ෆොන්සේකා ජාතික රෝහලට

සමන්ත ඉලේපෙරුම

මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා ඊයේ (04 දා) බන්ධනාගාර කොමසාරිස්‌වරයා වෙත නියෝග කළේය.

අදාළ පෞද්ගලික රෝහලේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබන ෆොන්සේකා මහතාට පූර්ණ ආරක්‌ෂාව සැලසීමට නොහැකි බවට බන්ධනාගාර කොමසාරිස්‌ අශෝක හපුආරච්චි මහතා පෞද්ගලිකව පෙනී සිට කරනු ලැබූ දැනුම්දීමක්‌ කෙරෙහි සැළකිළිමත් වෙමින් එසේ නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත ගෙන යනු ලබන හිටපු හමුදාපතිවරයාට රෝහල් අධිකාරිය සමග සාකච්ඡා කර අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.