විනය පරීක්‌ෂණයකට ආවොත් මම පියවර ගන්නවා
- සජිත්


නෝමන් පලිහවඩන

හිටපු ජනාධිපති දිවංගත ආර්.ප්‍රේමදාස මහතා වෙනුවෙන් කොළඹ පැවැති මැයි දින උළෙලට සහභාගි වූ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්‌ෂණයක්‌ ආරම්භ කළහොත් තමා එහිදී නිසි පියවර ගනු ලබන බව එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රෙAමදාස මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

පක්‌ෂයේ අවසරය ලබානොගෙන කොළඹ පැවැති මෙම උත්සවයට සහභාගි වූ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්‌ෂණයක්‌ පවත්වන බවට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට පෙර ප්‍රකාශ කළ ද විනය පිළිබඳ ප්‍රකාශයක්‌ නැවත සිදු නොකියන බව තමාට විශ්වාස යෑයි ද සජිත් ප්‍රෙAමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.