සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීම රජයට අභියෝගයක්‌ නොවේ

චමින්ද සිල්වා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ වී දේශපාලනයට පිවිසීම රජයට අභියෝගයක්‌ නොවන බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන්නේද යන්න සහ ඔහු රජයට අභියෝගයක්‌ද යන්න පිළිබඳව ඊයේ (16 වැනිදා) මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වූ ඇමැතිවරයා රජය පෙරළීමට ප්‍රබල විපක්‍ෂයක්‌ තිබිය යුතු බව ජනාධිපතිවරයාගේද අපේක්‍ෂාව බව පැවසීය.

එවැනි ප්‍රබල විපක්‍ෂයක්‌ බිහිවන්නේ නම් රජයේ සංවර්ධන ක්‍රියාවලියද තවත් යහපත් අයුරින් කරගෙන යැමට මැති ඇමැතිවරුන්ට හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.