මාතලේ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

මාතලේ - නිමල් ගුණතිලක

රත්තොට පොලිසියේ රාජකාරී කරමින් සිටියදී සිදුකළ බව කියන වංචාවක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ කොස්‌තාපල්වරියන් දෙදෙනකුගේ සහ ග්‍රාමාරක්‍ෂක නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී තිලක්‌ අබේසිරිවර්ධන මහතා කටයුතු කර ඇත.

විශේෂ වැටලීම් සම්බන්ධයෙන් ලබා දෙන ත්‍යාග මුදල් වංචනික ලෙස ලබාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් මෙම පොලිස්‌ කාන්තාවන් දෙදෙනාට සහ ග්‍රාමාරක්‍ෂක නිලධාරියාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කිරීමෙන් පසු නිලධාරීන් තිදෙනා මාතලේ පොලිසියට තාවකාලිකව මාරුකර යවා තිබිණි. එහිදී කළ පරීක්‍ෂණ වලින් පසු මෙම නිලධාරිනියන් දෙදෙනා සහ ග්‍රාමාරක්‍ෂක නිලධාරියා වැඩ තහනමට ලක්‌ කිරීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා කටයුතු කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.