කොටි සමග හෙළුවෙන්

කිං බානට්‌තුමාට අංකොල් කෙනෙක්‌ මාට්‌ටු උනා.

අංකොල්ට අම්බානක තද වෙලා.

"බලන්න මේ සෙන්සර් බෝඩ් එකේ කට්‌ටිය හරියට ජොබ් එක කරන්නෙ නෑනෙ..."

අංකොල් කිව්වා.

"බයිලා ගහන්න එපා...සෙන්සර් බෝඩ් එකේ වැඩ නියමෙට වෙනවා."

කිං බානට්‌තුමා ඔබ්ජෙක්‌ෂන් පාරක්‌ දැම්මා.

"ඒ උනාට ගිය සුමානේ හෝඑවැලි දර්ශන වගයක්‌ පෙන්නුවනෙ..."

අංකොල් කිව්වා.

"බොරු කියන්න එපා...ඔයත් හරියට මහ බැංකුවක අධිපති කෙනෙක්‌ සංඛ්‍යා ලේඛන දෙනවා වගේනෙ කතා කරන්නෙ... දැන් අඩුම ගානේ හෝඑවැලි කටවුට්‌ එකක්‌වත් නෑ පික්‌චර් හෝල් එකක්‌ ඉස්‌සරහා... නිකං බොරු බයිලා ගහන්න එපා..."

කිං බානට්‌තුමා විරෝධය පළ කරමින් කියා හිටියා.

"මං කියන්නෙ සෙන්සර් බෝඩ් එකේ ඇස්‌වලින් රිංගලා මේ වැඩ කරනවා ඇති..."

අංකොල් ඒ පාර කියා හිටියා.

"ඒක තව අලි බොරුවක්‌නෙ... කොහොමද සෙන්සර් බෝඩ් එකේ ඇස්‌වලින් රිංගන්නේ...?"

කිං බානට්‌තුමා ඒකටත් බකට්‌ එක දැම්මා.

"හො`දයි සෙන්සර් බෝඩ් එකට පෙන්නන්නේ නැතුව කාට හරි අසභ්‍ය දර්ශන ප්‍රදර්ශනය කරන්න පු`එවන්නෙ... එකපාරටම ඒ වගෙ දෙයක්‌ පෙන්නුවාම කාටවත් කපන්න බැහැනෙ... මං කියන්නෙ මේවා හො`දට සැලසුම් කරලා කරන දේවල් කියලයි..."

අංකොල් පැහැදිළි කළා.

"ඔහේ මොන අංඩර දෙමළයක්‌ කියනවද කියලා මට නං තේරෙන්නෙ නෑ..."

මේ කතාව අහලා අහලා කිං බානට්‌තුමාට µqල් මංඥං දැන්.

"මේකයි තමුන්ගේ නායකයව මරාදාපු උදවියත් එක්‌ක කාට හරි එකට ඉන්න පු`එවන්ද...? මං මේ අහන්නෙ සදාචාරාත්මක ප්‍රශ්නයක්‌..."

"ඇත්ත වශයෙන්ම රෙද්දක්‌ ඇ`දගෙන නම් එහෙම ඉන්න අමාරුයි..."

කිං බානට්‌තුමා උත්තර දුන්නා.

"හරියටම හරි... ඒ කියන්නෙ රෙද්දක්‌ අඳින්නෙ නැතුව එහෙම ඉන්න පුළුවන් කියන එකනෙ...."

අංකොල් තර්ක කළා.

"අපි කතාවට එහෙම කියනවා තමයි... ඒ වුණාට කවුද එහෙම හෝඑවෙන් ඉන්නෙ... හිටියත් කවුද ඕවා පෙන්නන්නෙ..."

කිං බානට්‌තුමා ඇහුවා.

"අන්න ඒකනෙ කියන්නෙ...මං දැක්‌කනෙ එහෙම හෝඑවෙන් හිටපු සීන් එකක්‌ පෙන්නනවා..."

අංකොල්තුමාට µqල් හැපි.

"හො`දයි කොහේද ඔය කියන නිරුවත් සීන් එක පෙන්නුවේ...?"

"ටීවී එකේ..."

අංකොල් කිව්වා.

"කවද්ද...?-

"මැයි පළවෙනිදා..."

"කොහේද..."

"යාපනේ..."

"කාත් එක්‌කද...?"

"කොටිත් එක්‌ක..."

"මැයි පළවෙනිදා කොටිත් එක්‌ක යාපනේ හෝඑවෙන් හිටියේ කවුද...?"

කිං බානට්‌තුමා පිස්‌සු පීකුදු වෙලා ගිහින් ඇහුවා.

"වෙන රටක විපක්‌ස නායකතුමෙක්‌..."

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.