උසස්‌ පොලිස්‌ නිලධාරීන් 19 දෙනකුට මාරුවීම්

හේමන්ත රන්දුණු

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන්, පොලිස්‌ අධිකාරිවරුන් සහ සහකාර පොලිස්‌ අධිකාරිවරුන් 19 දෙනෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.

සේවා අවශ්‍යතාවන් මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මාරු කර යෑවූ නිලධාරීන් මෙසේය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි බී. එම්. ඩූල් මහතා පොලිස්‌ වෛද්‍ය සේවා කොට්‌ඨාසයේ සිට කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති තාක්‍ෂණ සංවර්ධන ව්‍යාපෘති, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජී. එච්. වල්ගම, පොලිස්‌පති අණදෙන මැදිරියේ සිට පොලිස්‌ ගොඩනැඟිලි කොට්‌ඨාශයේ අධ්‍යක්‍ෂ ලෙස මාරුකර ඇත.

මාරු කර යෑවූ පොලිස්‌ අධිකාරිවරුන් මෙසේය. එස්‌. ජී. මැදවත්ත මහතා පොලිස්‌ ගොඩනැඟිලි කොට්‌ඨාසයේ සිට පොලිස්‌පති අණදෙන මැදිරියේ අධ්‍යක්‍ෂ, එස්‌. ඩබ්ලිව් වයි. බී. එස්‌. බී. බැද්දෙවෙල මත්ද්‍රව්‍ය නාශක අංශයේ සිට, ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයට, ඩී. එම්. එම්. පුස්‌සැල්ල කොළඹ උතුර සිට ප්‍රජා පොලිස්‌ කෝට්‌ඨාශය අධ්‍යක්‍ෂ, ඡේ. ඒ. සෝමසිරි කුරුණෑගල සිට කොළඹ උතුර කොට්‌ඨාසයට මාරු කර යවා තිබේ.

මාරු වීම් ලැබු සහකාර පොලිස්‌ අධිකාරිවරුන් වන්නේ ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. සී. ප්‍රේමසිරි කෑගල්ල කොට්‌ඨාසයේ සිට මහනුවරට, ඩබ්ලිව්. එස්‌. ඡේ. බී. විඡේරත්න මහනුවර කොට්‌ඨාසයේ සිට බණ්‌ඩාරවෙලට, කේ. එම්. යූ. බී. කළුපහන බණ්‌ඩාරවෙල සිට කෑගල්ල කොට්‌ඨාසයට, ටී. එම්. ඡේ. පී. තෙන්නකෝන් වාලච්ෙච්න සිට කල්මුණ දිස්‌ත්‍රික්‌කයට, එම්. එන්. එස්‌. මෙන්ඩිස්‌ කල්මුණ සිට එරාවුල් පොලිස්‌ පරිපාලන දිස්‌ත්‍රික්‌කයට, එම්. බී. ඒ. එස්‌. රත්නසූරිය එරාවූර් පිට වාලච්ෙච්න, ඊ. එස්‌. දයාරත්න හලාවත සිට වෙන්නප්පුව පොලිස්‌ පරිපාලන දිස්‌ත්‍රික්‌කයට මාරු කර යවා තිබේ.

සහකාර පොලිස්‌ අධිකාරි ඩී. ඩබ්ලිව්. ඩබ්ලිව්. රාජපක්‍ෂ පුත්තලම සිට අම්පාර දිස්‌ත්‍රික්‌කයට. පී. එස්‌. එච්. සූරිය ආරච්චි සීතාවකපුර සිට පුත්තලම කොට්‌ඨාසයට ඩබ්ලිව්. එස්‌. පී. ද සිල්වා අම්පාර සිට සීතාවකපුර කොට්‌ඨාසයට ඩී. හේවාවිතාරණ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයේ සිට පොළොන්නරුවට, යූ. පී. එච්. ප්‍රේමසිරි පොළොන්නරුවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පරිපාලන පුද්ගලික සහකාර, පී. ජී. ජිනදාස ඇල්පිටිය පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ සිට කළුතර පොලිස්‌ විද්‍යාලයට මාරු කර යවා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.