බ්‍රිතාන්‍ය කොටි ජාලයෙන් බකිංහැම් මාළිගයට පෙත්සම්
ජනපති මහින්දට කළ ඇරයුමට එරෙහිව

කීර්ති වර්ණකුලසුරිය

ජුනි 2 වැනිදා ආරම්භ වන බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිනගේ 60 වැනි පදවි ප්‍රාප්ත සංවත්සරයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීම වැළැක්‌වීම සඳහා බ්‍රිතාන්‍ය කොටි ජාලය විසින් පෙත්සම් දහස්‌ ගණනක්‌ බකිංහැම් මාළිගය වෙත යවා ඇත.

මේ පෙත්සම් යෑවීම ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍ය කොන්සර්වැටිව් පක්‍ෂයේ ද්‍රවිඩ ආධාරකරුවන් යයි හඳුන්වන සංවිධානයේ ප්‍රධානි අර්ජුන් සිවනාදන් නමැත්තායි.

එලිසබත් රැජින විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට කළ ඇරයුම ගැන බ්‍රිතාන්‍ය කොටි ජාලය හා මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.