තොරණ බලන්න මේකත් කියවලම යන්න



තොරණට දිගු ඉතිහාසයක්‌ ඇත. එදා උදේනී පුරා පැවැති සැණකෙලියේදී තැන තැන ඉදිවූ තොරණද සැළලිහිණි සංදේශයේ සඳහන් පරිදි රන් තොරණින් නගරය අලංකාර කර ඇති අයුරුද මැනැවින් පැහැදිලි වෙයි.

එදා රජ දවස රජතුමා සහභාගි වූ සෑම උත්සවයකදී රජතුමා ඇතුළු ප්‍රභූවරු තොරණ යටින් ගමන් කිරීම සිරිතක්‌ වූ බව පොතපතින් දැක්‌වේ.

ඒ එදා තොරණ නිර්මාණයට වඩා අද විශේෂයෙන් වෙසක්‌ සමය තුළ ශ්‍රී ලංකාවේ අන් පළාත්වල මෙන්ම අගනුවර ඉදිවෙන වෙසක්‌ තොරණ්‌ ඒකාකාරී ස්‌වරූපයකින් ඉදිවෙන බව දැකගත හැක. මෙම තොරණ්‌ වලින් විශේෂත්වයක්‌ ගෙන දෙනු ලබන්නේ තොරණෙහි ඇතුළත් චිත්‍ර රාමුවලට වඩා විදුලි ආලෝක රටාවන්ටය. එමෙන්ම මෙම තොරණ්‌ සියල්ලම ඉදිවී ඇත්තේ එකාකාරී සැලැස්‌මකට අනුවය. උඩින් හෝ පැත්තකින් බුදුරුවෙකි. පිටුපසින් දස දහසක්‌ පමණ ක්‍රියාකරවන බුදු රැස්‌ මාලාවකි. ඊට අමතරව ශඩ් වර්ණයෙන් අඳින ලද ජාතක කතාවකි.

මෙම ඒකාකාරී ස්‌වරූපයෙන් යුත් "තොරණ" දැන් වෙනස්‌ කර අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය අනුව නිර්මාණය වූ "සැලැස්‌මක්‌" මත නිර්මාණය වූ කලාත්මක කමින් යුත් අපේ ඉපැරැණි ගමන නිර්මාණය අනුව, අනුරපුර, පොළොන්නරු, ආදී ඉපැරැණි කලා ශිල්පයන්හි, හැඩතල ආරුක්‌කු ආදියේ ආභාෂය ලබමින් නිර්මාණ කරන්නට නොහැකි මන්දැයි ප්‍රවීණ චිත්‍ර ශිල්පී "කලාසූරී" ජයසිරි සේමගේ අසන ප්‍රශ්නයකි.

ඒකාකාරී රටාවෙන් බැහැර අපේ ශ්‍රී ලාංකික ඉපැරැණි ගෘහ නිර්මාණයන්ට අනුව රේඛාවට මුල්තැනක්‌ දෙමින්, චමත්කාර ජනක වර්ණ සංයෝගවලින් ලාලිත්‍යමය අනුව නිර්මාණය වූ චිත්‍ර ශෛලියකින් යුත් තොරණ්‌ දෙකක්‌ ළඟ එන වෙසක්‌ සමයේදී නරඹන්නන්ට දැක ගත හැකි වනු ඇත. මෙම තොරණ්‌හි නිර්මාණය හා චිත්‍ර, "කලාසූරී" ජයසිරි සේමගේ විසින්මය. 1980 පමණ කාලයේ පැවැති "ගම්උදාව" සංවත්සරයන්හි, අති දැවැන්ත සංස්‌කෘතික, අධ්‍යාත්මික හා ඓතිහාසික වටිනාකමකින් යුත් තොරණ්‌ වසර 12 ක්‌ පමණ කාලයක්‌ නොකඩවා නිර්මාණය කළේ සේමගේයි. මෙම තොරණින් පාසල් දරුවනට මෙන්ම කලා රසය අගේ කරන කාටත් උගත මනා දැ අපමණ වීය. ඒ කාලයේදී සෑම රාජ්‍ය උත්සවයක්‌ සඳහාම රාජ උත්සවයට ගැලපෙන, රාජ්‍ය උත්සවයේ වැදගත් කම, විදහා දක්‌වන තොරණක්‌ ඉදිවීම පුරුද්දක්‌ විය. "මහපොළ" සංවත්සරයන්හි ඇතුල්වීමේ දොරටුව අලංකාර කරවීම සඳහා "මහපොළ" සංකල්පය විවිධ අවස්‌ථා නිරූපණය වන අයුරින් තොරණ නිර්මාණය වීම සේමගේට පැවරී තිබුණි.

