වෙසක්‌ දින රාජ්‍ය උත්සවය අද

උපාලි ද සේරම්, ලසිත දුමින්ද

වෙසක්‌ දින රාජ්‍ය උත්සවය අද (06 වැනිදා) මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස ඓතිහාසික මහමළුවේදී පැවැත්වේ.

සමාරම්භක උළෙල සවස 3.00 ට පැවැත්වෙන අතර උදෑසන සිට දළදා මාලිගාව පූජා භූමියේදී ආගමික වතාවත් සිදු කෙරේ.

ගම්පොල සිට මහ පෙරහැරින් මහ සංඝරත්නය ශ්‍රී දළදා මාලිගයට වැඩම කරවීම, රාජ්‍ය වෙසක්‌ උත්සවය නිමිත්තෙන් නව මුද්දරයක්‌ නිකුත් කිරීම, වෙසක්‌ පහන් කූඩු තරග සහ බැති ගී තරග පැවැත්වීමද සමාරම්භක උළෙලින් පසු සිදුකිරීමට නියමිතය.

වෙසක්‌ දින රාජ්‍ය උත්සවයට සහභාගි වන බැතිමතුන් සුදු වතින් සැරසී පූජා භූමි කලාපයට ඇතුළු වන ලෙස රජය ඉල්ලා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.