එජාපය සන්නිවේදන බළකායක්‌ පිහිටුවයි

පියසේන දිසානායක

රටේ ඡන්ද මධ්‍යස්‌ථාන දස දහසක්‌ (10,000) ආවරණය වන පරිදි සන්නිවේදන බළකායක්‌ පිහිටුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත මෙම සන්නිවේදන බළකාය පිහිටුවීමේ කටයුතු පක්‍ෂයේ මාධ්‍ය අංශ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ආරම්භ කොට තිබේ.

සන්නිවේදන බළකාය පිහිටුවීමේ පළමු අදියර යටතේ සෑම ඡන්ද මධ්‍යස්‌ථානයකටම එක්‌ සන්නිවේදන සම්බන්ධීකරණ නිලධාරියකු බැගින් පත්කිරීමටත් දෙවැනි අදියර යටතේ දස දෙනකු බැගින් වූ සන්නිවේදන කමිටු පිහිටුවීමටත් තුන්වැනි අදියරේ ලක්‍ෂයකින් සමන්විත පිරිසක්‌ බළකායට බඳවා ගැනීමටත් සමරවීර මහතා සැලසුම්කර ඇත.

මාධ්‍ය ඔස්‌සේ ජනතාව අතර තොරතුරු බෙදාහැරීම මෙම බළකායේ මූලික අරමුණ වී තිබෙන අතර මෙහි පළමු කණ්‌ඩායම සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් එක්‌ දින වැඩමුළුවක්‌ හෙට (18 දා) පිටකෝට්‌ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්‌ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.