දික්‌වැල්ල ලුණුකලපුවේ දේවාලයකට ගිනි තියලා
සැකකරුවෝ දෙදෙනෙක්‌ දැලේ

එල්. නිමල් හේමසිරි රදම්පල

දික්‌වැල්ල ලුනුකලපුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක්‌ ගිsනිගෙන විනාශ වී ඇතැයි දික්‌වැල්ල පොලිසිය පවසයි.

ශ්‍රී භද්‍රකාලි අම්මා ඊස්‌වර දේවාලය නමින් හැඳින්වෙන මෙම දේවාලය ගිනි තබා ඇතැයි දේවාලයේ භාරකාරත්වය සැකකරන අතර ඒ අනුව සැකකරුවන් දෙදෙනකු දික්‌වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවකු සොයා පරීක්‍ෂණ පැවැත්වෙයි.

භද්‍රකාලී දේව ප්‍රතිමාවේ වර්ණාලේප විනාශවී ඇති අතර කළුවර ලීයෙන් තනන ලදැයි පැවසෙන බුද්ධ ප්‍රතිමාවද අළුවී අඟුරු බවට පත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දික්‌වැල්ල පොලිසිය වැ. බ. ස්‌ථානාධිපති වික්‌ටර් ජාතුංගආරච්චි මහතාගේ උපදෙස්‌ පරිදි උප පරීක්‍ෂක අබේසේකර, උප පරීක්‍ෂක අජන්ත පුෂ්පකුමාර, පො. සැ. අමරදාස (11844) යන නිලධාරීන් පිරිස සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.