යුද්ධයේ බිහිසුණු අත්දැකීම් කිසිදා අමතක නොවනු ඇත
- බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී එම්. එම්. එම්. අම්ජාඩ්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සියලුම ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ජාතික සමගිය හා සංහිඳියාවේ අවශ්‍යතාව, වැදගත්කම හා වගකීම පිළිබඳව පෙන්වා දෙමින් ලබාදුන් තීන්දුව රටේ ජාතික සමගිය ආදරය කරන සියලු දෙනාගේම ප්‍රශංසාවට පාත්‍රවන බව කළුතර ශ්‍රී. ල. නි. ප. දිස්‌ත්‍රික්‌ සංවිධායක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී වරලත් ඉංජිනේරු එම්. එම්. එම්. අම්ජාඩ් මහතා කියා සිටී.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

පුරා අවුරුදු 30 ක්‌ ජාතිවාදි බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ දස දහස්‌ ගණන් ජීවිත හා දේපල විනාශ කරමින් ජනතාව අවතැන් කරමින්, පූජනීය ස්‌ථානවල ට පහර දෙමින්, අපගේ ඇස්‌ පනාපිටම ලැබූ ඒ අතිශය භයානක අත්දැකීම් කිසි දිනක අමතක නොවනු ඇත.

ඒ යුගය නිමා කර සාමයේ සිහිනය සැබෑ කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සේනාධි නායක ලෙස ජාත්‍යන්තර බලවේග හමුවේ නොසැලී සෘජු තීන්දුවක්‌ ලබාදෙමින් යුද්ධය ජයග්‍රාහී මාවතට යොමු කරමින් ඒ ලැබූ ජයග්‍රහණය අද අපි භුක්‌ති විඳිමින් සිsටිමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.