නව විද්වත් කමිටුව පත් කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයේ අවසරය ඉල්ලයි

නිලන්ත මදුරාවල

මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක්‌ අලුතින් සකස්‌ කිරීමට නව විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මීට පෙර පත්කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ විභාග වන නිසා යළි ඊට අදාළ කමිටුවක්‌ පත් කිරීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගතයුතු යෑයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. ඒ සඳහා අවසරය ලැබුණු පසු කමිටුව පත් කරන බවද නවරත්න මහතා කීවේය.

මෙම කමිටුව පත් කිරීමට අදාළව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක, නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු ද පෙරේදා (15 වැනිදා) සවස සාකච්ඡා කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.