ඇෆ්ගනිස්‌තානයේ ළමා මනාලියට වධහිංසා කළ
සැමියාගේ ඥතීහු තිදෙනකුට
වසර දහයක සිරදඬුවමක්‌ නියමවේ

ඇෆ්ගනිස්‌තානයේ ළමා මනාලියකට වධහිංසා පැමිණවීම් ගැන ඇගේ සැමියාගේ ඥතීහු තිදෙනකුට දස වසරක සිරදඬුවමක්‌ නියම වී ඇත. සහාර් ගුල් නමැති මෙම පහළොස්‌ හැවිරිදි ළමා මනාලියට බරපතළ ලෙස පහරදී මාස හයක්‌ තිස්‌සේ ඇයව වැසිකිළියක දමා තිබූ බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

එහෙත් මේ දඬුවම ප්‍රමාණවත් නැතැයි කාන්තා හිමිකම් සංවිධාන කියා සිටී.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.