචිත්‍රවත් බ්‍රැන්ඩික්‌ස්‌ සම්මාන උළෙල තවත් ජව සම්පන්න වූයේ බ්‍රැන්ඩික්‌ස්‌ රසදිය කුසලානය - 2012 පිරිමි සහ කාන්තා අවසන් මහා තරග හේතුවෙනි. මෙම වොල්බෝල් තරගාවලිය දිවයින පුරා විසිරී තිබෙන බ්‍රැන්ඩික්‌ස්‌ ආයතනයන්හි සේවය කරන තරුණ සාමාජික සාමාජිකාවන්ගේ අවශ්‍යයතාවන් මැනවින් හඳුනාගනිමින් ඔවුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන අන්තර් - ආයතනික තරගාවලියකි. එමෙන්ම සමූහයේ නිෂ්පාදන කටයුතු අඛණ්‌ඩව පවත්වාගැනීමට විශාල දායකත්වයක්‌ ලබාදෙන කාර්මික නිලධාරීන් ඇගයීම උදෙසා හඳුන්වා දුන් "මෙක්‌ චැලෙන්-" හි ජයග්‍රාහී කණ්‌ඩායම් වල කුසලතාවන් දැක්‌මක්‌ ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.