කාන්තාවන් සඳහා තොරතුරු සන්නිවේදනය
ජගත් විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනයේ තේමාවයි....

ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා සමඟ කළ සාකච්ඡාවකි.

අද ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනයයි. "කාන්තාවන් සඳහා තොරතුරු හා සන්නිවේදනය" යන සුවිශේෂී වූ තේමාව සමඟින් අභිමානවත් ලෙස 147 වැනි විදුලි සංදේශ දිනය සමරයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයක්‌ ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශ දිනය ස්‌ථාපනය කිරීම සහ 1865 වර්ෂයේදී ප්‍රථම ජාත්‍යන්තර විදුලි සංදේශ සම්මේලනය පැවැත්වීම සනිටුහන් කරමින් සෑම වසරකම මැයි 17 වැනිදා මෙම දිනය සැමරීමට කටයුතු යොදා ඇත. පසුව 2006 වසරේ නොවැම්බර් මාසයේදී තුර්කියේදී රැස්‌වූ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහ සමුළුවේදී ජාත්‍යන්තර විදුලි සංදේශ දිනය හා තොරතුරු සමාජ දිනය යන අවස්‌ථා දෙකම එකම අවස්‌ථාවක "ජාත්‍යන්තර විදුලි සංදේශ දිනය හා තොරතුරු සමාජ දිනය" ලෙස සැමරීමට තීරණය විණි. ඒ අනුව සාමාජික රටවල් සඳහා වාර්ෂිකව ජාතික වැඩසටහන් මෙහෙයවීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ 68 වැනි යෝජනාවට අනුව යෝජනා කළ බව ප්‍රකාශිතය.

මෙහිදී ශ්‍රී ලංකාව සාමාජික රටවල් 191 කින් සමන්විත ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ද සාමාජිකත්වය හිමි කර ගෙන සිටී. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ දිනය සමරමින් අන්තර්ජාලීය හා එහි සම්පත්වල විශ්වීය වැදගත්කමත්, ආර්ථික හා සමාජ සංවර්ධනයේ ප්‍රවණතාවනුත් සන්නිවේදන තාක්‍ෂණය මගින් අප අවධානයට යොමු කරයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට දුරකථන, රූපවාහිනි, ගුවන්විදුලි යන සියලු ක්‍ෂේත්‍රයන් ආවරණය කරන සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කරනු ලබන ආයතනයකි. මෙරට ක්‍රියාත්මක වන රූපවාහිනි, ගුවන්විදුලි නාලිකාවන්ට සංඛ්‍යාත ලබාදීම හැරුණු විට ජංගම කථන යන්ත්‍ර (Walkitalki) මුහුදු ගමන්වලදී යොදාගන්නා පණිවුඩ හුවමාරු යන්ත්‍ර සඳහා ඇති සංඛ්‍යාතයන්, ජංගම දුරකථන ලබාදීම මේ ආදී වූ බොහෝ දේ පාලනය කිරීම හා නිකුත් කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කාර්යභාරයට අයත්ය.

එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වසරකට බදු වශයෙන් හා සංඛ්‍යාත ගාස්‌තු වශයෙන් ඉතා ඉහළ ආදායමක්‌ භාණ්‌ඩාගාරයට යොමු කරනු ලබයි. ඒ අනුව රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක්‌ ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හැඳින්විය හැකිය.

මේ වන විට මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක්‌ රටේ ජනතාව අතර ජංගම දුර කථන භාවිත වේ. එය ප්‍රතිශතයක්‌ ලෙස ජනතාවගෙන් 90% කට වැඩි ප්‍රමාණයකි. ස්‌ථාවර දුරකථන මිලියන 3.6 ක්‌ පමණ වූ ප්‍රමාණයකි. එමෙන්ම පසුගිය කාලය වන විට පුළුල් පරාසයන්හි (Broad Band) සැළකිය යුතු වර්ධනයක්‌ දක්‌නට ලැබේ. ඒ සා විශාල වර්ධනයක්‌ මේ සියල්ලන්ගෙන්ම අත්පත් කරගෙන තිබුණ ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහතා පවසන්නේ එය මීටත් වඩා වර්ධනීය වූ තත්ත්වයකට ලබන වසර වන විට පත් කර ගත යුතු බවය.

"එමගින් ජාතික ආර්ථික කටයුතු වඩ වඩාත් කාර්යක්‍ෂම වෙනවා."

අනූෂ පැල්පිට මහතා පවසන්නේය.