ලෝකයේ විවිධ රටවල පැවැති එක්‌ස්‌ෙµda ප්‍රදර්ශනයන්හි ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාර අලංකාර කිරීම සඳහා "මකර" තොරණ්‌ නිර්මාණයද එම ප්‍රදර්ශනාගාර ශ්‍රී ලාංකික සැරසිලි කලාවෙන් හා කැටයම් කලාවෙන්ද අලංකාර කළේද මෙම ශ්‍රී ලාංකික කලා ශිල්පියා විසිනි.

1990 දී ජපානයේ µqකුඕකා නුවර පුරා මාස 6 ක්‌ පැවැති ආසියානු µeසිපික්‌ උළෙල සඳහා ශ්‍රී ලංකාවේ "බෞද්ධ මුහුණුවරක්‌ ගත් තොරණ්‌ 2 ක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය විය. මේ භාරදූර කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවෙන්ම තෝරාගනු ලැබුවේද සේමගේයි.

සිංගප්පූරුවේ බෞද්ධ පුස්‌තකාල ගොඩනැඟිල්ල වෙසක්‌ සමයක්‌ සඳහා අලංකාර කළ යුත්තේ "බොරෝබුදූර්" ගේ බෞද්ධ ප්‍රතිමාවක්‌ අනුව විය. තවද ජපානයේ වසරක්‌ පාසා පැවැත්වෙන "ශ්‍රී ලංකා උළෙල" සඳහා එම උළෙල පැවැත්වෙන උද්‍යානයේ ඇතුල්වෙන දොරටු සඳහා ශ්‍රී ලාංකික මුහුණුවරකින් යුත් තොරණ්‌ 2 ක්‌ පුරා වසර 4 ක්‌ම නිර්මාණය කිරීමද සේමගේ මහතාට භාර වීය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ මත පාර්ලිමේන්තුව අභියස ඉදිවූ "දසරාජ ධර්මය" විදහා දක්‌වන වෙසක්‌ තොරණ නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමටද සේමගේ ශිල්පියා සමත් විය.

ජයසිරි සේමගේ හා පුරා කියා ප්‍රථම වරට පාසල් වියෙහිදී එනම් වයස 16 දී අම්බලන්ගොඩ නගරයේ තොරණක්‌ ඉදිකළේය. වෙසක්‌ "තොරණ" ගැන ඉතා ලැදි කමක්‌ දැක්‌වූ සේමගේ පසුව ලංකාවේ පිට පළාත්හි සෑම වෙසක්‌ උළෙලකදීම "අලුත් මුහුණුවරකින්" යුත් නව චිත්‍ර ශෛලියකින් ඇඳි තොරණ්‌ ඉදිකිරීමට අවස්‌ථාව ලැබිණ.

ළඟ එන වෙසක්‌ මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා වාසීන්ට සුවිශේෂ තොරණ්‌ 2 ක්‌ නැරඹීමට අවස්‌ථාවක්‌ උදාවෙනු ඇත. මෙම තොරණ්‌ සැමදාමත් දකින්නට ලැබෙන ඒකාකාරී සැලැස්‌ම අනුව එකම චිත්‍ර ලතාවකට වඩා වෙනස්‌ අමුතුම මුහුණුවරක්‌ ගත් "කලාත්මක" වශයෙන් අගය කළ හැකි "කලා නිර්මාණ" දෙකක්‌ වනු ඇත. සේමගේ ගේ සුපුරුදු චිත්‍ර ශෛලියෙන් මෙම තොරණ්‌ නිර්මාණය වනු ඇත. හුණුපිටිය ගංගාරාමය අබියස ඉදිවෙන තොරණින් "ජනපද කල්‍යාණි" කතා පුවත විදහා දක්‌වන අතර අම්බලන්ගොඩ, නගර සභා පිටියේ ඉදිවෙන දැවැන්ත තොරණින් "මාගන්ධි" කතා පුවත සිත්තම් කර ඇත. ශ්‍රී ලංකාවේ නොයෙකුත් පළාත්හි ඉදිවෙන තොරණ්‌ අතර මේ තොරණ්‌ වෙසක්‌ මංගල්‍යයේදී විශේෂ තැනක්‌ ගනු ඇත.

තොරණ අලුත් කළ
ජයසිරි සේමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.