බන්ධනාගාර රැඳවියන්ගේ ක්‍රිකට්‌ තරගාවලියක්‌

''නෝමන් පලිහවඩන''

ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම බන්ධනාගාරවල රැඳවියන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට්‌ ශූරතා තරගාවලියක්‌ ලබන 18 වැනිදා පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.''බන්ධනාගාරවල පසුවෙන ක්‍රිකට්‌ ක්‍රීඩාවට දක්‍ෂ ක්‍රීඩකයන් තෝරා මෙම ක්‍රිකට්‌ තරගය ආරම්භ කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ (ක්‍රියාකාරී) අශෝක හපුආරච්චි මහතා "දිවයින"ට පැවසීය.''මෙම ක්‍රිකට්‌ කණ්‌ඩායම් ඒ ඒ බන්ධනාගාරවල රැඳවියන් තෝරා ගෙන ආරම්භකර ඇතැයිද පැවසේ.''මෙම ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රහණ ලබන කණ්‌ඩායමට ත්‍යාග වශයෙන් කුසලාන සහ තුවා සබන් දත් බෙහෙත් වැනි උපකරණ පිරිනැමෙන බව බන්ධනාගාර කොමසාරිස්‌ හපුආරච්චි මහතා කීවේය.''දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබ රැඳවියන්ද මෙම ක්‍රිකට්‌ කණ්‌ඩායම්වලට සම්බන්ධවී ඇත.

 
Powered By -

'සීමාසහිත උපාලි පුවත්පත් සමාගම'අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.