මැදවච්චියේ ගල් කන්දක නිධන් හාරද්දී 7 ක්‌ දැලේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර, මැදවච්චිය, තල්ගහවැව ග්‍රාමයේ වැව් බැම්ම කෙළවරේ පිහිටි ගල් කන්දක්‌ මත නිධන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මැදවච්චිය පොලිසිය විසින් පෙරේදා (15 දා) දවල් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (15 දා) දවල් 12.00 ට පමණ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී නිධන් කොල්ලකරුවන් පැමිණි බව කියන වෑන්රථයක්‌, විදුලි ජනක යන්ත්‍ර 2 ක්‌, උදැල්ලක්‌, අලවංගුවක්‌, කුළුගෙඩියක්‌, යකඩ කටු 2 ක්‌, මුඛ වැසුමක්‌, රසායනික දියර බෝතල් 3 ක්‌ ඇතුළු පූජා භාණ්‌ඩ රැසක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් මිහින්තලේ, වැල්මිල්ල, නුගේගොඩ, පොල්ගස්‌ඕවිට, බණ්‌ඩාරවෙල හා පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී ඇත.

එම සැකකරුවන් ඊයේ (16 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මැදවච්චිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.