අනුරපුර ගුරු මව හා ගුරු පියා පාසල් බිමේ කැත වචන හරඹයක!

නිලන්ත මදුරාවල

අනුරාධපුරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරියක සහ ගුරුවරයකු පාසල් භූමියේදී පෙරේදා (15 වැනිදා) ඉතාමත් අසභ්‍ය වචනයෙන් බැණ ගැනීම නිසා සිසුවියෝ දැඩි අපහසුතාවකට පත් වූහ.

ඉතාමත් අප්‍රසන්න හා පිළිකුල් සහගත අයුරින් දෙදෙනා දිගු වේලාවක්‌ අසභ්‍ය වචන හුවමාරු කරගත් බව එම පාසල් ආරංචිමාර්ග පැවසීය.

මහින්දාගමනය චිත්‍රපටය පාසලේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් වීමේ කටයුත්තක්‌ සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම අසභ්‍ය වචන හුවමාරුව සිදුවී ඇත. දෙදෙනාගේ මෙම අශෝභන හැසිරීම නතර කිරීමට විදුහල්පතිනිය කිසිදු උත්සාහයක්‌ නොගැනීම ගැන සිසුවියෝ මෙන්ම දෙමව්පියෝද දැඩි කලකිරීමට පත්ව සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.