කිරි-ගෑස්‌-සිමෙන්ති මිල ඉහළට

ලසිත දුමින්ද

වහාම ක්‍රියාත්මක වන පරිදි (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි සහ ගෑස්‌ මිල වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර සිමෙන්ති කොට්‌ටයක මිල ද වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව මෙතෙක්‌ රුපියල් 647 කට පැවැති කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 810 ක්‌ද, රුපියල් 264 කට පැවැති ග්‍රෑම් 400 කිsරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 325 ක්‌ ද වනු ඇත.

එසේම ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කර තිබේ.

ඒ අනුව මෙතෙක්‌ පැවැති රුපියල් 2046 ක්‌ව තිබූ ගෑස්‌ සිලින්ඩරය රුපියල් 2396 ක්‌ වනු ඇත.

සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් 70 කින් වැඩි කිරීමට ද අදාළ සමාගම්වලට අවසර ලබා දී ඇත.

අදාළ ගෑස්‌ සමාගම් රුපියල් 907 කින් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් සිදුකළ අධ්‍යයනයකින් පසු මෙසේ රුපියල් 350 කින් වැඩි කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කිලෝග්‍රෑම් එකක කිරි පැකට්‌ටුවක බදු මිල රුපියල් 163 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ටුවක බදු මිල රුපියල් 61 කින් මෙලෙස වැඩි කළේ දේශීය කිරි ගොවියා ශක්‌තිමත් කිරීමේ අරමුණින් බවත් ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04 දා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ළදරු කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලබාදී නොමැති බවත් කී ඇමැතිවරයා ලබන අඟහරුවාදා (08 වැනිදා) ඒ සඳහා පාලන මිලක්‌ නියම කරන බව ද කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.