හලාවත මූලික රෝහලෙන් ලබාගත් එන්නතක්‌ විෂ වී වෛද්‍යවරිය මියයයි

මාදම්පේ - කමල් ප්‍රියංකර සහ පල්ලම - අමිල බුද්ධික

හලාවත මහ රෝහලේ බාහිර රෝගීන් ඇතුළත්කර ගන්නා ප්‍රාථමික ඒකකයේ සේවය කරන වෛද්‍යවරියක එම ඒකකයෙන්ම ලබාගත් එන්නතක්‌ විෂවීමෙන් මියගොස්‌ ඇත.

ඊයේ (16 වැනිදා) උදේ මෙම වෛද්‍යවරියට තිබූ ආසාධන තත්ත්වයක්‌ හේතුවෙන් එම රෝගය සුවකර ගැනීමට එන්නතක්‌ ඇය සේවය කළ ප්‍රාථමික සත්කාර ඒකකයෙන් විදගෙන ඇත.

පසුව සේවාව අවසන්වී නිවසට පැමිණි අවස්‌ථාවේදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය රෝහල්ගත කොට ඇති අතර පසුව රෝහලේදී ඇය මියගොස්‌ තිබේ. මෙසේ මියගොස්‌ ඇත්තේ එස්‌. නිරූපන් නමැති විවාහක වෛද්‍යවරියකි.

ඇයගේ මරණය පිළිබඳව හලාවත පොලිසිය හා රෝහල් නිලධාරීන් විශේෂ පරීක්‍ෂණ සිදුකරමින් සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.