ඔහු වැඩිදුරටත් කියන්නේ මුල් කාලයේදී ෆැක්‌ස්‌ යන්ත්‍රය, තැපෑල ආදිය භාවිත කරමින් කරන ලද බොහෝ වැඩකටයුතු තොරතුරු තාක්‍ෂණයේ දියුණුව නිසා වඩාත් පහසු හා කාර්යක්‍ෂම ක්‍රියාවලියක්‌ බවට පත්වී ඇති බවය. ඒ නිසාම ජාතික ආර්ථිකයට එය ඉතා සුබ වාදීව බලපා ඇති බවද අනූෂ පැල්පිට මහතා පවසන්නේය. රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සඳහා ලබාදී ඇති සංඛ්‍යාත සම්බන්ධයෙන් මේ වන විට යම් අර්බුදකාරී තත්ත්වයක්‌ මතුව ඇත්තේ සංඛ්‍යාතයන් අතර යම් යම් බාධක ((Jam) මැඩ පැවැත්වීම කෙරෙහිද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

එම සංඛ්‍යාතයන් අවශ්‍ය ප්‍රමාණයට හා ප්‍රමිතියට වඩා නිකුත් කිරීම ඊට හේතුවී ඇත. ඒ සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගන්නේ නම් ඊටත් වඩා පහසුවෙන් හා අඩු පිරිවැයකින් ග්‍රාහකයන්ට සේවාවන් ලබාදීමටත්, ජාතික ආර්ථිකයට තවත් විශාල ආදායමක්‌ ලබාදෙන්නටද හැකිs බව අනූෂ පැල්පිට මහතා පවසන්නේය.

එමෙන්ම ජාතික පුළුල් පරාස (Broad Band) ප්‍රතිපත්තිsයක්‌ හඳුන්වාදීමට ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි. එහි මූලික පිටපත් මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් පවතින බවද අනූෂ පැල්පිට මහතා පවසන්නේය. බොහෝ රටවල පුළුල් පරාස ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව ද අනූෂ පැල්පිට මහතා පවසන්නේය.

"නෙලුම් කුළුණ" ගොඩ නැඟීSමේ කටයුත්තට මූලික වී සිටින්නේද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවයි. එහි මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිකිරීම් සඳහා වූ පස්‌ (SOIL) පරීක්‍ෂා කර අවසන් බව අනූෂ පැල්පිට මහතා පවසන්නේය. නෙලුම් කුළුණ පිහිටුවීමෙන් පසු විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ සියලු දෙනාටම වෙන් වෙන් වශයෙන් කුළුණු පිහිටුවා සිය සේවාව ලබාදෙනවා වෙනුවට, නෙලුම් කුළුණෙහි සිsටම සිය සේවාවන් ලබාදීමේ හැකියාව ලැබෙනු ඇත. මෙය සංචාරක ක්‍ෂේත්‍රයේ ද ආකර්ෂණය දිනාගන්නා ලෙසින් ගොඩනැඟෙන්නකි. මේ ව්‍යාපෘතියට කරනා ලද ආයෝජනයේ, ප්‍රතිලාභයන් මුල්a වසර පහ ඇතුළත ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද අනූෂ පැල්පිට මහතා පවසන්නේය.

මෙවර තේමාව ලෙස යොදා ගන්නා තේමාව වන "කාන්තාවන් සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය" යන්න රැකියාවල නියුතු කාන්තාවන්ටත් වඩා සුවිශේෂ වන්නේ නිවසේ සිටින ගෘහනියන්ටයි. තොරතුරු තාක්‍ෂණය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය රටේ ආර්ථික සංවර්ධනයට සේම සමාජයීය දියුණුවට ද අතිශය වැදගත් දායකත්වයක්‌ සපයනු ඇති බවද නිසැකය.

ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ සන්නිවේදන තාක්‍ෂණයේ වෙනස්‌වීම් ඇතුළු නව ප්‍රවණතා බොහෝමයක්‌ තොරතුරු සන්නිවේදනය තුළ විද්‍යමාන කරයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට වැඩි දායකත්වයක්‌ දක්‌වන ක්‍ෂේත්‍රයක්‌ වන්නේද තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයයි. වර්තමානයෙහි මෙරට සමාජය තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ලබා ඇති වර්ධිත තත්ත්වය ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය සමරණ අද දවසේ වඩාත් වැදගත්කමක්‌ උසුලයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.