ගල්මුරුව රෝහල් හන්දිය අසළ දී
දියණිය සමග පාපැදියෙන් ආ එක්‌දරු මව ටිපර් රථයට බිලි
දියණියට සුළු තුවාල

ප්‍රියරංග ඉලංගමුදලි, පී. සී. හෙට්‌ටිආරච්චි

මාදම්පේ - කුලිsයාපිටිය මාර්ගයේ ගල්මුරුව රෝහල් හන්දිය අසළ සිදුවූ අනතුරකින් එක්‌දරු මවක්‌ මරණයට පත් විය.
පසුගියදා පස්‌වරු 1.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් මරණයට පත්වූයේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි තිස්‌තුන් හැවිරිදි තමරා කුමාරි නමැති කාන්තාවකි. ටිපර් රථයක්‌ මරණයට පත්වූ කාන්තාව හා ඇගේ දියණිය ගමන් ගත් පාපැදියේ ගැටී ඇත. පසුපසින් පැමිණි ටිපර් රථය පාපැදියේ ගැටීමත් සමග පෙර පාසල් වයසේ පසුවන දියණිය මාර්ගයෙන් ඉවතට විසිවී ඇති අතර ඇය සුළු තුවාල ලබා තිබේ. දැරිය, පෙර පාසලේ සිට නිවස කරා රැගෙන යැමේදී මෙම අනතුරට ඔවුන් ලක්‌ව තිබේ.
බරපතළ තුවාල ලබා සිටි කාන්තාව ගල්මුරුව රෝහලට ඇතුළත් කළ අතර පසුව හලාවත මූලික රෝහලට යවා තිබේ. හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මරණයට පත්වී තිබේ. ටිපර් රථය ඇයගේ ශරීරය මතින් ගමන් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ටිපර් රථය හා රියෑදුරු අත්අඩංගුවට ගෙන හලාවත අධිකරණයට ඉදිරිපත් කළ අතර අනතුර පිළිබඳව මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.