යුරෝපා නව්පර් බලකාය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බෝට්‌ටු පහක්‌ විනාශ කරයි

සෝමාලි වෙරළ සමීපයේ යාත්‍රාකරමින් තිබූ මුහුදු කොල්ලකරුවන්ගේ අධිවේගී බෝට්‌ටු පහක්‌ යුරෝපා ප්‍රහාරක හෙළිකොප්ටර් විසින් විනාශ කර ඇත.

යුරෝපා නව්පර් බලකායට අයත් මේ ප්‍රහාරක හෙළිකොප්ටර් සෝමාලි මුහුදේ නතර කර තිබූ යුරෝපා යුධ නෞකාවකට අයත්වේ. මේ වනවිට සෝමාලි ප්‍රාණඇපකරුවන්ගේ භාරයේ විවිධ රටවලට අයත් නාවිකයන් 300 ක්‌ සිටී.

මේ අතර තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් ප්‍රාණඇපකරුවන්ව මරාදමන බවට මුහුදු කොල්ලකරුවන් විසින් තර්ජනය කොට ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.