හිටපු ඇමරිකානු ජනාධිපති බුෂ් සහ හත්දෙනෙක්‌ යුද අපරාධවලට වරදකරුවන් බව කුවාලම්පුර් යුද අපරාධ අධිකරණය තීන්දු කරයි

මැලේසියාවේ කුවාලම්පූර් යුධ අපරාධ අධිකරණය විසින් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ්, හිටපු උප ජනාධිපති රිචඩ් චෙනි, හිටපු ආරක්‌ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්‌පීල්ඩ් ඇතුළු ඇමරිකානු රාජ්‍ය නිලධාරීහු හත්දෙනෙක්‌ යුධ අපරාධවලට වරදරුවන් යයි තීන්දු කර අත.

ඇෆ්ගනිස්‌ථානය - ඉරාකය සහ ගුන්තනාමෝ බේ සිරකඳවුරේදී සිරකරුවන්ට වධහිංසා පැමිණවිම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබුණි.

වධහිංසාවලට ලක්‌වූ සිරකරුවන් පස්‌දෙනෙක්‌ මෙම නඩු විභාගයේදී සාක්‌ෂි දී ඇත.

හිටපු ජනාධිපති බුෂ්ට හා ඔහුගේ සහයකයන් හත්දෙනාට එරෙහිව දුන් මේ තීන්දුව බටහිර පුවත්පත් විසින් හෙළිකර නැත.

මැලේසියාවේ හිටපු නායක මහතීර් මොහොමඩ් විසින් මෙම ක්‌වාලාලාම්පූර් යුද අපරාධ විනිශ්චය සභාව ආරම්භ කර තිබුණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.