කන්තලේ ඇඟලුම් හලක්‌ හිටි හැටියේ වසා දාලා
සේවක සේවිකාවන්ට යන එන මං නෑ

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

කන්තලේ ප්‍රදේශයේ තරුණ තරුණියන් 400 කට පමණ ආදායම් මාර්ගයක්‌ සපයන ඔස්‌ප්‍රේ ක්‌ලෝතීන් පුද්ගලික සමාගමක ඇඟළුම් කම්හලක්‌ හිටි හැටියේම පසුගියදා වසා දැමීම නිසා දැන් තමන් මහත් අසීරුතාවට පත්ව ඇතැයි එහි සේවය කළ තරුණ තරුණියෝ පැවසූහ.
අපේ ශ්‍රමයට හරියාකාරව වැටුපක්‌ නොලැබුණත් ගෙදරට බරක්‌ නොවී ජීවත්වීමටත්, පවුලේ ආර්ථිකයට සොච්චමක්‌ හෝ එකතු කිරීමටත්, තමන්ට අවශ්‍ය කරන ආභරණ ආදිය සාදාගැනීමටත් යන තරුණු මුල්කරගෙනයි අපි මේ ගාමන්ට්‌ එකේ රක්‍ෂාවට ආවේ. ඒකත් ටික කලකින්ම නැවතුනා. මේ කන්තලේ ගාමන්ට්‌ එක වහපු තුන්වන අවස්‌ථාව. ගාමන්ට්‌ එක වසා දැම්මා කියන්නෙ අපේ අතපය කැඩුව වගේ.ZZ ඒ සේවක සේවිකාවන්ගේ දුක්‌ගැනවිලිය.
ගාමන්ට්‌ එකේ සේවක සේවිකාවන් 400 ක්‌ පමණ සිටියත් දිනපතාම අඩුම තරමින් සේවක සේවිකාවන් 100 ක්‌ රැකියාවට එන්නේ නෑ. මේ නිසා අපිට සිදුවන්නේ හරිම පාඩුවක්‌. දිනපතාම සේවක සේවිකාවන්ගේ පැමිණීම මේ මට්‌ටමින් තමයි පවතින්නේ. ඉතින් අපිට ලැබෙන ආදායම පඩි නඩි ගෙවන්ඩ යනවා. අනෙක්‌ සියලු දේ කිරීමට වෙන්නේ අතින්. අපි මේ ගැන පුළුල් සාකච්ඡාවක්‌ කොට යළි විවෘත කිරීම සඳහා සලකා බලනවා. මේ එහි උසස්‌ නිලධාරියකු අප සමග පැවසූ දේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.