2012 මැයි 17 බ්‍රහස්‌පතින්දා

 
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
නිදහස්‌ කරන්නේ කොන්දේසිවලින් තොරව
ෆොන්සේකා ගැන තවමත් සාකච්ඡා
අවසන් තීරණය ඉන් පසු ගත හැකි බව ජනපති කීවේ යෑයි ටිරාන් අලස්‌ කියයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම සම්බන්ධව තවත් කරුණු කිහිපයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති බැවින් එම සාකච්ඡාවලින් පසු ඒ මහතා නිදහස්‌ කළ හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ....

ජලය ඉල්ලා ගිරිතලේ ගොවීහු දිසා ලේකම් කාර්යාලය වටලති
තම කුඹුරුවලට අවශ්‍ය තරම් ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු 1000 කට අධික පිරිසක්‌ ඊයේ (16 දා) උදේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වැටලුහ.

එජාපය සන්නිවේදන බළකායක්‌ පිහිටුවයි
රටේ ඡන්ද මධ්‍යස්‌ථාන දස දහසක්‌ (10,000) ආවරණය වන පරිදි සන්නිවේදන බළකායක්‌ පිහිටුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

අනුරපුර ගුරු මව හා ගුරු පියා පාසල් බිමේ කැත වචන හරඹයක!
අනුරාධපුරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරියක සහ ගුරුවරයකු පාසල් භූමියේදී පෙරේදා (15 වැනිදා) ඉතාමත් අසභ්‍ය වචනයෙන් බැණ ගැනීම නිසා සිසුවියෝ දැඩි අපහසුතාවකට පත් වූහ.

මැදවච්චියේ ගල් කන්දක නිධන් හාරද්දී 7 ක්‌ දැලේ
අනුරාධපුර, මැදවච්චිය, තල්ගහවැව ග්‍රාමයේ වැව් බැම්ම කෙළවරේ පිහිටි ගල් කන්දක්‌ මත නිධන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මැදවච්චිය පොලිසිය විසින් පෙරේදා (15 දා) දවල් අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
රත්තොට පොලිසියේ රාජකාරී කරමින් සිටියදී සිදුකළ බව කියන වංචාවක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ කොස්‌තාපල්වරියන් දෙදෙනකුගේ සහ ග්‍රාමාරක්‍ෂක නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී තිලක්‌ අබේසිරිවර්ධන මහතා කටයුතු කර ඇත.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (16 දා) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා හමුවීමට කොළඹ නවලෝක රෝහලට පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා රෝහලෙන් පිටව ගිය අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ද මෙහි සිටී.
ඡායාරූප - කමල් බෝගොඩ

සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීම රජයට අභියෝගයක්‌ නොවේ
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ වී දේශපාලනයට පිවිසීම රජයට අභියෝගයක්‌ නොවන බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

උතුරු මැද පළාත් සභාව විසුරුවීමේ තහනම ජුනි 6 දා තෙක්‌ දීර්ඝ කරයි
පෙත්සම ගැන තීරණයත් එදිනට
නියමිත නිල කාලය අවසන්වීමට පෙර උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීම වළක්‌වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන ජුනි මස 06 වැනිදා තෙක්‌ දීර්ඝ කළ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය ඊට......

නව විද්වත් කමිටුව පත් කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයේ අවසරය ඉල්ලයි
මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක්‌ අලුතින් සකස්‌ කිරීමට නව විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

 
  • ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දුන් විධානයට රේල්පාර පනිද්දී
    තුඩැල්ල දුම්රිය ස්‌ථානයේදී පාසල් සිසුවා දුම්රියට බිලිවෙයි

    තුඩැල්ල දුම්රිය ස්‌ථානයේ ශබ්ද විකාශනය මගින් දුන් දැනුම්දීමට අනුව දුම්රිය හරස්‌ මාර්ගය පැනීමට ගිය තුඩැල්ල ක්‍රිස්‌තුරාජ ජාතික පාසලේ 7 ශ්‍රේණියේ ෂමින්ද මධුභාෂණ තිලකරත්න (13) දරුවා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී පෙරේදා (14 වැනිදා) මරණයට පත්වීමේ ෙ€දජනක සිද්ධියෙන් ප්‍රදේශයම කම්පාවට පත්ව තිබේ.

 

  • ආර්ථිකයේ විදේශ අංශය යථා තත්ත්වයට පත් වේවි
    අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

    රුපියල පිරිහීමේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පොලී අනුපාත වැඩි කිරීම, බැංකුවල ණය සීමා කිරීම සහ වාහන බදු වැඩි කිරීම ඇතුළුව රජයත්, මහ බැංකුවත් ගත් ක්‍රියාමාර්ග හමුවේ මහජනතාවට යම් යම් පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. මේ නිසා ආර්ථික හා මුල්‍ය අංශවල මෙන්ම සාමාන්‍ය මහජනතාව තුළ ද ආර්ථික කරුණු කාරණා ගැන වෙනදාට වඩා වැඩි අවධානයක්‌ යොමු වී තිබේ. මෙවන් වාතාවරණයක සිදුවූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමේ ගනුදෙනුවද සමාජය තුළ දැඩි ආන්දොaලනයක්‌ ඇති කර තිබේ.

  

  • ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 ක්‌
    නාම ලේඛනය ඇමැති අනුමැතියට

    ලබන ජුනි 9-12 වකවානුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 15 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කිරීමට සුදුසු යෑයි ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පෙරේදා (15 දා) නිර්දේශ කොට ඇත.

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.