මාරවිල අතිරේක දිසා විනිසුරුගේ නිල නිවසට බෝම්බ ප්‍රහාරයක්‌

මාදම්පේ - කමල් ප්‍රියංකර, පල්ලම - අමිල බුද්ධික

මාරවිල, මුහුදුකටුව ප්‍රදේශයේ ඇති මාරවිල අතිරේක දිසා විනිසුරු චන්දන කලන්සූරිය මහතාගේ නිල නිවසට ඊයේ (16 වැනිදා) රාත්‍රි 8.45 ට පමණ අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී ඇත.

කෙසේ වෙතත් එම බෝම්බය පුපුරා ගොස්‌ නැති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. සිද්ධිය සම්බන්ධව මාරවිල පොලිසිය විසින් විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.