වසා දැමූ පමුණුගම පාසල් දන්ත සායනයට "දිවයින" ප්‍රවෘත්තිය සෙතක්‌

පමුණුගම - එස්‌. කේ. ෙ-. කුරේරා

පමුණුගම හා අවට පාසල් ගණනාවකම විවිධ දක්‍ෂතාවලින් පීඩා විඳි සිසු දරුවන්ට වසර පණහක පමණ කාලයක්‌ තිස්‌සේ අමිල සේවයක්‌ ඉටුකළ පමුණුගම ප්‍රාථමික මහ විදුහලට අනුබද්ධ පාසල් දන්ත සායනය දින නියමයක්‌ නැතිව වසා දැමීම නිසා සිසු දරුවන්ට විවිධ දුෂ්කරතා විඳීමට සිදුවිය.
දුගී අසරණ දරුවන්ගේ දන්ත සෞඛ්‍යය ආරක්‍ෂාකර සෙත සැලසීම සඳහා මෙය වහාම විවෘත කළ යුතුව ඇති බව "දිවයින" මගින් වරින්වර පෙන්වාදීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ අවධානයට ලක්‌වීමෙන් පසුව රුපියල් ලක්‍ෂ දෙකක ප්‍රතිපාදන යොදා අලුත්වැඩියා කොට යළි විවෘත කිරීම ගැන මෙරිල් මහතාට සිසු දරුවන්ගේ ප්‍රණාමය හිමිවන බව පමුණුගම මහ විදුහල්පති අනුර ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රාථමික විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ජූඩ් නික්‌ලස්‌ පියතුමා විසින් දන්ත සායනය ආසිරි ගැන්වීමෙන් පසුව මෙරිල් පෙරේරා මහතා විසින් පීත්ත පටිය කපා සායනය විවෘත කරනු ලැබිණි. වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජූඩ් ක්‍රිස්‌ටෝපර් මහතාද මෙම අවස්‌ථාවට සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.