බාල ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් 7500 ක්‌!

'හොඳ තෙල්' සමග වෙනම ටැංකියක ගෙනල්ලා

ශිරාන් රණසිංහ

සිංගප්පූරු බිටි්‍රෂ් පෙට්‍රොaලියම් සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා තෙල් (Jet Oil) මෙටි්‍රක්‌ ටොන් විසිදහසකින් මෙටි්‍රක්‌ ටොන් හත්දහස්‌ පන්සියයක්‌ බාල ඉන්ධන බවට රසායනාගාර පරීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ.

මීට දින කිහිපයකට පමණ පෙර කොළඹ වරායට සේන්දු වී ඇති ASDRAL Extra ess නමැති මෙම ඉන්ධන නෞකාව තුළ ඩීසල් මෙටි්‍රක්‌ ටොන් විසිදහසක්‌ ද තිබී ඇත.

බාල ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් හත්දහස්‌ පන්සියය වෙනම ටැංකියක තිබී ඇති අතර, ඉතිරි මෙටි්‍රක්‌ ටොන් දොළොස්‌දහස්‌ පන්සියය වෙනම ටැංකියක දමා මෙරටට ගෙනැවිත් තිබේ.

අදාළ බාල ගුවන් යානා තෙල් තොගය පිළිබඳව සිංගප්පූරු පෙට්‍රොaලියම් සමාගමට දැන් වූ පසුව එම සමාගමෙහි නිලධාරීන් පැමිණ වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදු කළ ද එම පරීක්‍ෂණ මගින් ද එම ඉන්ධන ප්‍රමිතියෙන් බාල බව තහවුරු කර ඇත.

ඒ අනුව ගුවන් යානා තෙල් තොගය බාර ගත නොහැකි බවට සංස්‌ථා ප්‍රධානීන් පවසා තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ සමාගම සමඟ සාකච්ඡා වට කිහිපයක්‌ම පැවැත්වීමෙන් පසු ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිත කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව එකඟ වී ඇත.

ඒ වෙනුවෙන් එම ගුවන් යානා ඉන්ධන තොගය බැරලයකට ඇමරිකානු ඩොලර් ශත විසිපහ බැගින් අඩුකර මෙම ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමට තීරණය වී තිබේ.

පසුගිය කාලයේදී මෙරටට ගෙන්වූ බාල පෙට්‍රල් තොගයක්‌ නිසා මෝටර් රථ වාහන මහමඟ නතර වූ අතර අවසානයේ තෙල් සංස්‌ථාවට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදුවිය.

බාල ගුවන් යානා තෙල් සපයන ලද සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රොaලියම් සමාගමෙන් මින් පසුව ඉන්ධන මිලදී නොගත යුතු බවට තෙල් සංස්‌ථා ටෙන්ඩර් කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම සමාගම සිංගප්පූරු බී. සී. ලෙස ලියාපදිංචි වී තිබුණද ඒ පිළිබඳව ද ප්‍රශ්න ඇතැයි තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියකු 'දිවයින' ට පැවැසීය.

ප්‍රමිතියෙන් අඩු මෙම ගුවන් යානා තෙල් තොගය පිළිබඳව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේaම්ජයන්ත මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ එම තෙල් තොගය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට තීරණය කළ බවයි. ඒ වෙනුවෙන් අදාළ මිල වට්‌ටමක්‌ ද ලැබුණු බව ඇමැතිවරයා කීවේය.

ගුවන් යානා තෙල් තොගය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමෙන් තෙල් සංස්‌ථාවට යම් පාඩුවක්‌ සිදු වී තිබේ දැයි විමසූ විට ඇමැතිවරයා කියා සිටියේ එම මිල ගණන් ගණනය කිරීම තෙල් සංස්‌ථාව විසින් සිදුකරන බවයි.

කෙසේ වෙතත් භූමිතෙල් හා ගුවන් යානා තෙල් අතර එතරම් විශාල වෙනසක්‌ නැති බැවින් ලොකු ප්‍රශ්නයක්‌ නැතැයි ද ඇමැතිවරයා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.